මතෙව් 24:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 එවිට මනුෂ්‍ය පුත්‍රයාගේ ලකුණ+ අහසේ පෙනෙයි. එවිට පොළොවේ වාසය කරන සියලු ගෝත්‍ර ශෝකයෙන් තම පපුවට ගසාගනියි.+ බලයෙන්ද මහත් තේජසින්ද යුතුව අහසේ වලාකුළු මත පැමිණෙන මනුෂ්‍ය පුත්‍රයාව ඔවුන් දකියි.+ මතෙව් 25:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 එවිට සියලු ජාතීන් ඔහු ඉදිරියට රැස් කරනු ලබයි.+ ඉන්පසුව එඬේරෙකු එළුවන්ගෙන් බැටළුවන් වෙන් කරන්නා සේ+ ඔහු මිනිසුන්ව වෙන් කරයි.+ 2 කොරින්ති 5:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මන්ද අප සියලුදෙනාටම ක්‍රිස්තුස්ගේ විනිශ්චයාසනය ඉදිරියේ පෙනී සිටීමට සිදු වනු ඇත.+ එවිට තම ශරීරය නමැති වාසස්ථානයේ සිටින විට කළ යහපත් දේවලට හෝ නපුරු දේවලට අනුව එකිනෙකාට ප්‍රතිඵල ලැබෙනු ඇත.+ එෆීස 1:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔහුගේ අරමුණ ඉටු වීම සඳහා ඔහු නියමිත කාල සීමාවක් පුරා දිව යන+ යම් වැඩපිළිවෙළක්+ ක්‍රියාත්මක කළේය. එමගින් ස්වර්ගයෙහි+ හා පොළොවෙහි+ තිබෙන සියල්ල නැවතත් ක්‍රිස්තුස් යටතේ+ එක්සත් කරනු ලැබේ.+ ඒ සියල්ල එක්සත් කරනු ලබන්නේ ක්‍රිස්තුස් යටතේය. 1 තෙසලෝනික 4:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 මන්ද ස්වාමීන්, දෙවිගේ හොරණෑව අතැතිව+ ස්වර්ගයෙන් බැස එයි.+ ඒ අවස්ථාවේදී අග්‍රදේවදූතයා+ වන ඔහුගේ හඬද ඔහු නිකුත් කරන අණද ඇසෙයි. එවිට මුලින්ම නැඟිටුවනු ලබන්නේ ක්‍රිස්තුස් සමඟ එකට බැඳී සිටින මිය ගිය අයවයි.+
30 එවිට මනුෂ්‍ය පුත්‍රයාගේ ලකුණ+ අහසේ පෙනෙයි. එවිට පොළොවේ වාසය කරන සියලු ගෝත්‍ර ශෝකයෙන් තම පපුවට ගසාගනියි.+ බලයෙන්ද මහත් තේජසින්ද යුතුව අහසේ වලාකුළු මත පැමිණෙන මනුෂ්‍ය පුත්‍රයාව ඔවුන් දකියි.+
32 එවිට සියලු ජාතීන් ඔහු ඉදිරියට රැස් කරනු ලබයි.+ ඉන්පසුව එඬේරෙකු එළුවන්ගෙන් බැටළුවන් වෙන් කරන්නා සේ+ ඔහු මිනිසුන්ව වෙන් කරයි.+
10 මන්ද අප සියලුදෙනාටම ක්‍රිස්තුස්ගේ විනිශ්චයාසනය ඉදිරියේ පෙනී සිටීමට සිදු වනු ඇත.+ එවිට තම ශරීරය නමැති වාසස්ථානයේ සිටින විට කළ යහපත් දේවලට හෝ නපුරු දේවලට අනුව එකිනෙකාට ප්‍රතිඵල ලැබෙනු ඇත.+
10 ඔහුගේ අරමුණ ඉටු වීම සඳහා ඔහු නියමිත කාල සීමාවක් පුරා දිව යන+ යම් වැඩපිළිවෙළක්+ ක්‍රියාත්මක කළේය. එමගින් ස්වර්ගයෙහි+ හා පොළොවෙහි+ තිබෙන සියල්ල නැවතත් ක්‍රිස්තුස් යටතේ+ එක්සත් කරනු ලැබේ.+ ඒ සියල්ල එක්සත් කරනු ලබන්නේ ක්‍රිස්තුස් යටතේය.
16 මන්ද ස්වාමීන්, දෙවිගේ හොරණෑව අතැතිව+ ස්වර්ගයෙන් බැස එයි.+ ඒ අවස්ථාවේදී අග්‍රදේවදූතයා+ වන ඔහුගේ හඬද ඔහු නිකුත් කරන අණද ඇසෙයි. එවිට මුලින්ම නැඟිටුවනු ලබන්නේ ක්‍රිස්තුස් සමඟ එකට බැඳී සිටින මිය ගිය අයවයි.+