සංගීත අධ්යක්ෂක වෙතය. දාවිත් රචනා කළ ගීතයකි.
20 ඔබේ විපත්ති කාලයේදී යෙහෝවා දෙවිගෙන් ඔබට පිළිතුරු ලැබේවා!+
යාකොබ්ගේ දෙවිගේ නාමය ඔබට ආරක්ෂාවක් වේවා!+
2 ශුද්ධස්ථානයේ සිට ඔහුගෙන් ඔබට උපකාර ලැබේවා!+
සියොන්හි සිට ඔබව ශක්තිමත් කරනු ලැබේවා!+
3 ඔබ ඔප්පු කළ තෑගි පූජා සියල්ල ඔහු සිහි කරනු ලැබේවා!+
ඔබේ දවන පූජා ඔහු පිළිගනු ලැබේවා!+ සීලාහ්.
4 ඔබේ සිතේ ආශාව ඔහු ඉටු කරනු ලැබේවා!+
ඔබේ සියලු සැලසුම් ඔහු සාර්ථක කරනු ලැබේවා!+
5 ඔබට ලැබුණු ගැලවීම නිසා අපි ප්රීති ඝෝෂා නඟන්නෙමු.+
අපේ දෙවිගේ නාමය අපි ගෞරවයට පත් කරන්නෙමු.+
ඔබේ සියලු ඉල්ලීම් යෙහෝවා දෙවි ඉටු කර දෙනු ලැබේවා!+
6 යෙහෝවා දෙවි තම අභිෂේක ලත් තැනැත්තාව අනිවාර්යයෙන්ම ගලවන බව දැන් මම දනිමි.+
දෙවිගේ ශුද්ධ වාසස්ථානය වන ස්වර්ගයේ සිට දෙවි ඔහුට පිළිතුරු දෙන්නේය.+
දෙවි තම හස්තයෙන් බලවත් ක්රියා කර ඔහුට ගැලවීම ලබා දෙන්නේය.+
7 සමහරු තමන් සතු අශ්ව රථ ගැනද තවත් සමහරු අශ්වයන් ගැනද ආඩම්බරයෙන් කතා කළෝය.+
නමුත් අපි අපේ දෙවිගේ නාමය ගැන එනම්, යෙහෝවා යන ඔහුගේ නාමය ගැන එකිනෙකා සමඟ කතා කළෙමු.+
8 ඔවුහු පරාජය වී වැටුණෝය.+
නමුත් අපි ස්ථිරව නැඟිට සිටියෙමු.+
9 අනේ යෙහෝවා දෙවියනි, රජුව බේරාගන්න!+
අප හඬගසන දවසේදී දෙවි අපට පිළිතුරු දෙන්නේය.+