ගීතාවලිය
දාවිත් රචනා කළ ගීතයකි.
110 යෙහෝවා දෙවි මාගේ ස්වාමීන්ට මෙසේ කීවේය.+
“මා ඔබේ සතුරන්ව ඔබේ පා පුටුව ලෙස තබන තුරු+
මාගේ දකුණු පැත්තේ හිඳගන්න.”+
2 යෙහෝවා දෙවි සියොන්හි+ සිට තම බලවත් රාජ යෂ්ටිය+ එවන්නේය.
දෙවි මෙසේ කියන්නේය. “ඔබේ සතුරන්ව යටත් කරගන්න.”+
3 ඔබ ඔබේ හමුදාව සමඟ යුද්ධයට පැමිණෙන දවසේදී+ ඔබේ සෙනඟ+ කැමැත්තෙන්ම ඉදිරිපත් වන්නෝය.+
හිමිදිරි උදයේ පතිත වන පිනි මෙන්+
ඔබේ තරුණයෝ ශුද්ධකමින්+ සැරසී ඔබ වෙතට එන්නෝය.
4 “ඔබ මෙල්කිසදෙක් හා සමානව+ පූජකයෙක් ලෙස සදහටම සේවය කරන්නෙහිය”+ කියා
යෙහෝවා දෙවි දිවුරා පොරොන්දු වුණේය.+
ඔහු ඒ ගැන කනගාටු නොවන්නේය.+
5 යෙහෝවා දෙවි ඔබේ දකුණු පැත්තේ සිටින්නේය.+
ඔහු තම උදහස ප්රකාශ කරන දවසේදී රජවරුන්ව කැබලි කර සුනුවිසුනු කරන්නේය.+