ගලාති
2 ඉන් අවුරුදු දහහතරකට පසු මම බානබස් සමඟ,+ තීතස්වද කැඳවාගෙන නැවත යෙරුසලමට ගියෙමි.+ 2 මා එසේ ගියේ යේසුස් ක්‍රිස්තුස් මට යමක් එළිදරව් කළ නිසාය.+ මා එහි සිටින විට ප්‍රමුඛත්වය ගන්නා අය ලෙස කවුරුත් හොඳින් හඳුනන සහෝදරයන් කිහිපදෙනෙකුව පෞද්ගලිකවම හමු වී මා දැනට වෙනත් ජාතීන්ට අයත් මිනිසුන් අතරේ ශුභාරංචිය ප්‍රකාශ කරන ආකාරය ගැන පැහැදිලි කළෙමි.+ මා එසේ කළේ මා කරමින් සිටි සේවය+ හෝ කර තිබූ සේවය නිෂ්ඵල එකක් විය හැකි බවට බියක්+ මට දැනුණු නිසාය. 3 මා සමඟ සිටි ග්‍රීක ජාතිකයෙකු වූ තීතස්+ චර්මච්ඡේදනය වීමේ පිළිවෙතට යටත් විය යුතුයි කියා කිසිවෙකු ඔහුට බල කළේ නැත.+ 4 නමුත් සහෝදරයන් බව බොරුවට මවාපාන අයගේ බලපෑම නිසා+ ඒ ගැන ප්‍රශ්නයක් මතු විය. කාටත් හොරෙන් පැමිණි ඔවුන්+ සභාවට රහසින් රිංගාගත්තේ ක්‍රිස්තුස් යේසුස් සමඟ එකට බැඳී සිටින අය ලෙස අප භුක්ති විඳින නිදහසට යම් ආකාරයකින් හානියක් කිරීමට මඟක් සෙවීම සඳහාය.+ ඔවුන්ට අවශ්‍ය වුණේ අපව සම්පූර්ණයෙන්ම නීතියට වහල් කර තබාගැනීමටය.+ 5 අපි ඔවුන්ගේ බලපෑමට කිසි ලෙසකින්වත් සුළු මොහොතකට හෝ හසු වුණේ නැත.+ අප එසේ කළේ ශුභාරංචියට සවන් දී ඔබ ඉගෙනගත් සත්‍යයෙන්+ කිසි ලෙසකින්වත් අහක් නොවී එයට ඇලී සිටීමට ඔබට උපකාර කිරීම සඳහාය.
6 නමුත් ප්‍රමුඛත්වය ගන්නා අය ලෙස කවුරුත් හොඳින් හඳුනන පුරුෂයන්+ මාර්ගයෙන් මට කිසිම අලුත් දෙයක් ලැබුණේ නැත. ඔවුන් මීට කලින් යම් වරප්‍රසාද ලබාගෙන සිටියත් වැදගත් වන්නේ එය නොවේ.+ එසේ වන්නේ දෙවි මිනිසුන්ව විනිශ්චය කරන්නේ ඔවුන්ගේ පිටාතර පෙනුමට අනුව නොවන නිසාය.+ 7 යුදෙව්වන්ට*+ ශුභාරංචිය දීමේ කාර්යය පේතෘස්ට භාර දුන් ලෙසම යුදෙව් නොවන අයට*+ එය දීමේ කාර්යය මට භාර දී තිබුණු බව+ ඔවුහු තේරුම්ගත්තෝය. 8 මන්ද වෙනත් ජාතීන්ට අයත් අය වෙනුවෙන් සේවය කිරීමේ වගකීම මට භාර දුන්නේ+ යුදෙව්වන් වෙනුවෙන් නියෝජිතයෙකු* ලෙස කටයුතු කිරීමේ වගකීම පේතෘස්ට භාර දුන් තැනැත්තාමය. 9 ඇත්තෙන්ම මා දෙවිගේ මහත් කරුණාව+ ලබා තිබුණු ආකාරය+ සභාවේ කණු හා සමානව සිටි+ යාකොබ්ද+ සීෆස්ද යොහන්ද තේරුම්ගත් විට ඔවුහු අතට අත දී මාව සහ බානබස්ව+ පිළිගත්තෝය.+ ඒ අනුව අප වෙනත් ජාතීන් වෙතට යා යුතු බවටත් ඔවුන් යුදෙව්වන් වෙතට යා යුතු බවටත් වූ කාරණයට ඔවුහු එකඟ වූහ. 10 එසේම අප දිලිඳුන්වද සිහියේ තබාගත යුතු බවත්+ ඔවුහු අපට පැවසූහ. මාද මහත් උනන්දුවෙන් වෑයම් කරන්නේ ඒ දේ කිරීමටය.+
11 නමුත් සීෆස්+ අන්තියෝකියට+ පැමිණි විට ඔහු අතින් වරදක් සිදු වූ බව ඉතා පැහැදිලිව පෙනුණු නිසා+ මම කෙළින්ම ඒ ගැන ඔහුට කතා කළෙමි. 12 මන්ද මුලින් ඔහු වෙනත් ජාතීන්ට අයත් අය සමඟ එකට ආහාර ගනිමින් සිටියත්+ යාකොබ් වෙතින් පුරුෂයන් කිහිපදෙනෙකු පැමිණි පසු+ ඔහු වෙනත් ජාතීන්ට අයත් අයගෙන් ඈත් වී ඔවුන් සමඟ තවදුරටත් ඇසුරු කිරීම නතර කළේය. ඔහු එසේ කළේ චර්මච්ඡේදනයට පක්ෂව සිටි අයට+ බියෙන් සිටි නිසාය.+ 13 අනික් යුදෙව්වරුද එම කුහකකමට හවුල් වූහ.+ බානබස්+ පවා ඔවුන්ට හවුල් විය. 14 නමුත් ඔවුන් ශුභාරංචිය තුළින් ඉගෙනගත් සත්‍ය මාර්ගයට අනුව ක්‍රියා නොකරන බව මා දුටු විට+ මම ඔවුන් සියලුදෙනා ඉදිරියෙහිම සීෆස්ට මෙසේ කීවෙමි.+ “ඔබ යුදෙව්වෙක් වුණත් යුදෙව්වෙක් ලෙස ජීවත් වන්නේ නැතුව වෙනත් ජාතීන්වල මිනිසුන් ජීවත් වන ආකාරයට ජීවත් වෙනවා. එසේනම් ඇයි ඔබ වෙනත් ජාතීන්වල මිනිසුන්ට යුදෙව් චාරිත්‍රවලට අනුව ජීවත් වෙන්න කියා බල කරන්නේ?”+
15 වෙනත් ජාතීන්වල සිටින පව්කාරයන් මෙන් නොව+ අපි උපතින්ම යුදෙව්වරුන් වන්නෙමු.+ 16 නමුත් ක්‍රිස්තුස් යේසුස් කෙරෙහි විශ්වාසය තැබීමෙන් මිස+ නීතියේ සඳහන් සෑම දෙයක්ම පිළිපැද්ද පමණින් කිසි මිනිසෙකු ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස ප්‍රකාශ කරනු ලබන්නේ නැති බව අපි දනිමු.+ ඒ අනුව අපිද ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ වීම සඳහා නීතියට අනුව ක්‍රියා කරන්නේ නැත. ඒ වෙනුවට අපි ක්‍රිස්තුස් යේසුස් කෙරෙහි විශ්වාසය තබන්නෙමු.+ මන්ද නීතියේ සඳහන් සෑම දෙයක්ම පිළිපැද්දා කියා කිසි මිනිසෙකු දෙවි ඉදිරියේ ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස ප්‍රකාශ කරනු ලබන්නේ නැත.+ 17 නමුත් අප ක්‍රිස්තුස් මාර්ගයෙන් ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කරනු ලැබීමට උත්සාහ දැරීමෙන් පසුවත්+ අපව පව්කාරයන් ලෙස සලකනු ලැබේ නම්+ ඉන් අදහස් කරන්නේ ක්‍රිස්තුස් අපට පව් කිරීමට දිරිගන්වනවා කියාද?+ නැත. කිසි ලෙසකින්වත් එසේ නොසිතන්න. 18 නමුත් මා වරක් කඩා දැමූ දේවල් නැවත මා විසින්ම ගොඩනඟනවා නම්+ ඉන් ඔප්පු වන්නේ මා වරදකරුවෙකු වන බවය.+ 19 මා නීතිය සම්බන්ධයෙන් මිය ගොස්+ එයින් නිදහස් වන නිසා දෙවි වෙනුවෙන් ජීවත්ව සිටීමට දැන් මට පුළුවන.+ 20 ඒ අනුව ක්‍රිස්තුස් සමඟ මාවද වධකණුවට ඇණ ගසා ඇති බව පැවසිය හැක.+ එහෙයින් තවදුරටත් ජීවත් වන්නේ මා නොව+ මා සමඟ එකට බැඳී සිටින ක්‍රිස්තුස්ය.+ මන්ද මා දැනට මිනිසෙකු ලෙස ගත කරන මේ ජීවිතය+ මා ඇත්තටම ගත කරන්නේ මට ප්‍රේම කර මා වෙනුවෙන් තම ජීවිතය පුද කළ දෙවිගේ පුත්‍රයා කෙරෙහි විශ්වාසය තබමින්ය.+ 21 දෙවි එලෙස පෙන්වා ඇති මහත් කරුණාව මට නොසලකාහැරිය නොහැක.+ මන්ද කෙනෙක් ධර්මිෂ්ඨයෙකු වන්නේ නීතිය පිළිපැදීමෙන් නම්+ ක්‍රිස්තුස්ගේ මරණයෙන් කිසි පලක් නැත.+