ගීතාවලිය
සංගීත අධ්‍යක්ෂක වෙතය. යෙහෝවා දෙවිගේ සේවකයෙකු වූ දාවිත් රචනා කළ ගීතයකි. යෙහෝවා දෙවි දාවිත්ව ඔහුගේ සියලු සතුරන් අතින්ද සාවුල් අතින්ද ගැලවූ දවසේදී ඔහු යෙහෝවා දෙවිට මේ ගීතය ගැයුවේය.+
18 මාගේ ශක්තිය වන යෙහෝවා දෙවියනි, මම ඔබට ප්‍රේම කරමි.+
2 යෙහෝවා දෙවි වූ ඔබ මාගේ පර්වතයය. මාගේ බලකොටුවය. මට ගැලවීම ලබා දෙන තැනැත්තාණන්ය.+
මාගේ දෙවි මාගේ පර්වතයය. මම ඔහුගේ ආරක්ෂාව පතමි.+
ඔහු මාගේ පලිහය. මාගේ ගැලවීමේ අඟය. මට සුරක්ෂිතබවක් ලබා දෙන උස් බලකොටුව ඔහුය.+
3 ප්‍රශංසාව ලැබීමට වටින තැනැත්තාණන් වන යෙහෝවා දෙවිට මම හඬගසන්නෙමි.+
එවිට ඔහු මාගේ සතුරන්ගේ අතින් මාව බේරාගනු ඇත.+
4 මරණයේ රැහැන් මා වටා එතුණේය.+
සැඩ පහරක් මෙන් කිසි කමකට නැති මිනිස්සු නොසිතූ මොහොතක මා වෙතට පැමිණ මා බිය ගැන්වූහ.+
6 මාගේ විපතේදී මම දිගටම යෙහෝවා දෙවිට හඬගැසුවෙමි.
උපකාරය පතා මාගේ දෙවිට මම හඬමින් දිගටම කන්නලව් කළෙමි.+
තම මාලිගාවේ සිටි ඔහුට මාගේ හඬ ඇසිණ.+
මා කළ මොරගැසීම ඔහුගේ දෙසවනට වැටිණ.+
7 ඔහුගේ කෝපය නිසා පොළොව සෙලවී කම්පනය විය.+
කඳුවල අත්තිවාරම් පවා සෙලවිය.+
ඒවා තදින් දෙදරුම් කන්නට විය.+
8 ඔහුගේ නාසයෙන් දුම් නැග්ගේය. ඔහුගේ මුවින් පිට වූ ගින්නෙන් අවට දැවී ගියේය.+
ඇවිළෙන ගින්නක් ඔහු වෙතින් නික්මුණේය.
12 ඔහු ඉදිරියෙන් නික්මුණු දීප්තිය ඔහු වටා තිබූ වලාකුළු අතරින් විහිදී ගියේය.+
හිම කැට සහ ගිනි අඟුරු වර්ෂාවක්ද ඇද හැළුණේය.+
13 අහස ගිගුරුම් දෙන්නට යෙහෝවා දෙවි සැලැස්වූවේය.+
මහෝත්තමයාණන්ගේ හඬ දසත පැතිරුණේය.+
එවිට හිම කැට සහ ගිනි අඟුරු වර්ෂාවක් ඇද හැළුණේය.
15 යෙහෝවා දෙවියනි, ඔබේ තරවටුව නිසාද ඔබේ නාසයෙන් හුස්ම පිට වූ විට ඇති වූ පිපිරීම නිසාද+
ගංගාවල පතුල මතු විය.+
පොළොවේ අත්තිවාරම් පවා පෙනුණේය.+
18 මා විපත්තිවලට මුහුණ දුන් විට ඔවුහු දිගටම මට තර්ජනය කළෝය.+
නමුත් යෙහෝවා දෙවි මාගේ උපකාරයට පැමිණියේය.+
20 මාගේ ධර්මිෂ්ඨ ක්‍රියාවලට අනුව යෙහෝවා දෙවි මට ආශීර්වාද කරන්නේය.+
මා පවිත්‍ර ජීවිතයක් ගත කරන නිසා ඔහු මට ආශීර්වාද කරන්නේය.+
24 එවිට මාගේ ධර්මිෂ්ඨ ක්‍රියාවලට අනුවද+
ඔහු ඉදිරියේ මා ගත කරන පවිත්‍ර ජීවිතයට අනුවද+ යෙහෝවා දෙවි මට ආශීර්වාද කරන්නේය.
25 ඔබව අත් නොහරින කෙනෙකුව ඔබත් කිසිදාක අත් නොහරින්නෙහිය.+
නිර්දෝෂ තැනැත්තාව කිසි කලෙක ඔබ අත් නොහරින්නෙහිය.+
26 පවිත්‍ර සිතක් ඇති තැනැත්තාට ඔබ ආශීර්වාද කරන්නෙහිය.+
වංක තැනැත්තාට ඔහුගේ ක්‍රියාවලට අනුව ප්‍රතිඵල දෙන්නෙහිය.+
27 පීඩිත වූ අයව ඔබ ගලවාගන්නෙහිය.+
නමුත් උඩඟු අයව ඔබ පහත් කරන්නෙහිය.+
29 ඔබේ උපකාරය ඇතුව මට සේනාවකට විරුද්ධව වුවත් නැඟී සිටිය හැක.+
මාගේ දෙවිගේ උපකාරය ඇතුව මට මහා පවුරකට වුවත් නැඟිය හැක.+
30 සැබෑ දෙවිගේ මාර්ගය පරිපූර්ණය.+
යෙහෝවා දෙවිගේ වචනය පවිත්‍රය.+
ඔහුගේ රැකවරණය සොයන සියල්ලන්ට ඔහු පලිහක්ය.+
32 සැබෑ දෙවි මාගේ ඉඟටිය, ශක්තිය නමැති පටියෙන් බඳින්නේය.+
ඔහු මාගේ මාවත සමතලා කරන්නේය.+
33 මුවදෙනෙකු මෙන් දිවීමට ඔහු මට උපකාර කරන්නේය.+
මට තනිව යා නොහැකි උස් තැන්වලට ඔහු මාව ගෙන යන්නේය.+
35 ඔබේ ගැලවීම නමැති පලිහ ඔබ මට දෙන්නෙහිය.+
ඔබේ දකුණතින් මාව සුරකින්නෙහිය.+
ඔබ යටහත්පහත් කෙනෙක් නිසා මාව උසස් තත්වයකට ගෙනෙන්නෙහිය.+
37 මම මාගේ සතුරන් පසුපස ලුහුබැඳ ගොස් ඔවුන්ව අල්ලාගන්නෙමි.
ඔවුන්ව මුළුමනින්ම විනාශ කරන තුරු ආපසු හැරී නොඑන්නෙමි.+
39 ඔබ මාගේ ඉඟටිය, ශක්තිය නමැති පටියෙන් බැඳ මාව සටනට සූදානම් කරන්නෙහිය.
මට විරුද්ධව නැඟී සිටින අයව ඔබ මා ඉදිරියේම වැටෙන්න සලස්වන්නෙහිය.+
40 ඔබ මාගේ සතුරන්ව මට යටත් කර දෙන බැවින්+ ඔවුහු මා වෙතින් පලා දුවන්නෝය.
මට දැඩි සේ වෛර කරන අයව මම විනාශ කරන්නෙමි.+
41 ඔවුන් උපකාර පතා මොරගැසුවත් ඔවුන්ව ගලවාගන්න කිසිවෙක් පැමිණියේ නැත.+
ඔවුන් යෙහෝවා දෙවිට මොරගැසුවත් ඔහු ඔවුන්ට පිළිතුරු දෙන්නේ නැත.+
42 මම ඔවුන්ව පොඩි කර, සුළඟට ගසාගෙන යන දූවිලි මෙන් වීමට සලස්වන්නෙමි.+
පාරේ තිබෙන මඩ මෙන් මම ඔවුන්ව විසුරුවාහරින්නෙමි.+
43 සෙනඟ මට කරන චෝදනාවලින් ඔබ මාව නිදහස් කරන්නෙහිය.+
ජාතීන් කෙරෙහි නායකයා ලෙස ඔබ මාව පත් කරන්නෙහිය.+
මා කලින් නොදත් සෙනඟක් මට සේවය කරනු ඇත.+
44 මා ගැන අසන්න ලැබුණු වහාම ඔවුහු මට කීකරු වනු ඇත.+
විදේශිකයෝ පවා භයෙන් වෙවුලමින් මා වෙතට පැමිණ මට යටත් වනු ඇත.+
46 යෙහෝවා දෙවි ජීවමානය.+ මාගේ පර්වතය වන දෙවිට+ ප්‍රශංසාව ලැබේවා!
මට ගැලවීම ලබා දෙන දෙවි සියල්ලන්ගේ පැසසුමට ලක් වේවා!+
48 කෝපයෙන් වියරු වැටුණු මාගේ සතුරන්ගෙන් ඔහු මාව බේරාගන්නේය.+
මට විරුද්ධව නැඟී සිටින අයට හසු නොවන සේ ඔබ මාව ඉහළින් තබන්නෙහිය.+
දාමරිකයාගේ අතින් ඔබ මාව මුදාගන්නෙහිය.+