යෝවෙල්
3 “‘ඒ දවස්වලදී,+ යූදා හා යෙරුසලමෙන් වහලුන් ලෙස ගෙන යනු ලැබූ අයව මම නිදහස් කර නැවත ගෙන්වාගන්නෙමි.+ 2 මම සියලු ජාතීන්ව රැස් කර+ යෙහෝෂපාට්ගේ තැනිතලාවට ඔවුන්ව ගෙන යන්නෙමි.+ මම එතැනදී ඔවුන්ව විනිශ්චය කරන්නෙමි.+ මන්ද ඔවුහු මගේ සෙනඟද උරුමයද වන ඊශ්‍රායෙල්වරුන්ව ජාතීන් අතරට පන්නා දමා මගේ දේශය ඔවුන් අතරේ බෙදාගත්තෝය.+ 3 ඔවුහු දාදු දමා මගේ සෙනඟ ඔවුන් අතරේ බෙදාගත්තෝය.+ ගණිකාවකගේ කුලිය ගෙවීම සඳහා ඔවුහු දරුවෙකුව විකුණුවෝය.+ වයින් ටිකක් ලබාගැනීමට දැරියකව විකුණුවෝය.
4 “‘තීර්, සීදොන්+ සහ පිලිස්තියාවේ සියලු වැසියෙනි,+ එවැනි දේවල් මට විරුද්ධව කරන්න තරම් ඔබ එඩිතර වූයේ කෙසේද? ඔබ උත්සාහ කරන්නේ මගෙන් පළිගන්නද? මම ඔබට නිසි දඬුවම ලබා දෙන්නෙමි. ඒ දේ කරන්න මම කිසිසේත් ප්‍රමාද නොවන්නෙමි.+ 5 ඔබ මගේ රන් රිදී කොල්ල කා,+ මගේ වටිනා වස්තු ඔබේ දේවස්ථානවලට රැගෙන ගියහුය.+ 6 ඔබ යූදා හා යෙරුසලමේ වැසියන්ව ග්‍රීක ජාතිකයන්ට+ විකුණා ඇත.+ ඔබ එසේ කළේ ඔවුන්ව තම දේශයෙන් බොහෝ සෙයින් ඈත් කරවන පිණිසය.+ 7 නමුත් වහල්කමට යැවූ තැන්වලින් මම ඔවුන්ව පිටතට ගෙනෙන්නෙමි.+ ඔබ ඔවුන්ට කළ ලෙසම මම ඔබටත් සිදු කරන්නෙමි.+ 8 මම ඔබේ පුත්‍රයන්ව හා දූවරුන්ව යූදා දේශයේ වැසියන්ට විකුණන්නෙමි.+ යූදා දේශයේ වැසියෝ ඔවුන්ව දුර ඈත පිහිටි+ ෂෙබා දේශයේ වැසියන්ට විකුණනු ඇත.+ එය එසේ සිදු වන බවට යෙහෝවා දෙවි වන මම සහතික කරන්නෙමි.
9 “‘ජනයෙනි, වෙනත් ජාතීන්ට මෙසේ දැනුම් දෙන්න.+ “යුද්ධයට සූදානම් වෙන්න! යුධ දක්ෂයන්ව රැස් කරගන්න!+ සියලු භටයන්ට ඉදිරියට ඇවිත් පහර දෙන්නයයි කියන්න!+ 10 ඔබේ නගුල්වලින් කඩුද දෑකැතිවලින් හෙල්ලද සාදාගන්න.+ දුර්වල තැනැත්තා, ‘මම ශක්තිමත්’ යයි කියනු ලැබේවා!+ 11 අවට වෙසෙන සියලු ජනයෙනි, ඇවිත් එකමුතුව වැඩ කරන්න. ”’”+
යෙහෝවා දෙවියනි, ඔබේ බලවත් සේනාව එතැනට ගෙනෙන්න.+
12 “‘සියලු ජාතීන්ට අයත් ජනයෙනි, නැඟිට යෙහෝෂපාට්ගේ තැනිතලාවට පැමිණෙන්න.+ ඒ ස්ථානයේදී මම ඒ සියලු ජාතීන්ව විනිශ්චය කරන්නෙමි.’+
13 “අස්වැන්න නෙළන කාලය පැමිණ තිබේ.+ එහෙයින් දෑකැත්ත අතට ගෙන කපන්න.+ ඇවිත් බලන්න, මිදි යන්ත්‍රය පිරී ඇත.+ එය වයින්වලින් පිරී ඉතිරී යයි. මන්ද ඔවුන්ගේ නපුරුකම ඉතා මහත්ය.+ 14 තීන්දුව දෙන තැනිතලාවේ විශාල සමූහයක් රැස්ව සිටිති.+ මන්ද යෙහෝවා දෙවිගේ දවස ළඟය. තීන්දුව දෙන තැනිතලාවේදී එය දැකගත හැක.+ 15 හිරු, සඳු අඳුරු වී තාරකාවල ආලෝකයද නිවී යනු ඇත.+ 16 යෙහෝවා දෙවි සියොන් සිට සිංහයෙකු මෙන් ගර්ජනා කරනු ඇත. යෙරුසලමේ සිට ඔහු මහත් හඬින් කතා කරනු ඇත.+ අහසත් පොළොවත් දෙදරුම් කනු ඇත.+ නමුත් යෙහෝවා දෙවි තම සෙනඟට රැකවරණය දෙන්නේය.+ ඊශ්‍රායෙල්වරුන්ගේ රක්ෂස්ථානය ඔහුය.+ 17 ‘මාගේ ශුද්ධ කන්ද වන සියොන්හි+ වාසය කරන මා ඔබේ දෙවි වන යෙහෝවා බව ඔබ සියලුදෙනා දැනගනු ඇත.+ යෙරුසලමද ශුද්ධස්ථානයක් බවට පත් වනු ඇත.+ මින්පසු කිසි දිනක වෙනත් ජාතීහු ඒ මැදින් ගමන් කරන්නේ නැත.’+
18 “ඒ දවසේදී අලුත් වයින් කඳු දිගේ ගලා හැළෙයි.+ කඳු මුදුන් කිරිවලින් නැහැවී යයි. යූදාහි ඇළදොළ සියල්ල වතුරෙන් පිරී ඉතිරී යයි. යෙහෝවා දෙවිගේ ගෘහයෙන් දිය උල්පතක් නික්ම ඇවිත්+ ෂිටිම්*+ නිම්නය දෙසට ඇද හැළෙයි. 19 ඊජිප්තුව පාළු දේශයක් බවටත්+ ඒදොම් පාළුකරයක් බවටත් පත් වනු ඇත.+ මන්ද ඔවුහු යූදා දේශයේ වැසියන්ට හිරිහැර කර එහි සිටි අහිංසක ජනයාගේ ලේ වැගුරුවෝය.+ 20 නමුත් යූදා දේශය සදාකාලයෙන් සදාකාලයට ජනාවාස ස්ථානයක් වනු ඇත.+ මතු පැමිණෙන සියලු පරම්පරාවලදී යෙරුසලමද ජනාකීර්ණ වනු ඇත.+ 21 ‘මා ඔවුන්ව වැරදිකරුවන් ලෙස සැලකුවත් ඒ කාලයේදී ඔවුන්ව සලකන්නේ නිදොස් අය ලෙසය.’+ යෙහෝවා දෙවි සියොන්හි වාසය කරනු ඇත.”+