නික්මයාම 19:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔබ මට පූජකයන්ගෙන් යුත් රාජ්‍යයක් හා ශුද්ධ ජාතියක් වන්නේය.’+ ඔබ මේ සියල්ල ඊශ්‍රායෙල් සෙනඟට කියන්න.” යොහන් 4:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඔබ නමස්කාර කරන්නේ හරියට කාරණා තේරුම්ගෙන නොවෙයි.+ නමුත් අපේ නමස්කාරය පදනම් වී තිබෙන්නේ නිවැරදි අවබෝධය මතයි. මන්ද ගැලවෙන ආකාරය මුලින්ම එළිදරව් කළේ යුදෙව්වරුන්ටයි.+ තීතස් 1:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මා මෙම ලිපිය ලියන්නේ අප හා සමාන විශ්වාසයක් ඇති සැබෑ පුත්‍රයෙකු+ වන තීතස් වෙතටය. පියාණන්+ වන දෙවිගෙන්ද අපගේ ගැලවුම්කරු+ වන ක්‍රිස්තුස් යේසුස්ගෙන්ද ඔබට මහත් කරුණාවත් සමාදානයත් ලැබේවා! හෙබ්‍රෙව් 2:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 අපට ලැබෙන ගැලවීම ගැන මුලින්ම කතා කළේ අපගේ ස්වාමීන්ය.+ ඔහුට සවන් දුන් අය එය සත්‍යයක් බව අපට සනාථ කළෝය.+ එසේනම් මෙතරම් ශ්‍රේෂ්ඨ ගැලවීමක්+ ගැන අප නොසැලකිලිමත්ව කටයුතු කළොත්+ අපට දඬුවම් නොලැබෙයි කියා පැවසිය හැක්කේ කෙසේද?+ 1 පේතෘස් 2:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 නමුත් ඔබ, “තෝරාගත් ජනතාවක්, රාජකීය පූජක පන්තියක්, ශුද්ධ ජාතියක්+ සහ දෙවිට විශේෂයෙන් අයිති වූ තෝරාගත් සෙනඟක්”+ වන්නහුය. එසේ වන්නේ ඔබව අන්ධකාරයෙන් ඉවතට ගෙන තම බැබළෙන ආලෝකයට කැඳවූ තැනැත්තාණන්ගේ,+ “ශ්‍රේෂ්ඨ ගතිගුණ සෑම තැනකම ප්‍රකාශ කිරීම” සඳහාය.+ 2 පේතෘස් 1:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 1 මෙම ලිපිය ලියන්නේ යේසුස් ක්‍රිස්තුස්ගේ දාසයෙකු+ සහ නියෝජිතයෙකු*+ ලෙස සේවය කරන සීමොන් පේතෘස්ය. අපගේ දෙවිගේද ගැලවුම්කරු වන යේසුස් ක්රිස්තුස්ගේද+ ධර්මිෂ්ඨකම පදනම් කරගෙන+ අප හා සමානව ගෞරවයක් ලබමින්+ සත්‍ය ඉගැන්වීම් පිළිගෙන සිටින අය වෙත මෙසේ ලියමි.
22 ඔබ නමස්කාර කරන්නේ හරියට කාරණා තේරුම්ගෙන නොවෙයි.+ නමුත් අපේ නමස්කාරය පදනම් වී තිබෙන්නේ නිවැරදි අවබෝධය මතයි. මන්ද ගැලවෙන ආකාරය මුලින්ම එළිදරව් කළේ යුදෙව්වරුන්ටයි.+
4 මා මෙම ලිපිය ලියන්නේ අප හා සමාන විශ්වාසයක් ඇති සැබෑ පුත්‍රයෙකු+ වන තීතස් වෙතටය. පියාණන්+ වන දෙවිගෙන්ද අපගේ ගැලවුම්කරු+ වන ක්‍රිස්තුස් යේසුස්ගෙන්ද ඔබට මහත් කරුණාවත් සමාදානයත් ලැබේවා!
3 අපට ලැබෙන ගැලවීම ගැන මුලින්ම කතා කළේ අපගේ ස්වාමීන්ය.+ ඔහුට සවන් දුන් අය එය සත්‍යයක් බව අපට සනාථ කළෝය.+ එසේනම් මෙතරම් ශ්‍රේෂ්ඨ ගැලවීමක්+ ගැන අප නොසැලකිලිමත්ව කටයුතු කළොත්+ අපට දඬුවම් නොලැබෙයි කියා පැවසිය හැක්කේ කෙසේද?+
9 නමුත් ඔබ, “තෝරාගත් ජනතාවක්, රාජකීය පූජක පන්තියක්, ශුද්ධ ජාතියක්+ සහ දෙවිට විශේෂයෙන් අයිති වූ තෝරාගත් සෙනඟක්”+ වන්නහුය. එසේ වන්නේ ඔබව අන්ධකාරයෙන් ඉවතට ගෙන තම බැබළෙන ආලෝකයට කැඳවූ තැනැත්තාණන්ගේ,+ “ශ්‍රේෂ්ඨ ගතිගුණ සෑම තැනකම ප්‍රකාශ කිරීම” සඳහාය.+
1 මෙම ලිපිය ලියන්නේ යේසුස් ක්‍රිස්තුස්ගේ දාසයෙකු+ සහ නියෝජිතයෙකු*+ ලෙස සේවය කරන සීමොන් පේතෘස්ය. අපගේ දෙවිගේද ගැලවුම්කරු වන යේසුස් ක්රිස්තුස්ගේද+ ධර්මිෂ්ඨකම පදනම් කරගෙන+ අප හා සමානව ගෞරවයක් ලබමින්+ සත්‍ය ඉගැන්වීම් පිළිගෙන සිටින අය වෙත මෙසේ ලියමි.