මතෙව්
7 “තවදුරටත් අනුන්ව විනිශ්චය නොකරන්න.+ එවිට ඔබවත් විනිශ්චය කරනු ලබන්නේ නැහැ. 2 මන්ද ඔබ අනුන්ව යම් ආකාරයකින් විනිශ්චය කරනවාද එයාකාරයෙන්ම ඔබවත් විනිශ්චය කරනු ලබනවා.+ ඔබටත් මැන දෙනු ලබන්නේ ඔබ මනින මිම්මෙන්මයි.+ 3 එසේනම් ඔබේ ඇසේ ඇති පරාලය ගැන නොතකා ඔබේ සහෝදරයාගේ ඇසේ ඇති රොඩ්ඩ දෙස බලන්නේ ඇයි?+ 4 ඔබේ ඇසෙහි පරාලයක් තිබියදී ඔබේ සහෝදරයාට, ‘ඔබේ ඇසෙන් රොඩ්ඩ ඉවතට ගන්න මට ඉඩ දෙන්න’ කියා ඔබට කිව හැක්කේ කෙසේද?+ 5 එය මොන තරම් කුහකකමක්ද! මුලින්ම ඔබේ ඇසේ තිබෙන පරාලය ඉවතට ගන්න. එවිට ඔබේ සහෝදරයාගේ ඇසෙන් රොඩ්ඩ ඉවතට ගන්න පුළුවන් කෙසේද කියා ඔබට පැහැදිලිව පෙනෙයි.
6 “දෙවිට අයිති දේවල් බල්ලන්ට නොදෙන්න.+ ඔබේ මුතු ඌරන් ඉදිරියෙහි නොදමන්න. මන්ද එසේ කළොත් උන් ඒවා පාගා දමා+ ඇවිත් ඔබට අනතුරක් කරයි.
7 “නොකඩවාම ඉල්ලන්න.+ එවිට ඔබට දෙනු ලැබෙයි. නොකඩවාම සොයන්න. එවිට ඔබට සම්බ වෙයි. නොකඩවාම තට්ටු කරන්න.+ එවිට ඔබට විවෘත කර දෙනු ලැබෙයි. 8 මන්ද ඉල්ලමින් සිටින සියල්ලන්ට ලැබෙයි.+ සොයමින් සිටින සියල්ලන්ට සම්බ වෙයි. තට්ටු කරමින් සිටින සියල්ලන්ට විවෘත කර දෙනු ලැබෙයි. 9 ඔබ අතරේ සිටින කිසිම කෙනෙක් තමන්ගේ පුතා+ රොටියක් ඉල්ලුවොත් ඔහුට ගලක් දෙයිද? 10 නැත්නම් ඔහු මාළුවෙක් ඉල්ලුවොත් සර්පයෙකු දෙයිද? 11 ඔබ දුෂ්ට වුණත්+ ඔබේ දරුවන්ට හොඳම දේ දෙන්නේ කෙසේද කියා ඔබ දන්නවා. එසේනම් ස්වර්ගයෙහි සිටින ඔබේ පියාණන් තමන්ගෙන් ඉල්ලන්නන්ට ඊටත් වඩා කොපමණ වැඩියෙන් හොඳම දේ+ දෙයිද!
12 “අනුන් ඔබට යම් දෙයක් කරනවාට ඔබ කැමතිද+ ඔබත් ඒ දේම ඔවුන්ට කරන්න. නීතියෙත් අනාගතවාක්‍යයෙත් හරය එයයි.+
13 “පටු දොරටුවෙන් ඇතුල් වන්න.+ මන්ද විනාශය කරා යන පාර පළල්. එහි බොහෝ ඉඩකඩද තිබෙනවා. එයින් ඇතුල් වන්නන්ද බොහෝයි. 14 නමුත් ජීවනය කරා යන පාරේ අවහිරකම් තිබෙයි. එහි දොරටුවත් පටුයි. එය සොයාගන්නේ ස්වල්පදෙනෙක් පමණයි.+
15 “බොරු අනාගතවක්තෘවරුන් ගැන සෝදිසියෙන් සිටින්න.+ ඔවුන් බැටළු වෙස් ගෙන+ ඔබ වෙතට පැමිණියත් ඔවුන් ඇතුළතින් රෞද්‍ර වෘකයෝයි.+ 16 නමුත් ඔවුන්ගේ පලවලින්* ඔබට ඔවුන්ව හඳුනාගත හැකියි.+ මිනිසුන් කිසි කලෙක කටු ගස්වලින් මිදිවත් ගොකටුවලින් අත්තික්කා ගෙඩිවත් නෙළාගනියිද?+ 17 එසේම සෑම හොඳ ගසකින්ම ලැබෙන්නේ හොඳ පලයි. නමුත් සෑම නරක ගසකින්ම නෙළාගත හැක්කේ කිසි වැඩකට නැති පලයි.+ 18 හොඳ ගසකට වැඩකට නැති පල දරන්නවත් නරක ගසකට හොඳ පල දරන්නවත් බැහැ. 19 හොඳ පල නොදරන සෑම ගසක්ම කපා ගින්නට දමනු ලබයි.+ 20 ඒ හා සමානව ඒ බොරු අනාගතවක්තෘවරුන්ව හඳුනාගත හැකි වන්නෙත් ඔවුන්ගේ පලවලින්* පමණයි.+
21 “ස්වර්ගයෙහි සිටින මගේ පියාණන්ගේ කැමැත්ත කරන්නා+ මිස මට ‘ස්වාමීනි, ස්වාමීනි’ කියන සියලුදෙනාටම ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න+ ලැබෙන්නේ නැහැ. 22 ඒ දවසේදී බොහෝදෙනෙක්, ‘ස්වාමීනි, ස්වාමීනි,+ අපි ඔබේ නාමයෙන් අනාවැකි කිව්වේ නැද්ද? ඔබේ නාමයෙන් භූතයන් දුරු කළේ නැද්ද? ඔබේ නාමයෙන්+ නොයෙක් බලවත් ක්‍රියා කළේ නැද්ද’ කියා මගෙන් අසයි. 23 එවිට මම ඔවුන්ට පවසන්නේ මෙයයි. මම ඔබව කිසි කලක හඳුනාගෙන සිටියේ නැහැ!+ අධර්මිෂ්ඨ ක්‍රියා කරන්නෙනි,+ මා වෙතින් අහක්ව යන්න.
24 “මගේ මේ වචන අසා ඒවා පිළිපදින සෑම කෙනෙක්ම පර්වතයක් මත තම ගෙය ගොඩනැඟූ නුවණැති මිනිසෙකුට සමානයි.+ 25 වැසි වැස, ගංවතුර ගලා, තද සුළං හමා, ඒ ගෙට ගැසුවත් එය පර්වතයක් මත ගොඩනඟා තිබුණු නිසා එය බිඳ වැටුණේ නැහැ. 26 මගේ මේ වචන අසා ඒවා පිළිපදින්නේ නැති+ සෑම කෙනෙක්ම වැලි මත තම ගෙය ගොඩනැඟූ නුවණ නැති මිනිසෙකුට+ සමානයි. 27 ඒ ගෙය වැස්සෙන්ද ගංවතුරෙන්ද සුළඟින්ද පහර ලැබූ විට+ කිසිවක් ඉතුරු නොවන සේ එය මුළුමනින්ම බිඳ වැටුණා.”+
28 යේසුස් ඒ වචන කියා නිම වූ පසු සමූහයා ඔහු උගන්වන ආකාරය ගැන මවිත වූහ.+ 29 ඔහු ඉගැන්වූයේ නීතිය පිටපත් කරන්නන්ට වඩා වෙනස්වය. එම වෙනසට හේතු වූයේ ඔහු දෙවි මත රඳා සිටිමින්+ ඉගැන්වූ නිසාය.*