ෆිලිප්පි
3 මගේ සහෝදරයෙනි, අවසන් වශයෙන් මා ඔබට කියන්නේ ස්වාමීන් සමඟ එකට බැඳී සිටින අය ලෙස දිගටම ප්‍රීතියෙන් සිටින්න+ කියාය. එකම දේ නැවත ලිවීමට සිදු වුණත් මම එය කරදරයක් ලෙස සලකන්නේ නැත. එසේ ලියන්නේ ඔබේ ආරක්ෂාව සඳහාය.
2 නින්දිත ක්‍රියාවල යෙදෙන,+ හානිකර දේවල් කරන සහ චර්මච්ඡේදනය කිරීමේ පිළිවෙතට පක්ෂව සිටින අයගෙන්+ පරෙස්සම් වන්න. 3 සැබෑ ලෙස චර්මච්ඡේදනය කර තිබෙන්නේ අපවය.+ මන්ද අපි මිනිසුන් වැදගත් ලෙස සලකන දේවල් කෙරෙහි අපගේ විශ්වාසය තබන්නේ නැත.+ ඒ වෙනුවට අප දෙවිට පරිශුද්ධ සේවයක් කරන්නේ ඔහුගේම බලයේ උපකාරයෙනි.+ එලෙසම අප ආඩම්බර වන්නේ ක්‍රිස්තුස් යේසුස් ගැනය.+ 4 මිනිසුන් වැදගත් ලෙස සලකන දේවල් ගැන යම් කෙනෙකුට ආඩම්බරයෙන් කතා කළ හැකි නම් මටත් එලෙස කතා කළ හැකිය.
මිනිසුන් වැදගත් ලෙස සලකන දේවල් ගැන ආඩම්බරයෙන් කතා කිරීමට යම් හේතු ඇති බව යමෙකුට සිතිය හැක. නමුත් එවැන්නෙකුට වඩා මට ඒ සඳහා හේතු ඇත.+ 5 මා ඊශ්‍රායෙල් පෙළපතෙන් පැමිණි බෙන්ජමින් ගෝත්‍රයට අයත් කෙනෙකි.+ මාව චර්මච්ඡේදනය කළේ අටවෙනි දිනේදීය.+ මා හෙබ්‍රෙව් ජාතිකයෙකි. මගේ දෙමාපියෝද හෙබ්‍රෙව් ජාතිකයෝය.+ එලෙසම මා නීතියට ඇලී සිටි පරිසිවරුන්ගේ නිකායේ සාමාජිකයෙකි.+ 6 මා කොතරම් උද්යෝගයකින් කටයුතු කළාද කිවහොත් මම සභාවට පීඩා කළෙමි.+ නීතියට කීකරු වීම අතින් මා ධර්මිෂ්ඨයෙකු වූ අතර අන් සියලු පැතිවලින්ම නිර්දෝෂ කෙනෙක් ලෙස මම නම් දරා සිටියෙමි. 7 නමුත් මට වාසියක් ලෙස සැලකිය හැකි ඒ දේවල් මම ක්‍රිස්තුස් වෙනුවෙන් කැමැත්තෙන්ම අත්හැර දැමුවෙමි.+ 8 ඇත්තෙන්ම මගේ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස් පිළිබඳ මා ලබාගත් දැනුම කොතරම් අනර්ඝද+ කිවහොත් මට තිබුණු සියල්ල මා සලකන්නේ කිසි වටිනාකමක් නැති දේවල් හැටියටය. ඔහු වෙනුවෙන් මට සෑම දෙයක්ම අහිමි වුවත් ඒ ගැන මට කිසි දුකක් නොදැනෙන අතර එසේ අහිමි වූ දේවල් මා සලකන්නේ කුණු ගොඩක් ලෙසය.+ මා ඒ සියල්ල කළේ ක්‍රිස්තුස් සමඟ කිට්ටු බැඳීමක් ඇති කරගෙන, 9 ඔහු සමඟ එකට බැඳී සිටින කෙනෙකු ලෙස පිළිගනු ලැබීමටය. ඒ අනුව නීතිය පිළිපැද මගේම උත්සාහයෙන් ධර්මිෂ්ඨයෙකු වෙනවා වෙනුවට+ ක්‍රිස්තුස් කෙරෙහි විශ්වාසය තැබීමෙන්+ මම ධර්මිෂ්ඨයෙක් වෙමි. ඒ ධර්මිෂ්ඨකම පැමිණෙන්නේ දෙවිගෙනි. එයට පදනම විශ්වාසයයි.+ 10 එමගින් ක්‍රිස්තුස්ව දැන හඳුනා ගෙන ඔහුගේ නැවත නැඟිටීම කොතරම් බලවත් දෙයක්ද+ කියා තේරුම්ගැනීමට හැකි වන අතර ඔහු මෙන් දුක් විඳිනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද+ කියා තේරුම්ගැනීමටත් හැකි වේ. එහෙයින් ඔහු අද්දැක්කා හා සමාන මරණයක් අද්දැකීමට මම සතුටු වන්නෙමි.+ 11 ඇතැම්විට යම් ආකාරයකින් හෝ මුලින්ම මරණයෙන් නැවත නැඟිටුවන අය අතර+ සිටීමට අවස්ථාවක් මට ලැබිය හැක.
12 එයින් මා අදහස් කරන්නේ මගේ ත්‍යාගය මා දැනටමත් ලබාගෙන සිටිනවා කියාවත් මා පූර්ණ තත්වයකට පත් වී සිටිනවා කියාවත් නොවේ.+ ඒ වෙනුවට ක්‍රිස්තුස් යේසුස් මාව තෝරාගෙන මට ලබා දීමට යන ඒ දේ+ අත් කරගැනීම සඳහා+ මම දැඩි වෑයමක නිරත වී සිටිමි.+ 13 සහෝදරයෙනි, ඒ දේ මා අත් කරගෙන ඇති බව මට තවමත් සිතන්නේ නැත. නමුත් මම එක දෙයක් කරමි. එනම් මා අත්හැර දැමූ දේවල් අමතක කර+ ඉදිරියේ තිබෙන දේවල් අත් කරගැනීමට මහත් වෑයමක් දරමින් සිටිමි.+ 14 මගේ ත්‍යාගය+ ලබාගැනීමේ අදහසින් මම දිගටම දුවමින් සිටින්නෙමි.+ ඒ ත්‍යාගය නම් ස්වර්ගයට යෑම සඳහා යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් දෙවිගෙන් ලැබූ කැඳවීමය.+ 15 ඒ අනුව අවබෝධයෙන් ක්‍රියා කරන අය ලෙස කටයුතු කරන අපි සියලුදෙනාම,+ ක්‍රිස්තුස්ට තිබූ ආකල්පය ඇතුව+ සිටිමු. ඔබට තිබෙන ආකල්පය යම් පැතිවලින් වෙනස් කරගත යුතු නම් තිබිය යුතු නිවැරදි ආකල්පය කුමක්ද කියා දෙවි ඔබට හෙළි කරනු ඇත. 16 මෙතරම් දුරකට ප්‍රගතියක් ලබාගැනීමට අප යම් දේවල් කළා නම් ඒ දේවල ඒ අයුරින්ම දිගටම නිරත වෙමු.+
17 සහෝදරයෙනි, ඔබ සියලුදෙනාටම මා කියන්නේ, මාව අනුකරණය කරන්න+ කියාය. එලෙසම අප තැබූ ආදර්ශයට අනුව තම ජීවිත ගත කරන අයවද සැලකිල්ලට ගන්න.+ 18 මන්ද ක්‍රිස්තුස් වධකණුවේ වින්ද මරණය ගැන කිසිම අගය කිරීමක් නොදක්වමින් තම ජීවිත ගත කරන බොහෝදෙනෙක් සිටිති.+ මම කලින් ඔවුන් ගැන කිහිප වතාවක්ම සඳහන් කළ ලෙසම දැනුත් කඳුළු සලමින් ඔවුන් ගැන සඳහන් කරමි. 19 ඔවුන්ට අවසානයේදී අත් වන්නේ විනාශය පමණි.+ ඔවුන් දෙවියෙකු සේ සලකන්නේ ඔවුන්ගේම ආශාවන්ය.*+ ඔවුන් යම් දේවල් ගැන ආඩම්බරයෙන් කතා කළත් ඒ දේවල් ගැන ඔවුන් ඇත්තෙන්ම ලැජ්ජා විය යුතුයි.+ ඔවුන්ගේ මනස් යොමු වී තිබෙන්නේ මේ ජීවිතයේ තිබෙන නිෂ්ඵල දේවලටය.+ 20 නමුත් අපට ලැබී තිබෙන්නේ ස්වර්ගයෙහි+ පුරවැසිභාවයයි.+ එහෙයින් ස්වර්ගයෙහි සිටින ගැලවුම්කරු වන ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්+ පැමිණෙන තුරු අපි මහත් ආශාවකින් බලා සිටිමු.+ 21 සියලුම දේවල් තමා යටතට ගැනීමේ බලය ඔහු සතුය.+ ඒ බලය යොදාගනිමින්+ ඔහු අපගේ දුර්වල ශරීර+ ඔහුගේ තේජවත් ස්වභාවයට සමාන වන ආකාරයකින්+ වෙනස් කරනු ඇත.