2 එසේ කරන අතරවාරයේදී අපගේ විශ්වාසයට ප්රධාන ලෙස දායක වන+ එය පූර්ණ තත්වයකට ගෙනෙන තැනැත්තා+ වන යේසුස් දෙස මහත් ඕනෑකමින් බලා සිටිමු. මන්ද ඔහු තමාට තිබුණු ප්රීතිමත් අපේක්ෂාව නිසා ලැජ්ජාව නොතකා වධකණුවක මරණය පවා වින්දේය.+ එතැන් පටන් ඔහු දෙවිගේ සිංහාසනයේ දකුණු පැත්තේ අසුන්ගෙන ඇත.+