ගීතාවලිය
සංගීත අධ්‍යක්ෂක වෙතය. කෝරාගේ පුත්‍රයන්+ රචනා කළ ගීතයකි.
49 සියලු ජනයෙනි, මෙයට ඇහුම්කන් දෙන්න.
ලෝවැසියෙනි, සවන් දෙන්න.+
2 මනුෂ්‍යයෙනි,
දුප්පත් පොහොසත් සියල්ලෙනි, සවන් දෙන්න.+
5 මට පීඩා කිරීමට උත්සාහ කරන අයගෙන් මම වට වී සිටිමි.+
ඔවුන් නිසා මා අනතුරුවලට මුහුණ දුන්නත් මම බිය නොවෙමි.+
6 ඔවුහු තම ධනය කෙරෙහි විශ්වාසය තබති.+
තමන් සතු වස්තුව ගැන පුරසාරම් දොඩති.+
7 නමුත් ඔවුන්ගෙන් කිසිවෙකුට තම සහෝදරයෙකුව මුදවාගැනීමටවත්+
ඒ වෙනුවෙන් දෙවිට යම් වන්දියක් ගෙවීමටවත් හැකියාවක් නැත.
8 (මන්ද මනුෂ්‍ය ජීවිතයක් සඳහා දිය යුතු වන්දිය
කිසිදා ගෙවා නිම කළ නොහැකි තරම් ඉතා ඉහළය.)+
9 එසේ ගෙවීමට හැකියාවක් තිබුණා නම් ඔහු මිනී වළට නොගොස් සදහටම ජීවත් වනු ඇත.+
10 ප්‍රඥාවන්තයන් පවා මිය යන බවත්+
මෝඩයා සහ නූගතා නැසී යන බවත් ඔහු දකියි.+
තමන් රැස් කරගත් ධනය අනුන්ට අයිති වීමට ඉඩහැර ඔවුන්ට මිය යන්න සිදු වන බවත් ඔහු දකියි.+
11 තම ගෙවල් දොරවල් සදාකාලයටම තබාගැනීම ඔවුන්ගේ පැතුමය.+
තම කූඩාරම් පරම්පරාවෙන් පරම්පරාවට තබාගැනීමත් ඔවුන්ගේ ආශාවය.+
එබැවින් ඔවුහු තම ඉඩකඩම්වලට තමන්ගේම නම් තබා ඇත.+
12 මනුෂ්‍යයාට කොතරම් ගෞරවයක් හිමි වුවත් ඔහුට සදහටම ජීවත් වීමට නොහැක.+
නැසී යන සතුන් හා ඔහු අතර කිසි වෙනසක් නැත.+
14 එඬේරෙකු තම බැටළුවන්ව නියමිත ස්ථානයට නොවරදවාම ගෙන යන්නාක් මෙන්
ඔවුන්ට නියම වූ ස්ථානය වන මිනී වළට+ මරණය ඔවුන්ව ගෙන යයි.+
දවස ආරම්භයේදීම නිර්දෝෂ අය ඔවුන්ව යටත් කරගනිති.+
ඔවුන්ගේ ශරීර වැහැරී යයි.+
ඔවුහු සියල්ලෝ විශාල මන්දිරවල නොව මිනී වළේ සැතපෙති.+
16 යමෙකු ධනය රැස් කරමින් තව තවත් පොහොසත් වුණත්+
ඔහුගේ නිවස දිනෙන් දින යස ඉසුරෙන් පිරුණත්+ අධෛර්යයට පත් නොවන්න.
17 ඔහු මිය යන විට ඔහුට ඉන් කිසිවක් ගෙන යෑමට නොහැක.+
ඔහුගේ කීර්තිය ඔහු සමඟ මිනී වළට නොයන්නේය.+
18 ඔහු ජීවිත කාලය පුරාම තමන්වම වර්ණනා කරගන්නේය.+
(යමෙකු බොහෝ වස්තු රැස් කරමින් දිනෙන් දින දියුණු වන විට මිනිස්සුද ඔහුව පැසසුමට ලක් කරති.)+