සලමොන් ගැනය.
72 දෙවියනි, ඔබේ නියෝග ගැන රජුට උගන්වන්න.+
ඔබේ ධර්මිෂ්ඨකම ගැන රජුගේ පුත්‍රයාට කියා දෙන්න.+
2 ඔහු ඔබේ සෙනඟ වෙනුවෙන් ධර්මිෂ්ඨකමින් ක්‍රියා කරයි.+
පීඩාවට ලක් වූ ඔබේ ජනයාට යුක්තිය ඉටු කර දෙයි.+
3 ධර්මිෂ්ඨකම නිසා ඇති වන සමාදානය
කඳු සහ හෙල් අතරින් ජනතාව අතරට ගලා බසියි.+
4 සෙනඟ අතරේ සිටින පීඩිතවූවන්ට ඔහු යුක්තිය ඉටු කර දෙයි.+
දුගී දුප්පත් අයව බේරාගනියි.
වංචනිකයන්ව පාගා පොඩි කර දමයි.
5 දෙවියනි, ඉර සඳ පවතින තෙක්+ ඔවුහු ඔබ කෙරෙහි ගරුබිය ඇතුව සිටින්නෝය.
පරම්පරාවක් පාසා පරම්පරාවක් ඔවුහු ඔබට ගරුබිය පෙන්වන්නෝය.+
6 ඔහුගේ පාලනය කැපූ තණ පිටියක් මතට ඇද හැළෙන වර්ෂාව මෙනි.+
පොළොව තෙත් කරන වැසි මෙනි.+
7 ඔහුගේ පාලන සමයේදී ධර්මිෂ්ඨයා සාර්ථක වන්නේය.+
සඳ පවතින තෙක් බොහෝ සමාදානය තිබෙන්නේය.+
8 මුහුදෙන් මුහුදටද+
මහ ගංගාවේ සිට+ පොළොවේ සියලු සීමා දක්වාද ඔහුගේ පාලනය විහිදී යන්නේය.+
9 කාන්තාරවල වැසියෝ ඔහු ඉදිරියේ වැඳ වැටෙන්නෝය.+
ඔහුගේ සතුරෝද දූවිලි කන්නෝය.+
10 තර්ෂිෂ්හි රජවරුද දූපත්වල රජවරුද+
තෑගි ගෙනෙන්නෝය.+
ෂෙබාහි රජවරුද සෙබාහි රජවරුද ඔහුට
තෑගි බෝග දෙන්නෝය.+
11 ඔහු ඉදිරියේ සියලු රජවරු වැඳ වැටෙන්නෝය.+
සියලු ජාතීහු ඔහුට සේවය කරන්නෝය.+
12 මන්ද උපකාරය පතා හඬ නඟන දුප්පතාව ඔහු ගලවාගන්නේය.+
පීඩිතයාවද උපකාරයක් නොමැතිව අන්ත අසරණ වී සිටින්නන්වද ඔහු බේරාගන්නේය.+
13 අසරණයාටද දිලින්දාටද ඔහු අනුකම්පා කරන්නේය.+
දුප්පතුන්ගේ දිවි රැක දෙන්නේය.+
14 පීඩාවලින්ද සැහැසික ක්‍රියාවලින්ද ඔහු ඔවුන්ව මුදවාගන්නේය.
ඔවුන්ගේ ජීවිත ඔහුට බොහෝ සේ වටින්නේය.+
15 රජ දිගු කල් ජීවත් වේවා!+ ෂෙබාහි රන්වලින් කොටසක් ඔහුට දෙනු ලැබේවා!+
නිරතුරුවම ඔහු වෙනුවෙන් අයැදිනු ලැබේවා!
දවස මුළුල්ලේම ඔහුට ප්‍රශංසාව ලැබේවා!+
16 පොළොව ධාන්‍යවලින් පිරී ඉතිරී යයි.+
කඳු මුදුන් ධාන්‍යවලින් වැසී යයි.+
සරුසාරව තිබෙන ලෙබනොන් වනාන්තරය මෙන් ඔහු ලබන අස්වැන්නද සරු වන්නේය.+
නුවරේ වැසියෝ පොළොවේ තණකොළ මෙන් බහුල වන්නෝය.+
17 රජගේ නාමය සදහටම පවතීවා!+
සූර්යයා පවතින තාක් කල් ඔහුගේ නාමය වැජඹේවා!
ඔහු මාර්ගයෙන් සෙනඟ ආශීර්වාද ලබාගන්නෝය.+
සියලු ජාතීහු ඔහු සන්තෝෂවත්යයි ප්‍රකාශ කරන්නෝය.+
18 පුදුමසහගත ක්‍රියා කරන එකම තැනැත්තා+ වන
ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාට ප්‍රශංසා වේවා!+
19 ඔහුගේ තේජවත් නාමය සදාකාලයෙන් සදාකාලයටම ගෞරවයට පත් වේවා!+
ඔහුගේ තේජසින් මුළු පොළොවම පිරී යනු ලැබේවා!+
ආමෙන්, ආමෙන්.
20 යෙස්සේගේ පුත්+ දාවිත්ගේ යාච්ඤාවල අවසානය මෙයයි.