ගීතාවලිය
යෙදූතුන්*+ සංගීත අධ්යක්ෂක වෙතය. දාවිත් රචනා කළ ගීතයකි.
39 “එක වචනයකින්වත් පව් නොකිරීමට+
මම වගබලා ගන්නෙමි.+
දුෂ්ටයෙකු මා ඉදිරියේ සිටින තාක් කල්+
මාගේ කට නොඅරින පිණිස මම කටකලියාවක් දමාගන්නෙමි” කියා කීවෙමි.+
4 “යෙහෝවා දෙවියනි, මාගේ ජීවිතය කොතරම් ඉක්මනින් අවසන් වෙයිද කියාත්+
මට හිමි වී ඇති දින ගණන කොතරම් ස්වල්පද කියාත් දැනගැනීමට මට උපකාර කරන්න.+
එවිට මාගේ ජීවිත කාලය කොතරම් කෙටිද කියා මට වටහාගත හැක.+
5 බලන්න! මා ජීවත් වන්නේ ස්වල්ප දවසකි.+
මාගේ ආයු කාලය ඔබට නොදැනෙන තරම්ය.+
මිනිසා කොතරම් ශක්තිමත්ව සිටියත් පලක් නැත. මන්ද ඔහු ගසාගෙන යන සුළඟක් මෙනි.+ සීලාහ්.
6 මිනිසා වෙනස් වන සෙවණැල්ලක් මෙනි.+
ඔවුහු නිකරුණේ කලබලෙන් ක්රියා කරති.+
තමන් රැස් කරන දේවල් කාට උරුම වෙයිද කියාත් ඔවුහු නොදනිති.+
9 ඔබ මේ සියල්ල සිදු වීමට අවසර දී තිබෙන නිසා+
මම නිහඬව සිටියෙමි.+ කිසි වචනයක්වත් නොකියා මම කට පියාගෙන සිටියෙමි.+
10 ඔබ මට විඳීමට ඉඩහැරිය පීඩා මාගෙන් ඉවත් කරන්න.+
මන්ද ඔබ මට විරුද්ධව ක්රියා කරන නිසා මාගේ අවසානය ළං වී ඇත.+
11 මිනිසෙකු වරදක් කළ විට ඔහුව නිවැරදි කිරීමට ඔබ ඔහුට දඬුවම් කරන්නෙහිය.+
ඔහු ආශාවෙන් රැකගත් දේ ඔබ කාවෙකු මෙන් කා දමන්නෙහිය.+
සෑම මිනිසෙකුම ගසාගෙන යන සුළඟක් මෙනි.+ සීලාහ්.