එසකියෙල්
28 යෙහෝවා දෙවි මට මෙසේ පැවසුවේය. 2 “මනුෂ්‍ය පුත්‍රය, තීර් වැසියන්ගේ නායකයාට මේ දේ කියන්න. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි.
“‘“‘මම දෙවි කෙනෙකි.+ මම මහ මුහුද මැද+ දෙවි කෙනෙකුගේ සිංහාසනයේ හිඳ රජකම් කරමි’+ කියා ඔබ ඉතා උඩඟු ලෙස පවසන්නෙහිය.+ ඔබ සිතන්නේ ඔබ දෙවි කෙනෙකු කියාය.+ එහෙත් ඇත්තටම ඔබ නිකම්ම නිකම් මිනිසෙකු පමණයි.+ 3 ඔබ දානියෙල්ටත් වඩා නුවණැත්තෙකු කියාත්+ ඔබෙන් කිසිම රහසක් සැඟවිය නොහැකියි කියාත් ඔබ සිතන්නෙහිය.+ 4 ඔබේ නැණනුවණින් ඔබ ධනය උපයාගත්තෙහිය. රන් හා රිදීවලින් ඔබේ ගබඩා පුරවාගත්තෙහිය.+ 5 ඔබ බොහෝ නුවණැත්තෙක් නිසාත්+ ඔබ බොහෝ දේ අළෙවි කළ නිසාත්+ ඔබ මහත් ධන සම්භාරයක් රැස් කරගත්තෙහිය.+ ඔබ හිමි කරගත් ඒ ධනය නිසා ඔබ උඩඟුකමින් මත් විය.”’+
6 “‘එබැවින් විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි ඔබට මෙසේ පවසයි. “ඔබ දෙවි හා සමානයි කියා සිතීමට තරම් නිර්භීත වූ නිසා+ 7 මම ජාතීන් අතරේ සිටින ඉතාම කුරිරු සෙනඟව+ ඔබට විරුද්ධව එවන්නෙමි.+ ඔබේ නැණනුවණින් ගොඩනඟා ගත් අලංකාර දේවල් ඔවුහු ඇවිත් නැති නාස්ති කරන්නෝය. ඔබේ තේජශ්රීයද ඔබට අහිමි වනු ඇත.+ 8 ඔවුහු ඔබව මිනී වළට යවන්නෝය.+ මහ මුහුදේදී මරා දැමූ කෙනෙකු මෙන් ඔබද විනාශ වී යනු ඇත.+ 9 ඔබ මැරෙන මොහොතේදී, ‘මම දෙවි කෙනෙක්’ කියා ඔබේ සතුරාට ඔබ පවසනු ඇද්ද?+ සතුරාගේ අතට ඔබ හසු වූ විට ඔබ දෙවි කෙනෙකු නොව නිකම්ම නිකම් මිනිසෙකු බව පැහැදිලිව ඔප්පු වන්නේ නැද්ද?”’+
10 “‘ඔබ විදේශිකයන් අතින් මැරුම් කන්නෙහිය. ඔබට අත් වන්නේ චර්මච්ඡේදනය නොවූ අයට අත් වන මරණයකි.+ මේ සියල්ල පවසන්නේ මා වන බැවින් එය ස්ථිර වශයෙන්ම ඉටු වන්නේය.’ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.”
11 යෙහෝවා දෙවි මට නැවතත් කතා කර මෙසේ පැවසුවේය. 12 “මනුෂ්‍ය පුත්‍රය, තීර්හි රජු ගැන විලාප ගීයක් ගයන්න.+ ඔබ ඔහුට මෙසේ කිව යුතුයි. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි.
“‘“ප්‍රඥාවෙන්ද+ රූපශ්රීයෙන්ද පිරිපුන් ඔබ,+ පරිපූර්ණත්වයේ සංකේතයකි. 13 ඔබ දෙවිගේ උයන වූ ඒදන්හි වාසය කළෙහිය.+ රතු කැට, පඩියන්, ජැස්පර් ගල්, ක්‍රිසොලයිට් ගල්, ඔනික්ස් ගල්,+ ජේඩ් ගල්, නීල මාණික්‍ය, පච්ච ගල්+ හා මරකත යනාදි සියලු අනර්ඝ මැණික් ඔබ්බවන ලද රන් ආභරණවලින් ඔබ සැරසී සිටියෙහිය. ඔබව සෑදූ දවසේදීම මේ සියල්ල ඔබ වෙනුවෙන් සූදානම් කර තිබිණ. 14 ආරක්ෂක කෙරුබ්වරයා ලෙස අභිෂේක ලැබූ ඔබට ඒ තනතුර පිරිනැමුවේ මමය. ඔබ සිටියේ දෙවිගේ ශුද්ධ කන්දෙහිය.+ ඔබ ගිනි ඇවිළෙන ගල් අතරේ ඇවිද්දෙහිය. 15 ඔබව බිහි කළේ නිර්දෝෂ අයෙකු ලෙසිනි.+ පසු කලෙක ඔබ අධර්මිෂ්ඨයෙක් විය. ඒ වන තුරු ඔබ තුළ කිසි දෝෂයක් තිබුණේ නැත.+
16 “‘“ඔබේ ව්‍යාපාරික කටයුතු බොහෝ සෙයින් දියුණු වූ නිසා+ ඔබ අනුන්ට පීඩා කරමින් දිගින් දිගටම වැරදි කරන්න පටන්ගත්තෙහිය.+ ගිනිදැල් මෙන් දිදුලන ගල් අතරේ ඇවිදින ආරක්ෂක කෙරුබ්වරයාණෙනි, අපවිත්‍ර දෙයක් ඉවත දමන්නාක් මෙන් මාගේ කන්දෙන් මම ඔබව පිටමං කර විනාශ කරන්නෙමි.+
17 “‘“ඔබේ අලංකාරය නිසා ඔබ උඩඟු විය.+ ඔබේ තේජශ්‍රීය නිසා ඔබ අනුවණයෙකු ලෙස කටයුතු කරන්න පටන්ගත්තෙහිය.+ එමනිසා මම ඔබව පොළොවට හෙළන්නෙමි.+ රජවරුන්ගේ ඇස් පනාපිටම මම ඔබට ඒ දේ කරන්නෙමි.+
18 “‘“ඔබ වංචනික ලෙස වෙළඳාම් කර+ බොහෝ අසාධාරණකම් කළ නිසා,+ ඔබේ ශුද්ධස්ථාන ඔබ කෙලෙසා ඇත. මම ඔබ තුළින්ම ගින්නක් හටගන්න සලස්වන්නෙමි. ඔබ එයින් පිලිස්සී යනු ඇත.+ සියල්ලන්ගේ ඇස් පනාපිටම මම ඔබව අළු ගොඩක් බවට පත් කරන්නෙමි.+ 19 ඔබව දන්නා හඳුනන සියලු ජාතීන් ඔබ දෙස ඇස් අයාගෙන පුදුමයෙන් මෙන් බලා සිටිනු ඇත.+ ඔබ හදිස්සියේම බියෙන් තැතිගෙන සදහටම තුරන් වී යනු ඇත.”’”+
20 යෙහෝවා දෙවි මට මෙසේද පැවසීය. 21 “මනුෂ්‍ය පුත්‍රය, දැන් සීදොන්ට+ විරුද්ධව අනාවැකි කියන්න. 22 ඔබ මෙසේ පැවසිය යුතුය. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “සීදොන් වැසියෙනි, මම ඔබට විරුද්ධව සිටිමි.+ මම ඔබ ඉදිරියෙහි ගෞරවයට පත් වනු ඇත.+ මම සීදොන්ව විනිශ්චයට ලක් කර මා ශුද්ධ බව ඇය ඉදිරිපිටම පැහැදිලිව පෙන්වන්නෙමි. එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ජනයාට සිදු වනු ඇත. 23 මම ඇයට වසංගතවලින් පහර දෙන්නෙමි. ඇගේ වීථි ලෙයින් නැහැවී යනු ඇත.+ මා ඇයව වට කර ඇයට කඩුවෙන් පහර දෙන විට බොහෝදෙනෙක් මැරී වැටෙන්නෝය.+ එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ජනයාට සිදු වනු ඇත.+ 24 මේ දේ සිදු වූ පසු ඊශ්‍රායෙල් සෙනඟව සරදමට ලක් කරන කිසිවෙකුවත් ඉතුරු වන්නේ නැත.+ හානිකර කටු පඳුරක් ලෙස හෝ වේදනාකාරී කටුවක් ලෙස හෝ ක්‍රියා කරන ජනයා ඔවුන් අවට තවත් නොසිටින්නෝය. එවිට මා විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි බව පිළිගන්න ජනයාට සිදු වනු ඇත.”’
25 “‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “ජාතීන් අතරේ සීසීකඩ විසිර සිටින ඊශ්‍රායෙල් සෙනඟව මම නැවතත් එකතු කරන්නෙමි.+ මාගේ සේවක යාකොබ්ට දුන් දේශයේ+ මම ඔවුන්ව නැවත පදිංචි කරවමි.+ එවිට මා ශුද්ධ දෙවි කෙනෙකු බව සියලු ජාතීන් පැහැදිලිව දකිනු ඇත.+ 26 මම අනිවාර්යයෙන්ම ඔවුන්ට සරදම් කළ සියලුදෙනාට විරුද්ධව මාගේ විනිශ්චය ක්‍රියාත්මක කරන්නෙමි.+ ඉන්පසු ඔවුහු එම දේශයෙහි ගෙවල් ඉදි කරමින්+ හා මිදිවතු වවමින්+ සුරක්ෂිතව කල් ගෙවනු ඇත.+ එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔවුන්ට සිදු වනු ඇත.”’”