නික්මයාම
13 යෙහෝවා දෙවි මෝසෙස්ට තවදුරටත් මෙසේ කීවේය. 2 “ඊශ්‍රායෙල් සෙනඟ අතරේ සිටින සෑම කුලුඳුල් පිරිමි දරුවෙක්වම හා සතෙක්වම මට කැප කරන්න. මන්ද සියලු කුලුඳුලන් මට අයිතිය.”+
3 මෝසෙස් සෙනඟට මෙසේ කීවේය. “යෙහෝවා දෙවි, ඔබව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන ආවේ ඔහුගේ මහත් බලය යොදාගෙනයි.+ එහෙයින් ඔබ වහලුන්ව සිටි ඊජිප්තු දේශයෙන් පිටතට ආ මේ දවස සිහි කළ යුතුයි.+ අද මුහුන් දැමූ කිසිවක් කන්න එපා.+ 4 ඔබ පිටත්ව ආ මේ දවස ආබීබ් මාසයේ දවසක්.+ 5 කිරියෙන් හා පැණියෙන් ඉතිරී යන+ කානානිවරුන්ගේ, හිත්තීවරුන්ගේ, අමෝරිවරුන්ගේ, හිවීයවරුන්ගේ හා යෙබූසිවරුන්ගේ දේශය+ ඔබට දෙන බවට යෙහෝවා දෙවි ඔබේ මුතුන්මිත්තන්ට දිවුරා පොරොන්දු වුණා.+ ඔබව ඒ දේශයට ගෙන ගිය පසුත් ඔබ මෙම මාසයේදී මේ උත්සවය පැවැත්විය යුතුයි. 6 ඔබ දවස් හතක් මුහුන් නොදැමූ රොටි අනුභව කළ යුතුයි.+ හත්වන දවසේදී යෙහෝවා දෙවිට ගෞරවය දෙන පිණිස උත්සවයක් පවත්වන්න.+ 7 ඔබ මුහුන් නොදැමූ රොටි දවස් හතක් පුරා කන්න.+ මුහුන් දැමූ කිසිවක් ඔබ ළඟ තබා නොගන්න.+ ඔබ ජීවත් වන ප්‍රදේශයේ කොතැනකවත් පිපුණු පිටි තබා නොගන්න.+ 8 ‘මම ඊජිප්තු දේශයෙන් පිටත්ව එන විට යෙහෝවා දෙවි මා වෙනුවෙන් කළ දේ නිසයි මම මේ දවස සමරන්නේ’ කියා ඔබ ඔබේ දරුවන්ට තේරුම් කර දිය යුතුයි.+ 9 ඔබේ අත්වල හා නළල්වල තිබෙන ලකුණක් මෙන් මෙම සැමරීම ඔබට සිහිවටනයක් වෙයි.+ යෙහෝවා දෙවිගේ නීතිය ගැන නිතරම කතා කිරීමටද එය ඔබට උපකාරවත් වෙයි.+ මන්ද යෙහෝවා දෙවි ඔබව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන ආවේ ඔහුගේ මහත් බලය යොදාගෙනයි.+ 10 ඔබට නියෝග කර තිබෙන මේ දේවල් සෑම අවුරුද්දකදීම නියම කරන ලද කාලයේදී ඔබ පැවැත්විය යුතුයි.+
11 “යෙහෝවා දෙවි ඔබටත් ඔබේ මුතුන්මිත්තන්ටත් දිවුරූ ලෙස+ කානානිවරුන්ගේ දේශයට+ ඔහු ඔබව ගෙන යයි. ඒ දේශය ඔහු ඔබට ලබා දුන් පසු 12 සෑම කුලුඳුල් දරුවෙකුම ඔබ යෙහෝවා දෙවිට කැප කළ යුතුයි.+ ඔබට අයිති සෑම කුලුඳුල් සතෙකුවද කැප කළ යුතුයි.+ මන්ද සෑම කුලුඳුල් පිරිමි දරුවෙකු මෙන්ම සෑම කුලුඳුල් පිරිමි සතෙකුම අයිති යෙහෝවා දෙවිටයි.+ 13 නමුත් බූරුවන් අතරින් සෑම කුලුඳුල් පැටියෙකුවම මුදවාගත යුතුයි. ඒ එක් එක් කුලුඳුල් පැටියා වෙනුවට බැටළුවෙකු බැගින් දිය යුතුයි. ඔබ එලෙස උන්ව මුදවා නොගන්නේ නම් උන්ගේ බෙල්ල කඩා දැමිය යුතුයි.+ ඔබ ගෙවීමක් කර ඔබේ සෑම කුලුඳුල් පුත්රයෙකුවද මුදවාගත යුතුයි.+
14 “පසු කාලයක ඔබේ දරුවන්, ‘මේ දේවල් කරන්නේ ඇයි’ කියා ඔබෙන් අසන විට ඔබ ඔවුන්ට මෙසේ කියන්න.+ ‘අපි වහලුන් ලෙස+ ජීවත් වූ ඊජිප්තු දේශයෙන් යෙහෝවා දෙවි අපිව පිටතට ගෙන ආවේ ඔහුගේ මහත් බලය යොදාගෙනයි.+ 15 පාරාවෝ සිත මුරණ්ඩු කරගෙන අපිට දේශයෙන් පිටත්ව යන්න අවසර දුන්නේ නැහැ.+ එවිට යෙහෝවා දෙවි ඊජිප්තුවරුන්ගේ සියලු කුලුඳුලන්ව මරා දැමුවා.+ කුලුඳුල් දරුවන්ට වගේම කුලුඳුල් සතුන්ටත් ඔහු පහර දුන්නා.+ එමනිසා සෑම කුලුඳුල් සතෙකුම යෙහෝවා දෙවිට අපි කැප කරනවා.+ නමුත් සෑම කුලුඳුල් පුත්රයෙක්වම අපි මුදවාගන්නවා.’+ 16 ඔබේ අත්වල තිබෙන ලකුණක්ද ඔබේ නළල්වල බැඳ තිබෙන පටියක්ද මෙන් මෙම සැමරීම ඔබට සිහිවටනයක් වෙයි.+ මන්ද යෙහෝවා දෙවි තම මහත් බලය යොදාගෙන අපිව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන ආවා.”+
17 පාරාවෝ සෙනඟට යන්න දුන් විට දෙවි ඔවුන්ව පිලිස්තිවරුන්ගේ දේශය මැදින් ගෙන ගියේ නැත. එය කෙටි මාර්ගයක් වුවත් ඔහු ඔවුන්ව ඒ මාර්ගයේ ගෙන ගියේ නැත. මන්ද, “ඊශ්‍රායෙල් සෙනඟට යුද්ධ කරන්න සිදු වුවහොත් ඔවුහු පසුබට වී ආපසු ඊජිප්තුවට හැරී යන්නෝය” කියා දෙවි කීවේය.+ 18 එහෙයින් දෙවි රතු මුහුද අසල තිබෙන පාළුකරය හරහා සෙනඟව ගෙන ගියේය.+ යුද්ධයට යන හමුදාවක් මෙන් ඊශ්‍රායෙල් සෙනඟ ඊජිප්තු දේශයෙන් පිටතට ගියෝය.+ 19 ඒ අවස්ථාවේදී මෝසෙස්, යෝසෙප්ගේ ඇටකටු රැගෙන ගියේය. මන්ද යෝසෙප් ජීවත්ව සිටියදී ඔහු ඊශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් මෙසේ දිවුරුම් ගත්තේය. “දෙවි අනිවාර්යයෙන්ම ඔබ දෙස බලා ඔබට කරුණාව දක්වයි.+ ඔබ මේ දේශයෙන් පිටත්ව යන විට මගේ ඇටකටු ඔබ සමඟ ගෙන යන්න.”+ 20 ඊශ්‍රායෙල් සෙනඟ සුක්කොත් සිට පාළුකරයේ කෙළවරේ තිබෙන ඒතාම් දක්වා ගමන් කර එහි කඳවුරු බැඳගත්තෝය.+
21 යෙහෝවා දෙවි ඔවුන්ට මඟ පෙන්වන පිණිස ඔවුන්ට ඉදිරියෙන් ගමන් කළේය. ඔහු දවාලේදී වලා ටැඹක්+ මාර්ගයෙන්ද රාත්රියේදී ගිනි ජාලාවක්+ මාර්ගයෙන්ද ඔවුන්ට මඟ පෙන්වූවේය. මෙසේ සෙනඟ දවල් කාලයේදීද රාත්‍රි කාලයේදීද ගමන් කළෝය. 22 දවල් කාලයේදී වලා ටැඹද රාත්‍රි කාලයේදී ගිනි ජාලාවද සෙනඟ ඉදිරියේ තිබිණ. එය කිසිවිටකත් පහව නොගියේය.+