147 ජනයෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+
අපේ දෙවිට ප්‍රශංසා ගී ගැයීම කොතරම් අගනේද!+
ඔහුට ගී ගැයීම කොතරම් ප්‍රීතියක්ද! ඔහු ඇත්තෙන්ම ප්‍රශංසාව ලැබීමට වටින්නේය.+
2 යෙහෝවා දෙවි යෙරුසලම් නුවර නැවත ගොඩනඟන්නේය.+
විසිරී සිටින ඊශ්‍රායෙල්වරුන්ව ඔහු නැවත එක් රැස් කරන්නේය.+
3 බිඳුණු සිත් ඇත්තන්ට+ ඔහු සහනය දෙන්නේය.+
ඔවුන්ගේ වේදනාකාරී තුවාල ඔහු සුව කරන්නේය.+
4 ඔහු තාරකා සියල්ල ගණන් කරන්නේය.+
ඒ එක් එක් තාරකාවන් ඔහු, නම් වශයෙන් හඳුන්වන්නේය.+
5 අපේ ස්වාමීන් ශ්‍රේෂ්ඨය. ඉතා බලවන්තය.+
ඔහු කොතරම් ප්‍රඥාවන්තද කියා කිසිවෙකුට තේරුම්ගත නොහැකිය.+
6 නිහතමානී අයට යෙහෝවා දෙවි සහනය දෙමින් ඔවුන්ව නඟා සිටුවන්නේය.+
ඔහු දුෂ්ටයන්ව පහතට හෙළා පාගා දමන්නේය.+
7 ජනයෙනි, යෙහෝවා දෙවිට ස්තුති කරමින් ගී ගයන්න.+
වීණා වයමින් ඔහුට ප්‍රශංසා ගී ගයන්න.+
8 අහස වලාකුළුවලින් අතුරා+
පොළොවට වර්ෂාව ලබා දෙන්නේ ඔහුය.+
කඳු මුදුන් නිල් තණකොළවලින් වැසී යෑමට සලස්වන්නෙත් ඔහුය.+
9 ඔහු සතුන්ටත්+
කෑම ඉල්ලා හඬන කපුටු පැටවුන්ටත්+ ආහාර සපයා දෙන්නේය.
10 අශ්වයෙකු සතු ශක්තිය ගැනවත්+
මිනිසෙකුට වේගයෙන් දිවීමට ඇති හැකියාව ගැනවත්+ ඔහු සතුටට පත් නොවන්නේය.
11 නමුත් යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් ඇති,+
ඔහු ප්‍රේමය පෙන්වන තෙක් ආශාවෙන් බලා සිටින අය ගැන+ ඔහු සතුටු වන්නේය.
12 යෙරුසලම, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+
සියොන්, ඔබේ දෙවිට ප්‍රශංසා කරන්න.+
13 මන්ද ඔහු ඔබේ දොරටුවල අගුල් ශක්තිමත් කළේය.
ඔබේ පුත්‍රයන්ට ඔහු ආශීර්වාද කළේය.+
14 ඔබේ දේශ සීමාව තුළ ඔහු සමාදානය ඇති කළේය.+
අනර්ඝතම තිරිඟුවලින් ඔහු ඔබව සැමදා තෘප්තිමත් කරන්නේය.+
15 ඔහු පොළොවට ආඥාවක් නිකුත් කරන්නේය.+
ඔහුගේ වදන් පොළොව පුරාම වේගයෙන් ඉටු වන්නේය.
16 ඔහු ලොම් මෙන් වූ හිම වස්සවන්නේය.+
පිනි කැට අළු මෙන් ඉසින්නේය.+
17 හිම කැට සීසීකඩ විසුරුවන්නේය.+
ඔහු ගෙනෙන සීතල දරාගත හැක්කේ කාටද?+
18 ඔහු අණ දෙන විට+ ඒවා දිය වී යන්නේය.
ඔහු සුළං හැමීමට සලස්වන්නේය.+
ඒ සුළඟින් ජලය ගලා බසින්නේය.
19 තම වදන් ඔහු යාකොබ්ට ප්‍රකාශ කරන්නේය.+
තම නියෝග+ සහ තීන්දු+ ඔහු ඊශ්‍රායෙල් ජනයාට කියා දෙන්නේය.
20 වෙන කිසි ජාතියකට ඔහු එසේ නොකළේය.+
ඔහුගේ තීන්දු ගැන වෙනත් කිසිම ජාතියක් දැනුවත් වී නොසිටියේය.+
ජනයෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+