ගීතාවලිය
සංගීත අධ්‍යක්ෂක වෙතය. දාවිත් රචනා කළ ගීතයකි.
11 මාගේ රක්ෂස්ථානය යෙහෝවා දෙවිය.+
එසේනම් මනුෂ්‍යයෙනි, “කුරුල්ලෙකු මෙන් ඔබේ කන්දට ඉක්මනින් පලා යන්න”
කියා ඔබ මට පවසන්නේ මන්ද?+
2 “බලන්න! දුෂ්ටයෝ ඔවුන්ගේ දුන්න අතට ගනිති.+
ඊතල සූදානම් කරගනිති.
අඳුරු තැනක සැඟවී සිට ප්‍රතිපත්තිගරුක අයට පහර දීමට ඔවුහු සූදානමින් සිටිති.+
4 යෙහෝවා දෙවි ඔහුගේ ශුද්ධ මාලිගාවේ සිටින්නේය.+
යෙහෝවා දෙවිගේ සිංහාසනය ස්වර්ගයේය.+
ඔහුගේ දෙනෙත් මනුෂ්‍යයන් දෙසට යොමු වී තිබෙන්නේය. ඔහු ඔවුන්ව සෝදිසි කර බලන්නේය.+
5 යෙහෝවා දෙවි ධර්මිෂ්ඨයාව මෙන්ම දුෂ්ටයාවද සෝදිසි කර බලන්නේය.+
සැහැසියාවට කැමැත්තක් දක්වන අයට ඔහු ද්වේෂ කරන්නේය.+