ගීතාවලිය
සංගීත අධ්‍යක්ෂක වෙතය. ලිලී මල් නම් වූ රිද්මයට අනුව ගායනා කිරීම සඳහාය. කෝරාගේ පුත්‍රයන් රචනා කළ ගීතයකි. මස්කිල්. ප්‍රේමවන්ත ස්ත්‍රීන් පිළිබඳව ලියැවුණු ගීතයකි.
2 රජ්ජුරුවනි, ඔබ අන් සියලු මනුෂ්‍යයන්ට වඩා ප්‍රසන්න, කඩවසම් කෙනෙකි.+
ඔබේ වදන් කොතරම් මිහිරිද!+
ඔබට දෙවිගේ ආශීර්වාදය සදහටම ලැබෙන්නේය.+
4 තේජශ්‍රීයෙන් ජයග්‍රහණය කරා යන්න.+
නිහතමානී අය වෙනුවෙන්ද ධර්මිෂ්ඨකම සහ සත්‍යය වෙනුවෙන්ද අසු පිට නැඟී ගොස් සටන් කරන්න.+
7 ඔබ ධර්මිෂ්ඨකමට ප්‍රිය කර+ දුෂ්ටකමට වෛර කළෙහිය.+
එබැවින් ඔබේ දෙවි,+ ප්‍රීතිය නමැති තෛලයෙන්+ ඔබව අභිෂේක කළේය.+ ඔබේ හවුල්කරුවන්ට වඩා වැඩි ප්‍රීතියක් ඔබට අත් කර දුන්නේය.+
8 සුවඳ ලාටු, අගිල් සහ පැඟිරි කුරුඳුවලින් සුගන්ධවත් වූ වස්ත්‍ර ඔබ පැළඳ සිටියි.+
ඇත්දළවලින් අලංකාර වූ+ මාලිගාවෙන් ඇසෙන සංගීතයෙන් ඔබ සතුටු වන්නෙහිය.
9 ඔබ බොහෝ සෙයින් ආදරය කරන ස්ත්‍රීන් අතරේ රජවරුන්ගේ දියණියන්ද සිටියි.+
ඕෆීර් දේශයෙන් ගෙනා රන්+ ආභරණින් සැරසුණු රැජිණ+ ඔබේ දකුණු පැත්තේ සිටින්නීය.
10 දියණිය, ඇහුම්කන් දෙන්න. මේ දෙස බලන්න. ඔබේ සවන් යොමු කරන්න.
ඔබේ පියාගේ නිවසද ඔබේ සෙනඟවද අමතක කර දමන්න.+
12 තීර් දියණියද තෑග්ගක් රැගෙන පැමිණ සිටින්නීය.+
සෙනඟ අතරේ සිටින ධනවන්තයෝ ඔබේ අනුමැතිය දිනාගැනීමට උත්සාහ කරති.+
14 අනර්ඝ වස්ත්‍රවලින් සැරසී සිටින ඇයව රජු ඉදිරියට ගෙන එනු ලබන්නේය.+
ඇය සමඟ පැමිණි ඇගේ යෙහෙළියන්වද* රජු ඉදිරියට ගෙන එනු ලබන්නේය.+
15 සැවොම ප්‍රීති ඝෝෂා නඟමින් මහත් සේ ප්‍රීති වන්නෝය.
ඔවුහු රජුගේ මාලිගාවට පිවිසෙන්නෝය.