උත්පත්ති
9 දෙවි නෝවාටද ඔහුගේ පුත්රයන්ටද ආශීර්වාද කරමින් මෙසේ කීවේය. “දරුවන් බිහි කර ගණනින් වැඩි වෙන්න. මුළු පොළොව පුරාම පදිංචි වෙන්න.+ 2 පොළොවේ ජීවත් වන සියලු සතුන්වද අහසේ පියාසර කරන සියලු ජීවීන්වද අන් සියලු කුඩා සතුන්ව හා මුහුදේ සියලු මත්ස්යයන්වද ඔබේ අතට භාර දෙන්නෙමි.+ මින් ඉදිරියටත් උන් ඔබට මහත් බියකින් සිටිනු ඇත. 3 සියලු පලා+ වර්ගවලට අමතරව දැන් පොළොවේ ජීවත් වන සතුන්වද මම ඔබට ආහාර වශයෙන් දෙන්නෙමි.+ 4 නමුත් ජීවය+ වන ලේ+ සමඟ ඔබ මස් නොකෑ යුතුයි.+ 5 තවද ඔබේ ලේ වගුරුවන කවුරු නමුත් මට ගණන් දිය යුතුයි. ඔබේ සහෝදරයා ඔබේ ලේ වැගිරුවොත් ඔබේ ජීවිතය වෙනුවෙන් ඔහු වන්දි ගෙවිය යුතුයි.+ සතෙකු ඔබව මරා දැමුවොත් ඌවද මරා දැමිය යුතුයි. 6 දෙවි මිනිසාව සෑදුවේ තමන්ගේම ගතිලක්ෂණ ඇතුවය. එබැවින් යමෙකු විසින් මිනිසෙකුගේ ලේ වගුරුවනු ලැබුවොත් ඔහුගේ ලේද මිනිසෙකු විසින්ම වගුරුවනු ලබන්නේය.+ 7 ඔබ දරුවන් බිහි කර ගණනින් වැඩි වෙන්න. පොළොව පුරාම පදිංචි වෙන්න.”+
8 දෙවි නෝවාට සහ ඔහුගේ පුත්රයන්ට තවදුරටත් මෙසේ කීවේය. 9 “මම ඔබ සමඟත් ඔබෙන් පසුව ඔබේ දරුවන්+ සමඟත් ගිවිසුමක්+ පිහිටුවන්නෙමි. 10 පක්ෂීන්, හීලෑ සතුන් හා වනමෘගයන් ඇතුළුව ඔබ සමඟ නැවෙන් පිටතට ආ සියලු සතුන් සමඟද උන්ගෙන් බිහි වන පැටවුන් සමඟද මම ගිවිසුමක් පිහිටුවන්නෙමි.+ 11 මා ඔබ සමඟ පිහිටුවන ගිවිසුම මෙයයි. ජීවත් වන සියල්ලන්ව මින් මතු ජලගැල්මකින් විනාශ නොකරන්නෙමි. පොළොවද නැවත කිසිදාක ජලගැල්මකින් විනාශ නොකරන්නෙමි.”+
12 දෙවි මෙසේද කීවේය. “මම ඔබ සමඟත් ඔබ සමඟ සිටින සියලු ජීවීන් සමඟත් පිහිටුවන ගිවිසුම ස්ථිර කිරීමට ලකුණක් දෙන්නෙමි. මතු පැමිණෙන සියලුම පරම්පරා දක්වා සදහටම පවතින එම ලකුණ+ මෙයයි. 13 මම වලාකුළු අතරෙහි මගේ දේදුන්න+ තබන්නෙමි. එය පොළොව සමඟ මා පිහිටුවා ඇති ගිවිසුමට ලකුණක් වන්නේය. 14 මා පොළොවට ඉහළින් වැහි වලාකුළු ගෙනෙන විට දේදුන්න ඒ අතරේ දිස් වනු ඇත. 15 එවිට ඔබ සමඟත් ජීවත් වන සියල්ලන්+ සමඟත් පිහිටුවා ඇති ගිවිසුම+ මම අනිවාර්යයෙන්ම සිහි කරන්නෙමි. මින් මතු කවදාවත් ජීවත් වන සියල්ලන්ව විනාශ කරන තරම් ජලගැල්මක් නොවනු ඇත.+ 16 දේදුන්න වලාකුළු+ අතරෙහි පායන විට පොළොවේ ජීවත් වන සියල්ලන් සමඟ මා සදහටම+ ඇති කරගත් ගිවිසුම මට අනිවාර්යයෙන්ම සිහි වෙයි.”+
17 “පොළොවේ ජීවත් වන සියල්ලන් සමඟ මා ඇති කරගත් ගිවිසුම ස්ථිර කරන ලකුණ එයයි”+ කියා දෙවි නැවතත් නෝවාට කීවේය.
18 නැවෙන් පිටතට පැමිණි නෝවාගේ පුත්රයෝ+ නම් ෂෙම්, හාම් සහ යාෆෙත්ය. හාම් කානාන්ගේ පියා විය.+ 19 පොළොව පුරා පැතිර ගිය සියලු වැසියන් පැවත එන්නේ නෝවාගේ පුත්රයන් තිදෙනාගෙන්ය.+
20 ගොවිතැන්+ කිරීමට පටන්ගත් නෝවා මිදිවත්තක් වගා කළේය.+ 21 එක් දිනක් ඔහු වයින් බී මත් වුණේය.+ එවිට ඔහුගේ වස්ත්රය ගැලවී කූඩාරම තුළ ඔහු නග්නව සිටියේය. 22 පසුව කානාන්ගේ පියා වන හාම්+ තම පියා නග්නව සිටි බව දැක,+ පිටතට ගොස් තම සහෝදරයන් දෙදෙනාට ඒ ගැන කීවේය.+ 23 එවිට ෂෙම් සහ යාෆෙත් තමන්ගේ කර පිට රෙද්දක්+ තබාගෙන පස්සෙන් පස්සට ගොස් තම පියාගේ නග්නභාවය වසා දැමුවෝය. ඔවුහු තම පියා දෙස හැරී නොබැලූ බැවින් ඔහුගේ නග්නභාවය නොදුටුවෝය.+
24 මත් ගතිය සිඳුණු පසු නෝවා අවදි විය. එවිට ඔහුගේ බාල පුත්රයා කළ දේ ඔහුට දැනගන්න ලැබිණ. 25 ඉන් අනතුරුව ඔහු මෙසේ කීවේය.
“කානාන්ට ශාප වේවා!+
ඔහු තම සහෝදරයන්ගේ දාසයන්ටත් දාසයෙකු වේවා!”+
27 දෙවි යාෆෙත්ගේ දේශ සීමා විශාල කරාවා!
යාෆෙත් ෂෙම්ගේ කූඩාරම්වල වාසය කෙරේවා!+
කානාන් ඔහුටද දාසයෙකු වේවා!”
28 මහා ජලගැල්මෙන් පසුව නෝවා තව අවුරුදු තුන්සිය පනහක් ජීවත් විය.+ 29 නෝවා ජීවත් වූ මුළු අවුරුදු ගණන නවසිය පනහක් විය. පසුව ඔහු මිය ගියේය.+