ද්විතීය කතාව
24 “පුරුෂයෙක් තමන් විවාහ කරගත් ස්ත්රිය නොමනා ආකාරයකින් හැසිරෙන බව දැක ඇය ගැන පිළිකුලක් ඇති වී ඇයව අත්හරින්න තීරණය කළොත්+ ඔහු කළ යුත්තේ මෙයයි. ඔහු ඇගෙන් දික්කසාද වන බවට ලියවිල්ලක් සකස් කර ඇයට දී+ ඇයව තම නිවසෙන් පිටත් කර යැවිය යුතුයි.+ 2 ඉන්පසු ඇයට වෙනත් පුරුෂයෙකු සමඟ විවාහ විය හැකියි.+ 3 දෙවන පුරුෂයාත් ඇයට වෛර කර දික්කසාද වන බවට ලියවිල්ලක් සකස් කර ඇයව තම නිවසෙන් පිටත් කර යැව්වොත් එසේත් නැත්නම් ඒ පුරුෂයා මිය ගියොත් 4 මුල්ම පුරුෂයාට ඇයව නැවත විවාහ කරගන්න අවසර නැහැ. මන්ද ඇය ඔහු ඉදිරියේ සිටින්නේ අපවිත්ර තත්වයකයි.+ එවැනි දෙයක් කළොත් එය යෙහෝවා දෙවිට පිළිකුලක්. යෙහෝවා දෙවි ඔබට උරුම කර දෙන දේශයේ එවැනි පව්කාර ක්රියාවල් සිදු නොකිරීමට ඔබ වගබලා ගත යුතුයි.
5 “පුරුෂයෙක් විවාහ වූ අලුත+ ඔහුට හමුදා සේවයෙනුත් වෙනත් සේවාවන්ගෙනුත් අවුරුද්දක නිදහසක් ලැබෙයි. මෙසේ, ඒ අවුරුද්ද පුරා තම භාර්යාව සමඟ ප්රීතියෙන් කල් ගෙවන්න ඔහුට පුළුවන්.+
6 “යම් කෙනෙක් ඔබෙන් ණයක් ගත්තොත් ඒ ණයට ඇප වශයෙන් ඔහුගේ ඇඹරුම් ගලවත් එහි අත්ගලවත් ගන්න ඔබට අවසර නැහැ.+ එසේ කළොත් ඔහුගේ ජීවිතය රැකගන්න ඔහුට හැකි වෙන්නේ නැහැ. ඔබ ඇප වශයෙන් ගන්නේ ඔහුගේ ජීවිතයයි.
7 “ඊශ්රායෙල්වරයෙක් තමන්ගේම සෙනඟ අතරෙන් කෙනෙකුව පැහැරගෙන+ ඔහුව මුදල්වලට විකුණුවොත්+ ඒ කුරිරු ක්රියාව කළ පුද්ගලයාව මරා දමන්න. එසේ කර ඔබ අතරින් එවැනි දුෂ්ටකම් ඉවත් කරන්න.+
8 “ලාදුරු රෝගය ගැන අවධානයෙන් සිටින්න.+ ඒ සම්බන්ධයෙන් කළ යුතු දේ ගැන මම පූජකයන්ට හා ලෙවීවරුන්ට විවිධ උපදෙස් දී තිබෙනවා.+ ඔවුන් ඔබට දෙන සෑම උපදෙසක්ම පිළිපැදීමට වගබලා ගන්න.+ 9 ඔබ ඊජිප්තුවෙන් පිටතට ආ පසු යෙහෝවා දෙවි මිරියම්ට කළ දේත් අමතක කරන්න එපා.+
10 “ඔබේ අසල්වාසියාට යමක් ණයට දුන් පසු,+ ඔහු ඇප වශයෙන් දීමට පොරොන්දු වූ දේ ගැනීමට ඔහුගේ නිවස ඇතුළට යන්න එපා.+ 11 ඔහු එය ගෙනත් දෙන තුරු ඔබ ඔහුගේ නිවසින් පිටතට වී බලා සිටිය යුතුයි. 12 ඔහු ඉතා දුගී තත්වයකට පත් වී සිටිනවා නම් නින්දට යන්න කලින් ඔබ ඇප වශයෙන් ගත් දේ නැවත ඔහුට ලබා දිය යුතුයි.+ 13 හිරු බැස ගිය වහාම ඔබ ඔහුගෙන් ගත් දේ ඔහුට නැවත ලබා දෙන්න.+ එවිට තමාගේ පිට වස්ත්රය ඇඳගෙන නිදාගන්න ඔහුට පුළුවන්.+ එමෙන්ම ඔහු ඔබට ආශීර්වාද+ කරයි. ඔබ කළ ඒ දේ ඔබේ දෙවි වන යෙහෝවා ධර්මිෂ්ඨ ක්රියාවක් ලෙස සලකයි.+
14 “කුලියට යම් වැඩක් කරගැනීමට ඔබේ සහෝදරයෙකුව හෝ ඔබේ දේශයේ පදිංචි වී සිටින විදේශිකයෙකුව ගන්න ඔබට හැකියි. නමුත් ඔහු දිලිඳු හෝ අසරණ කෙනෙක් වූ පළියට ඔහුගෙන් අයුතු ප්රයෝජන ගන්න එපා.+ 15 ඔහු අසරණව සිටින නිසා ඔහු ඔබ ළඟ වැඩ කරන්නේ කුලියක්+ බලාපොරොත්තුවෙන්. ඒ නිසා සෑම දිනකම හිරු බැස ගිය වහාම ඔහුගේ කුලිය ඔහුට ලබා දෙන්න. ඔබ එසේ නොකළොත් එය පාපයක්.+ ඔබ කළ ඒ අසාධාරණය ගැන ඔහු යෙහෝවා දෙවිට කන්නලව් කරයි.+
16 “දරුවෙක් කරන වරදක් නිසා ඔහුගේ පියාව මරා නොදැමිය යුතුයි. පියෙක් කරන වරදක් නිසා ඔහුගේ දරුවාව මරා නොදැමිය යුතුයි.+ මරණ දණ්ඩනය දිය යුත්තේ වරද කළ තැනැත්තාට පමණයි.+
17 “ඔබ අතරේ සිටින විදේශිකයෙකුටවත්+ පියා නැති දරුවෙකුටවත්+ කිසිම අසාධාරණයක් නොකරන්න. වැන්දඹුවකගේ වස්ත්රයක් ඇපයට නොගන්න.+ 18 ඔබ ඊජිප්තු දේශයේ වහලුන් ලෙස සිටි බවත් යෙහෝවා දෙවි ඔබව නිදහස් කළ බවත් අමතක නොකරන්න.+ මේ දේවල් කරන්න මා ඔබට අණ කරන්නේ ඒ නිසයි.
19 “ඔබේ කෙතේ අස්වැන්න නෙළාගත් පසු+ අමතක වී එක මිටියක් කෙතේ තබා ගියොත් එය ගැනීමට ආපසු නොයන්න. විදේශිකයන්ට, පියා නැති දරුවන්ට සහ වැන්දඹුවන්ට එය ගැනීමට ඉඩ දෙන්න.+ ඔබ එසේ කළොත් ඔබ කරන සෑම දෙයකටම යෙහෝවා දෙවිගේ ආශීර්වාද ඔබට නොඅඩුව ලැබෙයි.+
20 “ඔබට අයිති ඔලීව ගස්වලින් ගෙඩි කඩාගත්* පසු ඒවායේ අතුවල තවත් ගෙඩි ඉතුරු වී ඇද්දැයි සොයා බලන්න එපා. ඒවා විදේශිකයන්, පියා නැති දරුවන් සහ වැන්දඹුවන් වෙනුවෙන් ඉතුරු කරන්න.+
21 “ඔබට අයිති මිදිවත්තෙන් ඔබ මිදි එකතු කරගත් පසු, නැවතත් ගොස් තවත් මිදි ඉතුරු වී ඇද්දැයි බලන්න එපා. ඒවා විදේශිකයන්, පියා නැති දරුවන් හා වැන්දඹුවන් සඳහා තබා යන්න. 22 ඔබ ඊජිප්තු දේශයේ වහලුන් ලෙස සිටි කාලය අමතක කරන්න එපා.+ මා ඔබට මේ දේවල් අණ කරන්නේ ඒ නිසයි.+