සංගීත අධ්‍යක්ෂක වෙතය. තත් භාණ්ඩ වාදනය කරමින් පහළ ස්වරයෙන් ගායනා කිරීම සඳහාය.+ දාවිත් රචනා කළ ගීතයකි.
6 යෙහෝවා දෙවියනි, කෝපයෙන් මට තරවටු නොකරන්න.+
කේන්තියෙන් මට දඬුවම් නොකරන්න.+
2 යෙහෝවා දෙවියනි, මම විඩාබරව සිටින්නෙමි. එබැවින් මට කරුණාව පෙන්වන්න.+
යෙහෝවා දෙවියනි, බියෙන් සිටින මාගේ ඇටකටු පවා වෙවුලන්නේය. එබැවින් මට සුවයක් ලබා දෙන්න.+
3 මම බොහෝ සෙයින් කැලඹී සිටින්නෙමි.+
යෙහෝවා දෙවියනි, මා තව කොපමණ කාලයක් මෙසේ දුක් විඳින්නද?+
4 යෙහෝවා දෙවියනි, නැවත මා ළඟට පැමිණ+ මාගේ ජීවිතය ගලවාගන්න.+
ඔබ මහත් ප්‍රේමයකින් පිරි දෙවි කෙනෙක් නිසා මාව බේරාගන්න.+
5 මිය ගිය අයට ඔබ ගැන කතා කළ හැකිද?+
මිනී වළේ සිටින කිසිවෙකුට ඔබට ප්‍රශංසා කළ හැකිද?+
6 හඬා වැලපී මම හෙම්බත්ව සිටිමි.+
මාගේ කඳුළුවලින් යහන තෙත් වී ඇත.+
රාත්‍රිය පුරා මා හෙළන කඳුළෙන් මාගේ යහන පෙඟී ඇත.+
7 ශෝකය නිසා මාගේ ඇස් මලානික වී ඇත.+
හිරිහැර කරන්නන් නිසා මාගේ දෑස් අඳුරු වී ඇත.+
8 දුෂ්ටකම් කරන සියල්ලෙනි, මාගෙන් ඉවත් වන්න.+
යෙහෝවා දෙවි මාගේ හැඬීමට නිසැකවම සවන් දෙනු ඇත.+
9 කරුණාව පෙන්වන්න කියා මා කරන ඉල්ලීමට යෙහෝවා දෙවි නිසැකවම සවන් දෙනු ඇත.+
යෙහෝවා දෙවි මා කරන යාච්ඤාව පිළිගනු ඇත.+
10 මාගේ සියලු සතුරෝ ක්ෂණයකින් ලැජ්ජාවට පත් වනු ඇත.+ ඔවුහු බොහෝ සෙයින් කැලඹෙනු ඇත.
ලැජ්ජාවට පත් වූ ඔවුන්ට ආපසු හැරී යෑමට සිදු වනු ඇත.+