ගීතාවලිය
සංගීත අධ්යක්ෂක වෙත. යෙදූතුන්.*+ දාවිත් රචනා කරපු ගීතයක්.
දුෂ්ටයෙක් මගේ ඉස්සරහා ඉන්න තාක් කල්
මං කටකලියාවක් දාගෙන ඉන්නවා”+ කියලා මං කිව්වා.
හොඳ දෙයක් ගැනවත් මං කතා කළේ නැහැ.
ඒත් මගේ හදවතට දැනුණ වේදනාව මට දරාගන්න බැරි වුණා.
3 මගේ හදවත දැවෙමින් තිබුණා.
වුණ දේ ගැන හිතන්න හිතන්න* ගින්න තවත් ඇවිළුණා.
ඒ නිසා මං මෙහෙම කිව්වා.
4 “අනේ යෙහෝවා, මගේ ජීවිතේ අවසන් වෙන්නේ කොහොමද කියලත්
මට ජීවත් වෙන්න තව කොච්චර දවසක් තියෙනවාද කියලත් තේරුම්ගන්න මට උදව් කරන්න.+
එතකොට මගේ ජීවිතේ කොයි තරම් කෙටිද කියලා තේරුම්ගන්න මට පුළුවන් වෙයි.
මිනිසුන් කොයි තරම් සුරක්ෂිතව හිටියත්
ඔවුන්ගේ ජීවිත නිකම්ම නිකම් හුස්ම පොදක් වගෙයි.+ (සීලාහ්)
6 මිනිසාගේ ජීවිතේ ගෙවිලා යන්නේ සෙවණැල්ලක් වගෙයි.
ඔවුන් නිකරුණේ එහේ මෙහේ දුවනවා.*
වස්තු රැස් කළත් ඒවා කාට උරුම වෙයිද කියලවත් ඔවුන් දන්නේ නැහැ.+
7 යෙහෝවා දෙවියනි, එහෙනම් මම දැන් බලාපොරොත්තු තියන්නේ මොනවා මතද?
මගේ එකම බලාපොරොත්තුව ඔබයි.
8 මගේ හැම වරදකින්ම මාව නිදහස් කරන්න.+
මට නින්දා කරන්න අනුවණ කෙනාට ඉඩ දෙන්න එපා.
9 මම නිහඬව හිටියා.
කිසිම දෙයක් නොකියා කට පියාගෙන හිටියා.+
මොකද මේ හැම දෙයක්ම වෙන්න ඉඩහැරලා තියෙන්නේ ඔබයි.+
10 අනේ, ඔබ මට විඳින්න දුන්න පීඩාව මගෙන් අයින් කරන්න.
ඔබ මට දීපු දඬුවම නිසා මං හොඳටම හෙම්බත් වෙලා.
11 මිනිසෙක් වරදක් කළාම ඔබ ඔහුට දඬුවම් කරලා ඔහුව නිවැරදි කරනවා.+
කාවෙක් දේවල් කාලා දානවා වගේ ඔහු ප්රිය කරන දේවල් ඔබ විනාශ කරලා දානවා.
මිනිසාගේ ජීවිතේ නිකම්ම නිකම් හුස්ම පොදක් වගෙයි.+ (සීලාහ්)
මං කඳුළු සලද්දී අහක බලන් ඉන්න එපා.
මොකද මං ඔබ ඉස්සරහා ඉන්නේ විදේශිකයෙක් වගෙයි.+
මගේ මුතුන්මිත්තන් වගේ මාත් ටික කාලෙකට ඇවිත් යන අමුත්තෙක් විතරයි.+
13 දෙවියනි, මං දිහා කේන්තියෙන් බලන්න එපා.
එතකොට මැරෙන්න කලින් මට ටිකක් හරි සතුටින් ඉන්න පුළුවන්.”