රෝම
6 එම තොරතුරු අපට බලපෑ යුත්තේ කෙසේද? දෙවිගේ මහත් කරුණාව වැඩි වැඩියෙන් ලැබෙයි කියා සිතාගෙන දිගටම වැරදි කිරීම සාධාරණද?+ 2 නැත. කිසිවිටකත් එලෙස නොසිතන්න. අප තුළ තිබෙන පව්කාර ස්වභාවය මරා දමා තිබෙනවා+ කියා පැවසුවොත් එය නිවැරදිය. එසේනම් අප ඒ ස්වභාවය නැවතත් ඉස්මතු කරගෙන දිගටම වැරදි දේ කරන්නේ කෙසේද?+ 3 අප ක්රිස්තුස් යේසුස් සමඟ එකට බැඳී සිටින අය ලෙස බව්තීස්ම වී ඇති බව ඔබ දැන සිටියේ නැද්ද?+ එහි ප්රතිඵලයක් ලෙස ඔහු අත්වින්දා හා සමාන මරණයකට මුහුණ දෙන්න අපට සිදු වෙයි.+ 4 එසේ බව්තීස්ම වී ඇති අය ලෙස ඔහු අත්වින්දා හා සමාන මරණයකට මුහුණ දෙන්න අපට සිදු වන නිසා අප දැනටමත් ඔහු සමඟ මිය ගොස් තැන්පත් කර ඇති අය බව කිව හැකියි.+ නමුත් පියාණන් තම තේජවත් බලයෙන් ක්රිස්තුස්ව මරණයෙන් නැඟිට්ටෙව්වේය.+ එසේම අපටත් අලුත් ජීවිතයක් ගත කිරීමේ අවස්ථාව ඔහු ලබා දී තිබේ.+ 5 ඔහුට සමාන මරණයක් අත්විඳින්න අපට සිදු වේ නම්+ ඔහු හා සමානව අපවද මරණයෙන් නැඟිටුවනු ලැබේ.+ ඒ අයුරින් අපි ඔහු සමඟ එකට බැඳී සිටින්නෙමු. 6 ඇත්තෙන්ම අපගේ පරණ පෞද්ගලිකත්වය ඔහු සමඟ වධකණුවේ ඇණ ගසනු ලැබූ බව අප දන්නා නිසා+ අපගේ පව්කාර ශරීරය අප කෙරෙහි තවදුරටත් බල නොපැවැත්විය යුතුයි.+ එහෙයින් අප තවදුරටත් පාපයට වහල් වී නොසිටිය යුතුයි.+ 7 මිය ගිය පුද්ගලයා තම පාපයෙන් නිදහස් වී ඇති බව අප පවසන්නේ ඒ නිසාය.+
8 අප ක්රිස්තුස් සමඟ මිය ගොස් ඇත්නම් අපගේ විශ්වාසය වන්නේ ඔහු සමඟ අප ජීවත් වන බවය.+ 9 ක්රිස්තුස් මරණයෙන් නැවත නැඟිටුවා ඇති නිසා+ ඔහු නැවතත් මරණය අද්දකින්නේ නැති බවද+ අපි දනිමු. මන්ද ඔහු කෙරෙහි බලපැවැත්වීමට මරණයට තවදුරටත් හැකියාවක් නැත. 10 ඔහු මිය ගියේ එක වරක්ය. එසේ කළේ මිනිසුන්ගේ පව්කාර ස්වභාවය නැති කර දැමීමටය. ඒ සඳහා ඔහුට නැවතත් මිය යන්න සිදු වන්නේ නැත.+ දැන් ඔහු ජීවත් වෙයි. ඔහු ජීවත් වන්නේ දෙවි උදෙසාය.+ 11 ඒ හා සමානව ඔබත් ඔබේ පව්කාර ස්වභාවය සම්බන්ධයෙන් මිය ගොස් ඇති බවත්+ ඔබ යේසුස් ක්රිස්තුස් මාර්ගයෙන් දෙවි වෙනුවෙන් ජීවත්ව සිටින බවත්+ සැලකිල්ලට ගත යුතුයි.
12 එහෙයින් ඔබේ පව්කාර ස්වභාවයට රජෙකු වී,+ ඔබේ මැරෙනසුලු ශරීරය පාලනය කිරීමට ඉඩ නොදෙන්න. එසේ ඉඩ දුන්නොත් එයින් ඇති වන ආශාවන්ට ඔබ වහල් වනු ඇත.+ 13 මීට අමතරව ඔබේ වැරදි ආශාවන් තෘප්තිමත් කරගැනීමට ඔබේ ශරීරයේ අවයවයන් භාවිත නොකරන්න.+ එසේ කළොත් ඒවා අධර්මිෂ්ඨ දේ කිරීමට යොදාගන්නා ආයුධ හා සමාන වනු ඇත.+ මිය ගිය ඔබ, දැන් ජීවත් වන නිසා+ මෙතැන් පටන් දෙවිට භාර වෙන්න. එමෙන්ම ඔබේ ශරීරයේ අවයවයන් ධර්මිෂ්ඨ දේවල් කිරීම සඳහා යොදාගන්නා ආයුධ ලෙස දෙවිට භාර දෙන්න.+ 14 ඔබේ පව්කාර ස්වභාවයට ඔබව පාලනය කිරීමට ඉඩ නොදෙන්න. මන්ද තවදුරටත් ඔබ නීතිය යටතේ සිටින අය නොවේ.+ ඒ වෙනුවට ඔබ අද්දකිමින් සිටින්නේ දෙවිගේ මහත් කරුණාවයි.+
15 අප මේ දේවලින් තේරුම්ගන්නේ කුමක්ද? අප නීතිය යටතේ සිටින අය නොව දෙවිගේ මහත් කරුණාව අද්දකිමින් සිටින අය වන නිසා+ වැරදි කිරීමට අපට නිදහසක් තිබෙන බවද?+ නැත. කිසිවිටකත් එලෙස නොසිතන්න. 16 මෙය හොඳින් තේරුම්ගන්න. ඔබ යමෙකුට කීකරු වීමට එකඟ වී ඔහුට යටත් වන විට ඔබ ඒ පුද්ගලයාගේ දාසයෙක් වනු ඇත.+ ඔබේ පව්කාර ස්වභාවයට කීකරු වී+ එයට දාසයෙකු වුණොත් එහි අවසන් ප්රතිඵලය මරණයයි.+ නමුත් ඔබ දෙවිට කීකරු වී ඔහුට දාසයෙක් වුණොත්+ දෙවි ඉදිරියේ ඔබ ධර්මිෂ්ඨ අය බවට පත් වේ.+ 17 ඔබ දෙවිට කොතරම් ස්තුතිවන්ත විය යුතුද! මන්ද මීට පෙර ඔබ සිටියේ ඔබේ පව්කාර ස්වභාවයට වහල්වය. නමුත් දැන් ඔබ ඔබට භාර දුන් ඉගැන්වීම්වලට හදවතින්ම කීකරු වන අය බවට පත් වී ඇත.+ 18 ඔබ ඔබේ පව්කාර ස්වභාවයට වහල් නොවී සිටින නිසා+ ඔබ දැන් ධර්මිෂ්ඨකමට+ දාසයන්ව සිටින බව පැවසිය හැක.+ 19 නමුත් මා මේ දේවල් ඔබට සරලව පැහැදිලි කර දෙන්නේ වැරදි දේවල් කිරීමට ඔබ තුළ නැඹුරුවාවක් තිබෙන නිසාය.+ ඔබ කලින් අපවිත්ර හා අධර්මිෂ්ඨ දේවලට වහල් වී+ ඔබේ අවයවවලින්+ දෙවිගේ නීතියට පටහැනි දේවල් කළා සේම ඔබ දැන් ධර්මිෂ්ඨකමට දාසයන් ලෙස ඔබේ ශරීරයේ අවයවයන් දෙවිට භාර දී ශුද්ධ වූ ක්රියාවල නිරත විය යුතුයි.+ 20 මන්ද ඔබ ඔබේ පව්කාර ස්වභාවයට වහල්ව සිටි කාලයේදී+ ධර්මිෂ්ඨකම ඔබේ ස්වාමියා වී සිටියේ නැත.
21 ඒ කාලයේදී ඔබ ලැබූ ප්රතිඵල+ මොනවාද? ඔබ කළ දේවල්+ ගැන සිතන විට ඔබට දැන් ඇති වන්නේ ලැජ්ජාවකි. මන්ද එවැනි ක්රියාවල අවසාන ප්රතිඵලය මරණය වේ.+ 22 නමුත් දැන් ඔබ තවදුරටත් ඔබේ පව්කාර ස්වභාවයට වහල් නොවී දෙවිගේ දාසයන් බවට පත් වී සිටින නිසා+ ඔබ ශුද්ධය. ඔබ අද්දකින ප්රතිඵලය එයයි.+ එය සදාකාල ජීවනයට මඟ පාදන්නේය.+ 23 ඇත්තෙන්ම අපේ පව්කාර ස්වභාවයට ගෙවිය යුතු කුලිය මරණයයි.+ නමුත් අපේ ස්වාමීන් වන ක්රිස්තුස් යේසුස් මාර්ගයෙන්+ දෙවි අපට ලබා දෙන තෑග්ග+ නම් සදාකාල ජීවනයයි.+