නික්මයාම 7:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 එහෙත් ඊට කලින් ඔහු තම සිත මුරණ්ඩු කරගන්නේය. ඔහුට එසේ කිරීමට මම ඉඩහරින්නෙමි.+ ඉන්පසු මම ඊජිප්තු දේශයේදී බොහෝ ලකුණු පෙන්වන්නෙමි. දේශය පුරා බොහෝ ආශ්චර්යයන්ද සිදු කරන්නෙමි.+ නික්මයාම 8:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 යෙහෝවා දෙවි මෝසෙස්ට තවදුරටත් මෙසේ කීවේය. “‘ඊජිප්තු දේශය මැඩියන්ගෙන් පිරී යන පිණිස එහි ඇළදොළ,* ගංගා හා පොකුණු දෙසට ඔබේ සැරයටිය+ දිගු කරන්න’ කියා ආරොන්ට කියන්න.” නික්මයාම 9:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔවුහු පෝරණුවකින් අළු ගෙන පාරාවෝ ඉදිරියට ගියෝය. මෝසෙස් ඒ අළු අහසට විසි කළේය. එවිට මනුෂ්‍යයන්ගේ හා සතුන්ගේ ශරීර පුරා සැරව ගෙඩි+ හටගත්තේය. ගීතාවලිය 105:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 ඔවුහු දෙදෙනා දෙවි දුන් ලකුණු ඊජිප්තුවරුන්ට පෙන්වූවෝය.+හාම් දේශයේදී ඔවුහු ආශ්චර්යයන් සිදු කළෝය.+
3 එහෙත් ඊට කලින් ඔහු තම සිත මුරණ්ඩු කරගන්නේය. ඔහුට එසේ කිරීමට මම ඉඩහරින්නෙමි.+ ඉන්පසු මම ඊජිප්තු දේශයේදී බොහෝ ලකුණු පෙන්වන්නෙමි. දේශය පුරා බොහෝ ආශ්චර්යයන්ද සිදු කරන්නෙමි.+
5 යෙහෝවා දෙවි මෝසෙස්ට තවදුරටත් මෙසේ කීවේය. “‘ඊජිප්තු දේශය මැඩියන්ගෙන් පිරී යන පිණිස එහි ඇළදොළ,* ගංගා හා පොකුණු දෙසට ඔබේ සැරයටිය+ දිගු කරන්න’ කියා ආරොන්ට කියන්න.”
10 ඔවුහු පෝරණුවකින් අළු ගෙන පාරාවෝ ඉදිරියට ගියෝය. මෝසෙස් ඒ අළු අහසට විසි කළේය. එවිට මනුෂ්‍යයන්ගේ හා සතුන්ගේ ශරීර පුරා සැරව ගෙඩි+ හටගත්තේය.