යෝබ්
3 ඌට අනුකම්පා කරන මෙන් ඌ ඔබෙන් බැගෑපත්ව ඉල්ලයිද?
එසේත් නැත්නම්, ඌ ඔබට මිහිරි වචන පවසයි කියා ඔබ සිතනවාද?
4 හැමදාටම ඔබේ සේවකයා වන බවට
ඌ ඔබ සමඟ ගිවිසුමක් ඇති කරගනියිද?
5 සුරතලයට ඇති කරන කුරුල්ලෙකු සමඟ විනෝද වෙන්නාක් මෙන් ඔබ ඌ සමඟ විනෝද වෙයිද?
ඔබ ඌව ගැටගසා සෙල්ලම් කිරීම සඳහා ඔබේ කුඩා දැරියන්ගේ අතට දෙයිද?
6 වෙළඳපොළේදී ඌව දී වෙනත් භාණ්ඩයක් ලබාගත හැකිද?
මිනිසුන් ඌව අල්ලා, කොටස්වලට කපා තම තමන් අතරේ බෙදාගනියිද?
8 ඌ මත අත තැබුවොත් ඌ සමඟ පොර බදින්න සිදු වන බව ස්ථිරය.
ඔබ යළි කිසි දිනක ඌට අත නොතබන බවත් ස්ථිරය.
9 ඌව මෙල්ල කිරීමට උත්සාහ කළොත් ඔබ අසාර්ථක වන බව නිසැකය.
මන්ද ඌ දෙස බැලූ පමණින් ඔබ බියෙන් සලිත වනු ඇත.
11 අහස්තලය යට ඇති සියල්ල අයිති මටය.+
එසේනම්, මා කාගෙන් හෝ යමක් ලබාගෙන ඔහුට ණයගැතිව සිටිනවා කියා පැවසිය හැකිද?+
12 උගේ සිරුරේ හැඩය ගැනත්
උගේ සවි ශක්තිය ගැනත් එක් එක් අංග ලක්ෂණ ගැනත් මා කතා කළ යුතුය.
13 උගේ පිට වස්ත්‍රය ගැලවිය හැක්කේ කාටද?
උගේ කට ළඟට යන්න තරම් එඩිතර වන්නේ කවුද?
14 උගේ විශාල හකු විවර කළ කෙනෙකු සිටීද?
භයංකර දත් පෙළක් ඌ සතුය.
15 උගේ අහංකාරකමට හේතු වන්නේ උගේ විශාල කොරපොතුය.
ඒවා මුද්‍රාවකින් වසා තැබුවාක් මෙන් උගේ ඇඟටම ඇලී තිබේ.
16 උගේ කොරපොතු අතරින් සුළඟටවත් ගමන් කළ නොහැකිය.
මන්ද ඒවා එකිනෙකට ඉතා ළංව පිහිටා තිබේ.
17 ඒවා වෙන් කිරීමට නොහැකි වන සේ
එකිනෙකට යා වී තිබේ.
18 ඌ කිවිසුම් හරින විට එළියක් දිස් වෙයි.
උගේ ඇස් හිමිදිරි ආලෝකය මෙන් බැබළෙයි.
19 උගේ මුඛයෙන්
ගිනිදලුද ගිනිපුපුරුද නික්මෙයි.
20 උදුනක පිදුරු ඇවිළෙන්නාක් මෙන්
උගේ නාසයෙන් දුම් පිට වෙයි.
21 උගේ හුස්මට ගිනිඅඟුරු ඇවිළෙයි.
කටින් ගිනි නික්මෙයි.
22 උගේ ගෙල ඉතා ශක්තිමත්ය.
ඌ ඉදිරියෙහි සියල්ලෝ අසරණ වෙති.
23 උගේ උදරයේ මස් පිඩු ඉතා තදය.
ඒවා කිසි ලෙසකින්වත් නොසෙල්වෙයි.
24 උගේ හදවත ගලක් මෙන් දැඩිය.
එය ඇඹරුම් ගලක් මෙනි.
28 ඊතලයකින් ඌව පන්නා දැමිය නොහැකිය.
ගල්පටියකින්+ විදින ගල්, ඌට පිදුරු ගහක් ඇඟේ වදින්නාක් මෙන් දැනෙයි.
31 ඌ ජලය තුළට කිඳා බසින විට ජල කඳ කැලතෙයි.
එය වතුර නටන කල්දේරමක් මෙන්ද රත් වෙන තෙල් බඳුනක් මෙන්ද වෙයි.
32 ඌ ඇවිද ගිය මඟ දිලිසෙයි.
එය හරියට පැසුණු කෙස් රොදක් මෙන් දිස් වෙයි.
33 භීතිය කුමක්දැයි නොහඳුනන ඌ හා
සමාන සතෙක් මිහිපිට නැත.
34 ඌ සද්දන්තයන් ඉදිරියේ වුවද නොසැලෙයි.
ඉතා තේජාන්විත සතුන් අතරේ වුවද ඌ රජෙකු ලෙස වැජඹෙයි.”