යෝබ්
2 වහලෙකු විවේක ගැනීමට සෙවණක් ලැබෙන තුරු මහත් ආශාවෙන් බලා සිටින්නාක් මෙන්ද+
කුලීකරුවෙකු තම කුලිය ලැබෙන තුරු නොඉවසිල්ලෙන් බලා සිටින්නාක් මෙන්ද+ මම බලා සිටිමි.
4 යහනේ සැතපෙන විට, ‘නැඟිටින්නේ කොයි වෙලේද’+ කියා මම කල්පනා කරමි.
රාත්රිය දිගුය. පහන් වන තුරු මට ඉවසුම් නැත.
6 රෙදි වියන උපකරණයක වේගය මෙන් මාගේ ජීවිතයේ දවස්ද වේගයෙන් ගෙවී යයි.+
කිසි බලාපොරොත්තුවක් නොමැතිව+ මාගේ ජීවිතය අවසන් වෙයි.
7 ‘දෙවියනි, මාගේ ජීවිතය සුළඟක් මෙන් අවසන් වන බව සිහි කරන්න.+
මාගේ ඇස්වලින් මම නැවත කිසිදා යහපත නොදකින්නෙමි.
11 මා කෙසේ කට වසාගෙන සිටින්නද?
මාගේ සිතේ දුකට මම කතා කරන්නෙමි.
දරාගත නොහැකි වේදනාවෙන් විලාප නඟන්නෙමි!+
13 “මාගේ යහන මට සැනසිල්ල ලබා දෙයි.
මා යහනෙහි සැතපුණොත් මාගේ ශෝකය දුරු වෙයි” කියා මම සිතුවෙමි.
14 නමුත් ඔබ මාගේ සිත සිහිනවලින් සලිත කළෙහිය.
රුදුරු දර්ශනවලින් මාව බියගැන්වූවෙහිය.
15 මා ජීවත් වෙනවාට වඩා හුස්ම හිර වී මාගේ දිවි කෙළවර වෙනවා නම් හොඳය.
මාගේ වැහැරුණු ශරීරය දෙස බලා සිටිනවාට වඩා මා මිය ගියා නම් එය මට යහපතකි.+
16 මට ජීවිතය තිත්ත වී ඇත.+ සැමදා ජීවත් වෙන්න මා තුළ කිසි ආශාවක් නැත.
මට නිදහසේ ඉන්න ඉඩහරින්න. මන්ද මාගේ දවස් සුළං රොදක් මෙන් විගස පහව යයි.+
17 ඔබ මිනිසාව කුඩා කාලයේ සිටම උස් මහත් කර,
ඔහු කෙරෙහි ඔබේ අවධානය යොමු කර සිටින්න තරම් ඔහු කවුද?+
18 උදයක් උදයක් පාසා ඔබ ඔහු දෙස නෙත් යොමා,
සෑම මොහොතකම ඔහුගේ ක්රියා සෝදිසි කර බලන්නේ මන්ද?+