ගීතාවලිය
සංගීත අධ්යක්ෂක වෙතය. දාවිත් රචනා කළ ගීතයකි.
41 අසරණයා ගැන සැලකිලිමත් වන තැනැත්තා සන්තෝෂවත්ය.+
මන්ද ඔහු දුක් කරදරවලට මුහුණ දෙන විටදී යෙහෝවා දෙවි ඔහුට ගැලවීමට මාර්ගයක් සලසා දෙන්නේය.+
2 යෙහෝවා දෙවි ඔහුව ආරක්ෂා කර ඔහුගේ ජීවිතය රැක දෙන්නේය.+
ඔහු සන්තෝෂවත් තැනැත්තෙකුයයි ප්රකාශ කරනු ලබන්නේය.+
ඔහුව සතුරන් අතට හසු කර දීමට කිසිවෙකුට නොහැක.+
4 “අනේ යෙහෝවා දෙවියනි, මට කරුණාව පෙන්වන්න.+
මට සුවයක් ලබා දෙන්න. මන්ද මම ඔබට විරුද්ධව පව් කළෙමි” යයි මම කීවෙමි.+
5 මාගේ සතුරන්ගේ ආශාව මට නපුරක් සිදු වෙනවා දැකීමය.+
“ඔහු කවදා මැරෙයිද? ඔහුගේ නම පොළොවෙන් මැකී යන්නේ කවදාද” කියා ඔවුහු කියති.
6 යමෙකු මාගේ සුව දුක් විමසීමට පැමිණියත් ඔහුගේ සිතේ කිසි අවංකකමක් නැත.+
ඔහු මාව රිදවීමේ අරමුණින් කාරණා රැස් කරගෙන,
පිටතට ගොස් ඒ ගැන කතා කරයි.+
10 අනේ යෙහෝවා දෙවියනි, මට කරුණාව පෙන්වා මාව නැඟිටුවන්න.+
එවිට ඔවුන්ගේ ක්රියාවලට නිසි දඬුවම් දීමට මට හැකි වනු ඇත. +
11 මාගේ සතුරන් ජය නාද නඟන්නේ නැති බව මම දනිමි.
ඔබ මා ගැන ප්රසන්නව සිටින බව එයින් මම ස්ථිර ලෙස දැනගත්තෙමි.+