යෙරෙමියා 3:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 “ඒ කාලයේදී යූදා සෙනඟ ඊශ්‍රායෙල් සෙනඟ සමඟ+ එක්සත්ව+ උතුරු දේශයෙන් පිටත්ව ඇවිත්, මා ඔවුන්ගේ මුතුන්මිත්තන්ට උරුමයක් ලෙස දුන් දේශයේ වාසය කරනු ඇත.+ එසකියෙල් 37:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 “මනුෂ්‍ය පුත්‍රය, ගසක දිගටි අත්තක් ගෙන,+ ‘යූදා සහ ඔහුගේ සහෝදරයන්* වූ ඊශ්‍රායෙල් සෙනඟ සඳහාය’ කියා ඒ මත ලියන්න.+ තවත් දිගටි අත්තක් ගෙන, ‘යෝසෙප් සහ ඔහුගේ සහෝදරයන් වූ මුළු ඊශ්‍රායෙල් සෙනඟ සඳහා වූ+ එෆ්‍රායිම්ගේ අත්ත’ කියා ඒ මත ලියන්න.+ හොෂෙයා 1:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 “‘මෙතැන් පටන් මම ඔබව මාගේ සෙනඟ ලෙස පිළි නොගන්නෙමි’+ කියා පැවසූ ස්ථානයේදීම, ‘ජීවමාන දෙවිගේ පුත්‍රයන්’+ ලෙස ඔබව හඳුන්වන කාලයක් පැමිණෙයි. ඒ කාලයේදී, ඊශ්‍රායෙල්වරුන්ගේ ගණන බොහෝ සෙයින් වැඩි වන්නේය. ඔවුහු කිරා මැන බලන්නවත් ගණන් කරන්නවත් බැරි මුහුදු වෙරළේ වැලි මෙන් වනු ඇත.+
18 “ඒ කාලයේදී යූදා සෙනඟ ඊශ්‍රායෙල් සෙනඟ සමඟ+ එක්සත්ව+ උතුරු දේශයෙන් පිටත්ව ඇවිත්, මා ඔවුන්ගේ මුතුන්මිත්තන්ට උරුමයක් ලෙස දුන් දේශයේ වාසය කරනු ඇත.+
16 “මනුෂ්‍ය පුත්‍රය, ගසක දිගටි අත්තක් ගෙන,+ ‘යූදා සහ ඔහුගේ සහෝදරයන්* වූ ඊශ්‍රායෙල් සෙනඟ සඳහාය’ කියා ඒ මත ලියන්න.+ තවත් දිගටි අත්තක් ගෙන, ‘යෝසෙප් සහ ඔහුගේ සහෝදරයන් වූ මුළු ඊශ්‍රායෙල් සෙනඟ සඳහා වූ+ එෆ්‍රායිම්ගේ අත්ත’ කියා ඒ මත ලියන්න.+
10 “‘මෙතැන් පටන් මම ඔබව මාගේ සෙනඟ ලෙස පිළි නොගන්නෙමි’+ කියා පැවසූ ස්ථානයේදීම, ‘ජීවමාන දෙවිගේ පුත්‍රයන්’+ ලෙස ඔබව හඳුන්වන කාලයක් පැමිණෙයි. ඒ කාලයේදී, ඊශ්‍රායෙල්වරුන්ගේ ගණන බොහෝ සෙයින් වැඩි වන්නේය. ඔවුහු කිරා මැන බලන්නවත් ගණන් කරන්නවත් බැරි මුහුදු වෙරළේ වැලි මෙන් වනු ඇත.+