ගීතාවලිය
2 දිවි ඇති තුරා යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්නෙමි.+
ජීවත්ව සිටින තාක් කල් මාගේ දෙවිට ප්‍රශංසා ගී ගයන්නෙමි.+
4 ඔවුහු අවසන් හුස්ම හෙළූ* පසු+ නැවත දූවිල්ලට හැරී යන්නෝය.+
ඒ මොහොතේම ඔවුන්ගේ කල්පනාව නැති වී යන්නේය.+
5 උපකාරය සඳහා යාකොබ්ගේ දෙවි තමා සමඟ සිටින තැනැත්තා සන්තෝෂවත්ය.+
තම දෙවි වූ යෙහෝවා කෙරෙහි බලාපොරොත්තු තබන තැනැත්තා සන්තෝෂවත්ය.+
මුහුදත් ඒවායේ තිබෙන සියල්ලත්+ සෑදුවේ ඔහුය.
සදහටම විශ්වාසවන්තව ක්‍රියා කරන්නෙත් ඔහුය.+
7 අසාධාරණකම්වලට මුහුණ දුන් අයට යුක්තිය ඉටු කර දෙන්නේ ඔහුය.+
කුසගින්නෙන් පෙළෙන්නන්ට ආහාර සපයා දෙන්නේ ඔහුය.+
සිරකරුවන්ට නිදහස දෙන්නේද යෙහෝවා දෙවි වන ඔහුය.+
8 යෙහෝවා දෙවි අන්ධ අයට පෙනීම දෙන්නේය.+
හෙම්බත්ව නැමී සිටින අයට කෙළින් සිටගැනීමට යෙහෝවා දෙවි උපකාර කරන්නේය.+
ධර්මිෂ්ඨ අයට යෙහෝවා දෙවි ප්‍රේම කරන්නේය.+