හෙබ්‍රෙව්
6 එහෙයින් අප ක්‍රිස්තුස්+ පිළිබඳ මූලික+ ඉගැන්වීම් පසු කර ඉදිරියට පැමිණ සිටින නිසා අවබෝධයෙන් ක්‍රියා කරන අය වීමට දැඩි උත්සාහයක් දරමු.+ නැවතත් අත්තිවාරමක් දැමීම සඳහා අවශ්‍යතාවක් නැත.+ එහෙයින් කලින් කළ නිෂ්ඵල ක්‍රියා ගැන පසුතැවිලි වීම,+ දෙවි කෙරෙහි විශ්වාසය පෙන්වීම,+ 2 විවිධ බව්තීස්මයන්,+ අත් තැබීම,+ මිය ගිය අයගේ නැවත නැඟිටීම,+ අවසාන විනිශ්චය+ යනාදි දේ ගැන නැවත ඉගෙනගත යුතු නැත. 3 එසේනම් දෙවිගේ උපකාරයෙන් අවබෝධයෙන් ක්‍රියා කරන අය වීමට අපි දැඩි උත්සාහයක් දරමු.+
4 දෙවිගෙන් ආලෝකයද+ දෙවිගෙන්* ලැබෙන දීමනාවද+ දෙවිගේ බලයද,+ 5 දෙවි පවසන අනර්ඝ දේද මතු පැමිණෙන කාලයේ* ආශීර්වාදද+ රස බලා ඇති අය,+ 6 සත්‍ය මාර්ගයෙන් ඉවත්ව ගියොත්+ පසුතැවිලි වීම සඳහා ඔවුන්ව පියවි සිහියට ගත නොහැක.+ මන්ද ඔවුන් කරන දේ දෙවිගේ පුත්‍රයාව නැවත වධකණුවක ඇණ ගසා ඔහුව ප්‍රසිද්ධියේ නින්දාවට පත් කිරීම හා සමානය.+ 7 උදාහරණයකට වැසි වැස නිතරම තෙත් වන පොළොව ගැන සිතන්න. එලෙස වැසි ඇද හැළීම නිසා වගා කටයුතු කරන අයට හොඳ පලදාවක් නෙළාගත හැකි වේ.+ එහෙයින් එයට දෙවිගේ ආශීර්වාද ලැබෙන බව පැවසිය හැක. 8 නමුත් එයින් කටු පඳුරු හා වල් පැළෑටි හටගනී නම් එය ප්‍රතික්ෂේප කරනු ලබන අතර වැඩි කල් නොගොස් වගා කටයුතු කරන තැනැත්තාගේ ශාපයට එය ලක් වී+ අවසානයේදී පුලුස්සනු ලැබේ.+
9 නමුත් ප්‍රේමණීය සහෝදරයෙනි, එවැනි දේවල් ඔබට කීමට සිදු වුණත් ඔබ වඩාත් හොඳ තත්වයක සිටින බව අපට නිසැකය. ඒ තුළින් ගැලවීම ලබාගැනීමට ඔබට හැකියාවක් තිබෙන බව අපට පෙනේ. 10 මන්ද ඔබ කළ සේවය හා දෙවිගේ නාමය කෙරෙහි ඔබ පෙන්වූ ප්‍රේමය අමතක කිරීමට තරම් දෙවි අධර්මිෂ්ඨ කෙනෙක් නොවේ.+ ඔබ ශුද්ධ තැනැත්තන් වෙනුවෙන් සේවය කර තිබෙනවා+ පමණක් නොව එසේ දිගටම සේවය කරමින් සිටින ආකාරයද පැහැදිලිව පෙනේ. 11 ඔබේ උනන්දුව දිගටම පවත්වාගන්න. එසේ කිරීමෙන් ඔබේ බලාපොරොත්තුව+ සැබවින්ම ඉටු වන බවට අවසානය දක්වාම+ පූර්ණ නිසැකකමින් සිටීමට+ ඔබට පුළුවන. 12 ඒ නිසා කම්මැළි නොවන්න.+ විශ්වාසයකින් හා ඉවසීමකින් කටයුතු කර පොරොන්දු වූ දේවල ඉටු වීම අද්දකින අයව+ අනුකරණය කරන්න.+
13 දෙවි ආබ්‍රහම්ට පොරොන්දුව දුන් විට+ තමාට වඩා උතුම් කෙනෙකු නැති නිසා තමාගේම නාමයෙන් දිවුරා,+ 14 මෙසේ පැවසුවේය. “මම ඔබට අනිවාර්යයෙන්ම ආශීර්වාද කරන්නෙමි. මම ඔබෙන් පැවතෙන්නන්ව බොහෝ සෙයින් වැඩි කරන්නෙමි.”+ 15 ආබ්‍රහම් ඉවසීමෙන් කටයුතු කළ පසු ඔහුට ඒ පොරොන්දුව ලැබිණ.+ 16 මිනිස්සු සාමාන්‍යයෙන් පොරොන්දු දෙන්නේ තමන්ට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙකුගේ නාමයෙන් දිවුරමිනි.+ ඔවුන් කළ දිවුරුම පොරොන්දුව ඉටු වන බව පිළිගැනීමට සහතිකයක් වන නිසා ඒ ගැන මතු වන ඕනෑම සැකයක් දුරු වේ.+ 17 එලෙසම දෙවි තමන් කළ පොරොන්දුව දිවුරුමක් මගින් සහතික කළේය. එසේ කළේ තම පොරොන්දුවට උරුමකම් කියන අයට+ තම අරමුණ වෙනස් නොවන බව+ වඩාත් පැහැදිලිව තහවුරු කිරීම සඳහාය. 18 ඒ අනුව දෙවි කිසි ලෙසකින්වත් බොරු නොකියන බව+ ඔප්පු කරන එම ක්‍රම දෙක* මාර්ගයෙන් දෙවිගේ රක්ෂස්ථානයට පලා ඇවිත් සිටින අපට මහත් දිරිගැන්වීමක් ලබාගත හැකි අතර අප ඉදිරියේ තබා ඇති බලාපොරොත්තුව තදින් අල්ලාගැනීමටද අපට හැකි වේ.+ 19 අපට තිබෙන ඒ බලාපොරොත්තුව+ අපගේ ජීවිතය නමැති නැවට නැංගුරමක් හා සමානය. එය ස්ථිරය. ඒ ගැන කිසි සැකයක් තබාගත යුතු නැත. ඒ බලාපොරොත්තුව මාර්ගයෙන් අපට තිරය පසු කරගෙන යා හැක.+ 20 අපට කලින් අප උදෙසා කෙනෙක් ඒ තිරය පසු කර ඇතුල් වී ඇත.+ ඒ මෙල්කිසදෙක් මෙන් සදහටම උත්තම පූජකයෙක් වී සිටින යේසුස්ය.+