කන්ද නඟින විට ගැයූ ගීතයකි.
128 යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් ඇත්තාවූ+
ඔහුගේ මාර්ගවල ගමන් කරන්නාවූ සියල්ලෝ+ සන්තෝෂවත්ය.
2 මන්ද ඔබ ඔබේම දෑතින් උපයාගත් දේ භුක්ති විඳිනු ඇත.+
ඔබ සන්තෝෂයෙන් ජීවත් වනු ඇත. ඔබ යහපත අද්දකිනු ඇත.+
3 ඔබේම නිවසෙහි සිටින
ඔබේ බිරිඳ හොඳින් පල දරන මිදිවැලක් මෙනි.+
ඔබේ මේසය වටා සිටින ඔබේ දරුවෝ ඔලීව ගසක රිකිලි මෙනි.+
4 යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් ඇති තැනැත්තාට+
එසේ ආශීර්වාද ලැබෙන්නේය.+
5 සියොන්හි සිට යෙහෝවා දෙවි ඔබට ආශීර්වාද කරන්නේය.+
ඔබේ මුළු ජීවිත කාලය පුරාම යෙරුසලමේ සිදු වන සෑම යහපත් දෙයක්ම අද්දකින්න.+
6 ඔබේ දරුවන්ගේ දරුවන්වත් ඔබට දැකගැනීමට හැකි වන්නෙහිය.+
ඊශ්රායෙල්ට සමාදානය ලැබේවා!+