ද්විතීය කතාව
6 “ඔබට උගන්වන්න කියා යෙහෝවා දෙවි මට දුන් අණපනත් හා තීන්දු මම දැන් ඔබට පවසන්නම්.+ ඔබ හිමි කරගන්නා දේශයේදිත් ඒ සියල්ල ඔබ පිළිපැදිය යුතුයි. 2 මා ඔබට කියා දෙන මේ සියලුම අණපනත් ඔබද ඔබේ දරු මුනුපුරන්ද දිවි ඇති තුරා පිළිපැදිය යුතුයි.+ යෙහෝවා දෙවිට ගරුබිය+ පෙන්වමින් ඒ දේවල් පිළිපදින්න. එවිට බොහෝ කාලයක් ජීවත් වෙන්න ඔබට හැකි වෙයි.+ 3 ඊශ්‍රායෙල් ජනයෙනි, හොඳින් සවන් දෙන්න. මා කියන හැම දෙයක්ම හොඳින් ඉටු කරන්න.+ ඔබ එසේ කළොත් යෙහෝවා දෙවි ඔබේ මුතුන්මිත්තන්ට පොරොන්දු වූ ලෙස+ කිරියෙන් හා පැණියෙන් ඉතිරී යන ඒ දේශයේදී ඔබේ ජීවිතය සෑම අතින්ම සාර්ථක+ වෙයි. ඔබ දරුවන් බිහි කර විශාල සෙනඟක් බවට පත් වෙයි.
4 “ඊශ්‍රායෙල්වරුනි, සවන් දෙන්න. අපගේ දෙවි යෙහෝවා දෙවියි. යෙහෝවා යන නමින් සිටින්නේ එකම දෙවි කෙනෙක් පමණයි.+ 5 ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ම ප්‍රේම කරන්න.+ ඔහු වෙනුවෙන් ඔබේ උපරිමය+ කරමින් ඔබේ මුළු ජීවිතයම කැප කරන්න.+ 6 මා අද ඔබට කියා දෙන මේ වචන හොඳින් සිතේ තබාගන්න.+ 7 ඒවා ඔබේ දූපුතුන්ගේ සිත්වලට කාවද්දන්න.+ නිවසේ සිටින විටත් ගමන්බිමන් යන විටත් විවේක සුවයෙන් සිටින විටත්+ අවදි වන විටත් ඔබ ඒ දේවල් ගැන කතා කරන්න. 8 ඒවා සිහිවටනයක් ලෙස ඔබේ අතෙත්+ නළලෙත්+ බැඳගන්න. 9 ඔබේ නිවසේ උළුවහුවලත් නුවරේ දොරටුවලත් ඒවා ලියා තබන්න.+
10 “ඔබේ මුතුන්මිත්තන් වන ආබ්‍රහම්, ඊසාක් සහ යාකොබ්ට පොරොන්දු වූ දේශයට යෙහෝවා දෙවි ඔබව අනිවාර්යයෙන්ම ගෙන යයි.+ ඒ දේශයේ වැසියන් ඉදි කළ ඉතා විශාල අලංකාර නුවරවල් ඔබ අයිති කරගනී.+ 11 හැම සැප සම්පතකින්ම පිරි ඔවුන්ගේ නිවෙස්ද ඔවුන් සෑදූ පොකුණුද ඔවුන් වගා කළ මිදිවතු හා ඔලීවවතුද දෙවි ඔබට ලබා දෙයි. එහි ඇති දේවල් භුක්ති විඳිමින් තෘප්තිමත් ජීවිතයක් ගත කරන්න ඔබට හැකියි.+ 12 ඔබට ඒ දේවල් ලැබෙන විට ඔබ වහලුන්ව සිටි ඊජිප්තු දේශයෙන් ඔබව නිදහස් කළේ යෙහෝවා දෙවි බව කිසිවිටෙකත් අමතක නොකරන්න.+ 13 ඔබ ගරුබිය දැක්විය යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවාටයි.+ ඔබ නමස්කාර කළ යුත්තෙත් ඔහුට පමණයි.+ ඔබ යම් දිවුරුමක් දෙන විට දෙවිගේ නමින් පමණක් දිවුරා පොරොන්දු වෙන්න.+ 14 අවට සිටින ජාතීන් නමස්කාර කරන වෙනත් දෙවිවරුන් පසුපස ඔබ නොයා යුතුයි.+ 15 (මන්ද ඔබේ දෙවි වන යෙහෝවා වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය දැඩි ලෙස හෙළාදකින දෙවි කෙනෙක්.)+ ඔබ එසේ කළොත් යෙහෝවා දෙවිගේ උදහස ඔබට විරුද්ධව ඇවිළී,+ ඔහු ඔබව දේශයෙන් තුරන් කර දමයි.+
16 “මස්සාහ් නම් ස්ථානයේ සිදු වුණාක් මෙන්+ ඔබේ දෙවි වන යෙහෝවා ඔබ වෙනුවෙන් මැදිහත් වෙයිද නැද්ද කියා පරීක්ෂා නොකළ යුතුයි.+ 17 ඔබ යෙහෝවා දෙවිගේ සිහිගැන්වීම්+ හා නියෝග+ වගේම ඔහු දුන් සෑම නීතියක්ම+ අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතුයි.+ 18 යෙහෝවා දෙවි ඉදිරියේ නිතරම හරි දේ පමණක් කරන්න. ඔබ එසේ කළොත් ඔබට යහපතක් මිස අයහපතක් නම් සිදු නොවෙයි.+ යෙහෝවා දෙවි ඔබේ මුතුන්මිත්තන්ට පොරොන්දු වූ සරුසාර දේශය අයිති කරගෙන එහි පදිංචි වෙන්නත් ඔබට අවස්ථාව උදා වෙයි.+ 19 එසේම යෙහෝවා දෙවි පොරොන්දු වූ ආකාරයටම ඒ දේශයේ සිටින සියලුම සතුරන්ව දේශයෙන් පන්නා දමන්නත් ඔබට හැකි වෙයි.+
20 “‘අපේ දෙවි වන යෙහෝවා ඔබට දුන් අණපනත් හා සිහිගැන්වීම්වල තේරුම අපට පැහැදිලි කර දෙන්න පුළුවන්ද’ කියා අනාගතයේදී ඔබේ දරුවන් ඔබෙන් අසන්න ඉඩ තිබෙනවා.+ 21 එවැනි අවස්ථාවකදී ඔවුන්ට ඔබ මෙසේ පැවසිය යුතුයි. ‘අපි කලින් සිටියේ ඊජිප්තු දේශයේ පාරාවෝගේ වහලුන් හැටියටයි. නමුත් යෙහෝවා දෙවි තම මහත් බලයෙන්+ අපිව ඒ දේශයෙන් නිදහස් කළා. 22 යෙහෝවා දෙවි බලවත් ක්‍රියා හා ආශ්චර්යයන්+ සිදු කරමින් ඊජිප්තු දේශයටත් පාරාවෝටත් විරුද්ධව බොහෝ විපත් ඇති කළ හැටි අපි අපේ ඇස් දෙකෙන්ම දැක්කා.+ 23 දෙවි අපව එසේ නිදහස් කළේ අපේ මුතුන්මිත්තන්ට පොරොන්දු වූ දේශය හිමි කර දෙන්නයි.+ 24 ඉන්පසු අපේ යෙහෝවා දෙවි මේ සියලු නීති+ අපට ලබා දුන්නා. ඒවාට කීකරු වෙමින් යෙහෝවා දෙවිට ගරුබිය දැක්වූවොත් අපිට බොහෝ ආශීර්වාද ලැබෙයි.+ අපට අපේ ජීවිතය රැකගන්නත් පුළුවන් වෙයි.+ 25 අපේ දෙවි වන යෙහෝවා අපට අණ කළ සෑම දෙයක්ම කරන්න අපි උපරිම උත්සාහයක් දරනවා නම්+ ඔහු අප ගැන අනිවාර්යයෙන්ම සතුටු වෙයි.’*+