යෝබ්
9 එවිට යෝබ් පිළිතුරු දෙමින් මෙසේ කිවේය.
2 “ඔබ කියූ කාරණය සත්‍යය බව මම දනිමි.
මිනිසා දෙවිට වඩා ධර්මිෂ්ඨ වන්නේ කෙලෙසද?+
7 ඔහු, ‘එළිය නොදෙන්න’ කියා හිරුට අණ කරන්නේය.
තාරකාවන් මුද්‍රාවකින් වසා දමන්නේය.+
8 අහස්තලය තනිවම දිගහැරියේ ඔහුය.+
මුහුදේ දැවැන්ත රළ+ පහර මත පා තබන්නෙත් ඔහුය.
9 ඈෂ්, කේසිල් සහ කයිමා* යන තාරකා මණ්ඩලද+
දකුණු දිග තාරකා මණ්ඩලයද* තැනුවේ ඔහුය.
10 ඔහු කිසිවෙකුට සොයා තේරුම්ගත නොහැකි මවිතකර දේ කරන්නේය.+
ඔහුගේ පුදුම දනවන ක්‍රියා ගණන් කරන්නවත් බැරි තරම්ය.+
12 ඔහු යමක් උදුරාගන්නේ නම් එය වැළක්විය හැක්කේ කාටද?
‘ඔබ කුමක් කරන්නෙහිද’ කියා කිසිවෙකුට ඔහුගෙන් ඇසිය හැකිද?+
14 එසේනම්, මා දෙවිට පිළිතුරු දෙන විට මා කොතරම් පරෙස්සමෙන් මාගේ වචන හැසිරවිය යුතුද?
මම ඔහු සමඟ කතා කිරීමට පෙර හොඳින් සිතා බලන්නෙමි.+
15 මම නිවැරදි වුවත් ඔහු ඉදිරියේ කට නාරින්නෙමි.+
මට චෝදනා කරන්නාගෙන් මම කරුණාව අයැදිමි.+
16 මා ඔහුට හඬගැසුවත් ඔහු මට පිළිතුරු දෙයිද?+
ඔහු මාගේ හඬ අසයි කියා විශ්වාස කළ හැකිද?
17 දෙවි සැඩ කුණාටුවකින් මට පහර දෙන්නේය.
ඔහු නිකරුණේ මට බොහෝ තුවාල ඇති කරන්නේය.+
18 ඔහු මට හුස්ම+ ගන්නවත් ඉඩ නොදෙන්නේය.
මාගේ ජීවිතය එපා වන තරමටම කටුක අද්දැකීම්වලට මුහුණ දීමට ඔහු මට සැලැස්වූවේය.
19 දෙවිට වඩා බලවත් කෙනෙක් සිටීද?+
ඔහුට වඩා යුක්තිසහගත කෙනෙක් සිටීද? එසේනම් ඔහු ඉදිරියට මාව කැඳවනු ලැබේවා!
20 මා කිසි වරදක් නොකළද මා දුෂ්ටයෙකු බව මාගේම මුඛය මට විරුද්ධව චෝදනා කරනු ඇත.
මා නිදොස් වුවද දෙවි මා වරදකරුවෙකු බව ප්‍රකාශ කරනු ඇත.
21 මා නිදොස් වුවද ජීවත් වීමෙන් පලක් නැත.
මට ජීවිතය තිත්ත වී ඇත.
22 එක් දෙයක් නම් පැහැදිලිය.
කෙනෙකු නිදොස් වුවත් දුෂ්ට වුවත් එහි කිසි වෙනසක් නැත. දෙවි ඒ දෙපිරිසම විනාශ කරන්නේය.+
23 නොසිතූ මොහොතක ජලගැල්මක් ඇති වී මිනිස් ජීවිත උදුරාගෙන, නිදොස් අයව අසරණ කරන්නේ නම්
දෙවි ඒ දෙස බලා සිනාසෙනු ඇත.
24 පොළොව දුෂ්ටයාගේ අතට භාර දී තිබේ.+
දෙවි විනිසුරුවන්ගේ දෑස් වසා ඇත.
එසේ කළ හැක්කේ ඔහුට මිස වෙන කවරෙකුටද?
25 මාගේ ජීවිතයේ දවස්, වේගයෙන් දුවන ධාවකයෙකුටත් වඩා ශීඝ්‍රයෙන් ගෙවී යන්නේය.+
කිසිදු යහපතක් නොදැක මාගේ ජීවිතය ගෙවී යන්නේය.
26 වේගයෙන් යාත්‍රා කරන පන් ඔරුවක් මෙන්ද
ගොදුර මතට කඩාවදින රාජාලියෙකු මෙන්ද+ මාගේ ජීවිතයේ දවස් වේගයෙන් ගෙවී යයි.
28 වේදනාකාරී දේ මා පසුපස හඹා එන නිසා මම බියෙන් සිටිමි.+
මන්ද ඔබ මා නිර්දෝෂයි කියා ප්‍රකාශ නොකරන බව මම දනිමි.
30 මා හිම දියෙන් නාගෙන,
සබන්+ දමා මාගේ දෑත් සෝදාගත්තද
31 ඔබ මා මඩ වගුරක හෙළන්නෙහිය.
මාගේ වස්ත්‍ර පවා මාව පිළිකුල් කරනු ඇත.
35 එවිට කිසිම භයක් නොමැතිව ඔහු සමඟ කතා කරන්නෙමි.
මන්ද ඔහුට භය වීමට මට කිසිදු හේතුවක් නැත.