තීතස්
3 ආණ්ඩුවල බලධාරීන්ට කීකරුව+ යටත්ව සිටීමටත්+ ඕනෑම යහපත් ක්‍රියාවක් කිරීමට සූදානම් වී සිටීමටත්+ ඔවුන්ට නිරතුරුවම සිහිගැන්විය යුතුයි. 2 එලෙසම කිසිවෙකු ගැන නින්දාසහගත ලෙස කතා නොකිරීමටත් නිතරම ආරවුල්වලට පැටලෙන අය නොවීමටත්+ සාධාරණව කටයුතු කිරීමටත්+ සියලුදෙනා සමඟ නිතරම මෘදුකමින් කටයුතු කිරීමටත්+ ඔවුන්ට සිහිගන්වන්න. 3 වරක් අප පවා කටයුතු කළේ අඥාන හා අකීකරු අය ලෙසය. අප නොමඟ ගොස් සිටි අතර විවිධාකාර ආශාවන් හා තෘෂ්ණාවලට වහල් වී සිටියෙමු. එමනිසා නොයෙක් ආකාරයේ නපුරු දේවල් කරමින් ඊර්ෂ්‍යාවෙන් කටයුතු කළ අපි, එකිනෙකාට වෛර කරමින් පිළිකුල්සහගත ජීවිතයක් ගත කළෙමු.+
4 නමුත් ගැලවීම සලසා දෙන+ අපගේ දෙවි මිනිසුන් වෙනුවෙන් කරුණාව+ සහ ප්‍රේමය පෙන්වූ විට,+ 5 ගැලවීමට මඟක් අපට ලැබිණ. එය අප කළ+ ධර්මිෂ්ඨ ක්‍රියා නිසා ලැබුණු දෙයක් නොවේ.+ ඔහු අපට පෙන්වූ දයාව නිසා ලැබුණු දෙයකි.+ එහෙයින් අපව දියෙන් සෝදා පිරිසිදු කරන්නා සේ+ ඔහු අපව පවිත්‍ර කර අපට අලුත් ජීවිතයක් ලබා දී+ ඔහුගේ බලයෙන් අපව අලුත් කළේය.+ 6 ඔහු ඒ බලය අපගේ ගැලවුම්කරු වන යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් අපට ඉතා ත්‍යාගශීලීව ලබා දුන්නේය.+ 7 ඔහු එසේ කළේ තම මහත් කරුණාවෙන්+ අපව ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කළ පසු+ සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව+ නමැති උරුමය සතු පුද්ගලයන් වීමේ ප්‍රස්තාව+ අපට උදා කර දීම සඳහාය.
8 ඉහත සඳහන් දේවල් සැබෑය.+ එහෙයින් ඒ දේවල් ගැන ඔබ නිසැකකමින් යුතුව නිරතුරුවම කතා කරනවාට කැමැත්තෙමි. එසේ කිරීමෙන් දෙවි කෙරෙහි විශ්වාසය තබා සිටින අය තම මනස් යහපත් ක්‍රියා වෙනුවෙන් යොමු කර තබනු ඇත.+ එයින් සියලුදෙනාටම යහපතක් හා ප්‍රයෝජනයක් සැලසෙයි.
9 නමුත් කිසි තේරුමක් නැති වාදවිවාදවලින්,+ පෙළපත් ගැන සොයා බැලීමට කාලය ගැනීමෙන්,+ අඬදබරවලින්,+ නීතිය ගැන ඇති වන මතභේදවලින් වැළකී සිටින්න.+ එවැනි දේවල් කිසි ප්‍රයෝජනයක් නැති පුහු දේවල්ය. 10 යම් කෙනෙක් ඔබ අතරෙහි බොරු ඉගැන්වීම් පතුරනවා නම්+ ඔහුට එක් වරක් පමණක් නොව දෙවරක් වුවත් උපදෙස් සහ මඟ පෙන්වීම් ලබා දෙන්න.+ ඔහු ඒ දේ පිළිගන්නේ නැත්නම් ඔහුව සම්පූර්ණයෙන්ම ඈත් කරන්න.+ 11 මන්ද එවැනි කෙනෙක් නොමඟ ගොස් ඇති බවත් ඔහු පව් කරන බවත් ඔහු කරන දෙයින් ඔහු වරදකරුවෙකු කියා ඔප්පු වන බවත් ඔබ දන්නෙහිය.+
12 මා දැනට තීරණය කර තිබෙන්නේ නිකපොලිසියෙහි ශීත කාලය ගත කිරීමටය.+ මම ඔබ වෙතට ආටිමස්ව හෝ තිකිකස්ව+ එවන්නෙමි. ඉන්පසු ඔබ මා ළඟට පැමිණීම සඳහා උපරිම උත්සාහයක් දරන්න. 13 නීතිය ගැන මනා දැනුමක් ඇති සේනස් සහ අපොලොස් යෑමට සූදානම් වන ගමනට අවශ්‍ය සෑම දෙයක්ම නොඅඩුව සපයා දීමට වගබලා ගන්න.+ 14 නමුත් ඔවුන්ට අත්‍යවශ්‍ය දේ ලබා දීමෙන් යහපත් දේවල් කිරීමට අපගේ සහෝදරයනුත් ඉගෙනගත යුතුයි.+ එවිට ඔවුන් කරන සේවයෙන් හොඳ ප්‍රතිඵල ලැබෙනු ඇත.+
15 මා සමඟ සිටින සියලුදෙනාම ඔවුන්ගේ සුබ පැතුම් ඔබට මේ සමඟ එවති.+ අපට මහත් සෙනෙහසක් දක්වන සත්‍ය ඉගැන්වීම්වලට ඇලී සිටින සියලුදෙනාට මගේ සුබ පැතුම්ද ලබා දෙන්න.
ඔබ සියලුදෙනාටම දෙවිගේ මහත් කරුණාව ලැබේවා!+