යෝබ්
3 මෙතෙක් නිහඬව සිටි යෝබ් තම උපන් දවසට ශාප කරමින්+ 2 මෙසේ කීවේය.
3 “මා උපන් දවස කිසිදා සිහි නොවේවා!+
‘දරුවෙකු පිළිසිඳගෙන ඇතැයි’ කියූ ඒ රාත්‍රියට ශාප වේවා!
4 ගන අඳුර එම දවස වෙළාගනීවා!
ස්වර්ගයේ සිටින දෙවිගේ මතකයෙන් එය පහ වේවා!
එදින හිරු උදා නොවේවා!
5 අන්ධකාරයේ හා මරණයේ සේයාවන් එම දවස වසාගනු ලැබේවා!
වැහි වලාවක් එය වෙළාගනීවා!
එදින බිය උපදවන ගන අඳුරක් ඇති වේවා!+
6 එය ගන අඳුර පවතින රාත්‍රියක් වේවා!+
ඒ දිනය කවදාවත් වසරේ සතුටු වන දිනයක් නොවේවා!
මාසවල දවස් අතරේ එම දිනය නොතිබේවා!
9 ඒ සන්ධ්‍යාවෙහි පායන තරු නොබැබළේවා!
හිරු උදා වන තුරු නෙත් අයාගෙන සිටින ඒ දවසට හිරු උදා නොවේවා!
අරුණාලෝකය දකින්න නොලැබේවා!
13 එසේ නොකළා නම් මේ වන විටත් මම සැනසිල්ලේ සැතපෙනු ඇත.+
මරණ නින්දෙහි සිටිනු ඇත.+
14 විනාශ වූ තැන් යළි ගොඩනැඟුවාවූ+
රජවරුන් හා උපදේශකයන් සමඟ මටත් සැතපෙන්න තිබිණ.+
15 එසේත් නැත්නම් රිදීවලින් නිවෙස් පුරවාගත් අය සමඟද
රනින් පොහොසත් වූ කුමරුන් සමඟද මට සැතපෙන්න තිබිණ.
16 මව්කුස තුළ රහසින් නැති වී ගිය කලලයක් මෙන්ද+
මෙලොව එළිය නොදුටු+ බිලිඳුන් මෙන්ද මටත් මිය යන්න තිබිණ.
20 දුක් වේදනාවලින් හෙම්බත් වී සිටින අයටත්
ජීවිතයෙන් කිසි සතුටක් නොලබන අයටත්+ දෙවි ජීවත් වෙන්න ඉඩහරින්නේ* මන්ද?
22 ඔවුන්ට එය හමු වූවා නම් ඔවුහු සතුටින් ඉපිල යති.
ප්‍රීතියෙන් උද්දාමයට පත් වෙති.
23 කිසිවක් කරකියාගත නොහැකිව+ අසරණ වී සිටින මිනිසාට ජීවත් වීමට දෙවි ඉඩහරින්නේ මන්ද?
හැම අතින්ම ඔහුව කොටු කරන්නේ මන්ද?+
24 කෑම ඉදිරියේ මම සුසුම් හෙළමි.+
මාගේ විලාප හඬ ඇද හැළෙන දිය ඇල්ලක හඬ මෙනි.+
25 යමකට මාගේ සිත සලිත වීද, ඒ දේම මට සිදු වූයේය.
මා බිය වූ දේම මාව සොයා ආවේය.+
26 මට මාගේ ජීවිතය කිසි කරදරයක් නොමැතිව සුවසේ ගත කරන්න නොලැබුණේය.
මට කිසි සහනයක් නොලැබුණේය. මා පසුපස ලුහුබැඳ එන්නේ දුක් කරදරමය.”