යෙසායා
62 සියොන්හි ධර්මිෂ්ඨකම දීප්තිමත්ව බැබළෙන තුරු+ මම නිහඬ නොවෙමි.+ යෙරුසලමෙහි+ ගැලවීම දැල්වෙන පහනක් මෙන් දිස් වන තුරු+ මම නිශ්චල නොවෙමි.
2 “ස්ත්‍රිය,+ ජාතීන් ඔබේ ධර්මිෂ්ඨකමද+ රජවරු ඔබේ තේජසද දකිනු ඇත.+ යෙහෝවා දෙවිම ඔබට පවරන අලුත් නමකින් ඔබව හඳුන්වනු ලබයි.+ 3 ඔබ යෙහෝවා දෙවිගේ අතේ තිබෙන අලංකාර ඔටුන්නක් මෙන්ද+ ඔබේ දෙවිගේ අතේ තිබෙන රාජකීය හිස්පළඳනාවක් මෙන්ද වන්නෙහිය. 4 යළි කෙදිනකවත් ඔබ අත්හරිනු ලැබූ තැනැත්තියක්යයි නොකියන්නේය.+ ඔබේ දේශය පාළුවට ගිය ස්ථානයක් කියාද කිසිවෙක් නොකියන්නේය.+ ඒ වෙනුවට ඔබව, ‘මාගේ ප්‍රීතිය’+ ලෙසද ඔබේ දේශය, ‘මාගේ භාර්යාව’ ලෙසද හඳුන්වනු ඇත. මන්ද යෙහෝවා දෙවි ඔබ ගැන ප්‍රීති වෙයි. ඔබේ දේශයද භාර්යාවක් ලෙස භාරගනු ඇත.+ 5 තරුණයෙකු කන්‍යාවක තම භාර්යාව ලෙස භාරගන්නා සේම ඔබේ පුත්‍රයෝද ඔබව භාර්යාවක සේ භාරගන්නෝය.+ මනාලයෙකු තම මනාලිය ගැන ප්‍රීති වන්නා සේම+ ඔබේ දෙවිද ඔබ ගැන බොහෝ සෙයින් ප්‍රීති වෙයි.+ 6 ‘යෙරුසලම, මම ඔබේ පවුරු පිට මුරකරුවන් තැබුවෙමි.+ ඔවුන් දිවා රෑ දෙකෙහිම ක්‍රියාශීලීව සිටිය යුතුයි.’+
“යෙහෝවා දෙවි ගැන කතා කරන සියල්ලෙනි,+ නිහඬ නොවන්න.+ 7 දෙවි යෙරුසලම ස්ථිර ලෙස පිහිටුවන තුරු ඔබ නිහඬ නොවිය යුතුයි. යෙරුසලම පොළොවේ සියලු වැසියන්ගෙන් ප්‍රශංසාව ලැබෙන තත්වයට ගෙනෙන තුරු+ ඔබ දෙවි ඉදිරියේ නිහඬ නොවන්න.”
8 යෙහෝවා දෙවි තම බලවත් දකුණත+ ඔසවා මෙසේ පොරොන්දු වෙයි.+ “මම නැවත කිසිදා ඔබේ ධාන්‍ය සතුරන්ට කන්න නොදෙන්නෙමි.+ ඔබ වෙහෙස මහන්සියෙන් පෙරූ අලුත් වයින්ද මම විදේශිකයන්ට තවත් බොන්න නොදෙමි.+ 9 ධාන්‍ය රැස් කරගත් අයම එය භුක්ති විඳ යෙහෝවා දෙවි වන මට ස්තුති ප්‍රශංසා කරනු ඇත. මිදිපල රැස් කරගත් අයම මාගේ ශුද්ධස්ථානයේ මළුවල වයින් පානය කරනු ඇත.”+
10 ජනයෙනි, පිටත්ව යන්න. නුවර දොරටුවෙන් පිටත්ව යන්න. මාර්ගය එළි පෙහෙළි කර එය සකසන්න.+ එහි ගල්, බොරලු ඉවත් කර+ ජනයාට පෙනෙන සේ කොඩියක් සිටුවන්න.+
11 යෙහෝවා දෙවි පොළොවේ සතර දිශාවටම ඇසෙන සේ මෙසේ ප්‍රකාශ කරන්නේය.+ “ජනයෙනි, ‘ඔබේ ගැලවීම අත ළඟය!+ දෙවි ඔබේ ක්‍රියා දැක ඔබට ආශීර්වාද කිරීමට බලා සිටියි.+ ඔහු ආශීර්වාද රැසක් සමඟින් ඔබ වෙත පැමිණෙයි’+ කියා සියොන් දියණියට කියන්න.”+
12 ඔවුන්ව යෙහෝවා දෙවි මුදවාගත්+ ශුද්ධ සෙනඟ වශයෙන් හඳුන්වනු ලබයි.+ ඔබව, ‘සොයා ගිය තැනැත්තිය’ ලෙසත් ‘අත් නෑරිය නුවර’+ ලෙසත් හඳුන්වනු ලබයි.