ගීතාවලිය
ආසාෆ් රචනා කළ ගීතයකි.+
2 මන්ද ඔබේ සතුරෝ ඔබට විරුද්ධව නැඟී සිටිති.+
දැඩි ලෙස ඔබට වෛර කරන අය හිස ඔසවති.+
3 ඔබේ සෙනඟට විරුද්ධව ඔවුහු කුමන්ත්රණ කරති.+
ඔබේ රැකවරණයේ සිටින අයට+ විරුද්ධව කූට උපා යොදති.
4 ඔවුහු මෙසේ කීවෝය. “අපි ඒ ජාතිය නැත්තටම නැති කර දමමු.+
එවිට ඊශ්රායෙල් යන නාමය සියල්ලන්ගේ මතකයෙන් ගිලිහී යනු ඇත.”+
5 ඔවුහු තම සිතේ ඇති ආශාව ඉටු කරගැනීමට එක්ව සාකච්ඡා කළෝය.+
ඔබට විරුද්ධව ගිවිසුමක් ඇති කරගත්තෝය.+
6 ඔවුන් නම් ඒදොම්වරු,+ ඉෂ්මායෙල්වරු,* මෝවබ්වරු+ සහ හග්රියවරුය.+
8 ඇසිරියානුවෝද ඔවුන්ට එක්ව සිටිති.+
ඔවුහු ලොත්ගේ පුත්රයන්ට+ සහයෝගය දෙමින් ඔවුන්ට ශක්තියක් වුණෝය. සීලාහ්.
9 ඔබ මිදියන්වරුන්ව+ පරාජය කළ ලෙස ඔවුන්වත් පරාජය කරන්න.
කීෂොන් නිම්නයේදී+ සිසෙරාටත්+ යාබින්ටත්+ කළ දේ ඔවුන්ටත් කරන්න.
11 ඔරෙබ්ට හා ෂීබ්ට කළ දේම ඔවුන්ගේ අධිපතීන්ටත් කරන්න.+
සෙබාහ්ට සහ ෂල්මුන්නාට කළ දේ ඔවුන්ගේ පාලකයන්ටත් කරන්න.+
12 ඔවුහුද, “අපි දෙවිගේ ශුද්ධ වාසස්ථානය අත් කරගනිමු” කියා කීවෝය.+
13 අනේ මාගේ දෙවියනි, ඔවුන්ව සුළඟට ගසාගෙන යන වියළි තණකොළ මෙන් වීමට සලස්වන්න.+
පිදුරු මෙන් ඔවුන්ව ගසාගෙන යෑමට සලස්වන්න.+
14 ළැව් ගින්නකින් වනාන්තරයක් දවා දමන්නාක් මෙන්ද+
විශාල ගින්නකින් කඳුකරයක් විනාශ කර දමන්නාක් මෙන්ද+
15 ඔවුන් පසුපස හඹා ගොස් ඔබේ කුණාටුවෙන් ඔවුන්ව විනාශ කර දමන්න.+
චණ්ඩ මාරුතයෙන් ඔවුන්ව කලඹන්න.+