ද්විතීය කතාව
13 “සමහරවිට ඔබ අතරින් කෙනෙක් අනාගතවක්තෘවරයෙකු+ ලෙස හෝ සිහින දකින්නෙකු+ ලෙස පෙනී සිට ඔබට යම් ලකුණක් දිය හැකියි.+ 2 ඔහු දුන් ලකුණ සැබෑ වෙන්නත් පුළුවන්.+ නමුත් ඔහු, ‘අපි දන්නේ නැති වෙනත් දෙවිවරුන් ළඟට ගොස් ඒ දෙවිවරුන්ට නමස්කාර කරමු’ කියා පැවසුවොත් 3 ඒ අනාගතවක්තෘ හෝ සිහින දකින්නා පවසන දේවලට ඔබ සවන් නොදිය යුතුයි.+ එවැනි දෙයකින් යෙහෝවා දෙවි ඇත්තටම බලන්නේ+ ඔබේ මුළු හදවතින්ම ඔබ ඔහුට ප්‍රේම කරනවාද කියායි. ඒ වගේම ඔහු වෙනුවෙන් ඔබේ මුළු ජීවිතයම කැප කර තිබෙනවාද කියාත් යෙහෝවා දෙවි බලනවා.+ 4 ඔබ ජීවත් විය යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවා දෙන මඟ පෙන්වීම්වලට අනුවයි. ඔබ ඔහුට ගරුබිය දක්වමින් ඔහුගේ අණපනත් පිළිපැදිය යුතුයි. ඔබ සවන් දිය යුත්තේ දෙවිගේ හඬට පමණයි. ඔහුට නමස්කාර කරමින් නිතරම ඔහු මතම රඳා සිටින්න.+ 5 ඒ අනාගතවක්තෘවරයා+ හෝ සිහින දකින්නා උත්සාහ කරන්නේ යෙහෝවා දෙවිට විරුද්ධව කැරලිගැසීමට ඔබව පොලඹවා දෙවි දෙන මඟ පෙන්වීම්වලින් ඔබව ඉවත් කරන්නයි.+ ඒ නිසා ඔහුව මරා දැමිය යුතුයි.+ ඔහුව මරා දමා ඒ දුෂ්ටකම ඔබ අතරින් සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න.+ ඊජිප්තුවේ වහලුන්ව සිටි ඔබව බේරාගත්තේ ඔබේ දෙවි වන යෙහෝවා බව මතක තබාගන්න.
6 “ඔබේ පුතා හෝ දුව හෝ ඔබේම ආදරණීය බිරිඳ හෝ එක කුසේ උපන් ඔබේම සහෝදරයා හෝ ඔබේ කිට්ටුම මිත්‍රයා+ හෝ රහසින් ඇවිත්, ‘අපි ගිහින් වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරමුද’+ කියා අසමින් ඔබව වරදට පොලඹවන්න ඉඩ තිබෙනවා. මෙසේ, ඔබවත් ඔබේ මුතුන්මිත්තන්වත් අසා නැති දෙවිවරුන්ට නමස්කාර කිරීමට ඔවුන් ඔබව දිරිගන්වන්න පුළුවන්. 7 නමුත් ඒ දෙවිවරුන් ඔබ අවට සිටින වෙනත් ජාතීන්ගේ දෙවිවරුන් බව මතක තබාගන්න. 8 ඒ නිසා ඔබ ඔවුන්ගේ ඉල්ලීමට එකඟ නොවිය යුතුයි. ඊට කොහොමටවත් සවන් දෙන්න එපා.+ එවැනි දෙයකට ඔබව පොලඹවන්න උත්සාහ කළ ඒ පුද්ගලයාට කිසිම අනුකම්පාවක් නොපෙන්වන්න.+ ඔහුට කිසිම ආරක්ෂාවක් දෙන්න එපා. ඔහු ගැන දුක් වෙන්නත් එපා. 9 ඔබ අනිවාර්යයෙන්ම ඔහුව මරා දැමිය යුතුයි.+ ඔහුව මරා දමන්න මුල්ම ගල එසවිය යුත්තේ ඔබයි. ඉන්පසුව සෙනඟටත් ඊට හවුල් විය හැකියි.+ 10 ගල් ගසා ඔහුව මරා දැමිය යුත්තේ+ ඊජිප්තුවෙන් ඔබව නිදහස් කළ ඔබේ දෙවි වන යෙහෝවාගෙන් ඔහු ඔබව ඈත් කරන්න උත්සාහ කළ නිසයි.+ 11 ඒ සිද්ධිය සියලුම ඊශ්‍රායෙල්වරුන්ට ආරංචි වූ විට, ඔවුන් ඒ ගැන බිය වී ඔබ අතරේ එවැනි දුෂ්ට දෙයක් නැවත කිසිදා සිදු නොකරයි.+
12 “ඔබේ පදිංචිය සඳහා යෙහෝවා දෙවි ඔබට ලබා දෙන යම් නුවරකින් ඔබට මෙවැනි දෙයක් ආරංචි විය හැකියි. 13 ‘කිසි කමකට නැති පිරිසක්,+ “අපි දන්නේ නැති වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරමු” කියා පවසමින් නුවරේ වැසියන්ව නොමඟ යවන්න උත්සාහ කරනවා.’+ 14 ඔබ ඒ ගැන හොඳින් සොයා බැලිය යුතුයි.+ ඊශ්‍රායෙල් සෙනඟ අතරේ එවැනි පිළිකුල්සහගත දෙයක් සිදු වී ඇති බව ඔප්පු වුණොත් 15 ඔබ ඒ නුවරේ වැසියන්ව කඩුවෙන් මරා දැමිය යුතුයි.+ ඒ නුවරේ සිටින සියලුදෙනාවත් ඔවුන් ඇති කරන සතුන්වත් මරා දමා, එහි ඇති සියල්ල සම්පූර්ණයෙන්ම විනාශ කර දැමිය යුතුයි.+ 16 ඒ නුවරෙන් එකතු කරගත් සියලු දේ ගෙනැවිත් එහි ප්‍රධාන මංසන්ධියේ ගොඩගසන්න. ඉන්පසුව නුවරත් එයින් එකතු කරගත් සියලු දේත් යෙහෝවා දෙවිට පූජාවක් ලෙස මුළුමනින්ම දවා දැමිය යුතුයි.+ එය සදහටම නටබුන් ගොඩක් විය යුතු අතර+ එය නැවත ඉදි කිරීමට ඔබට අවසර නැහැ. 17 දෙවි නියෝග කළ ලෙස විනාශ කළ යුතු කිසි දෙයක් ඔබේ පෞද්ගලික ප්‍රයෝජනයට නොගත යුතුයි.+ ඔබ ඒ සියල්ල විනාශ කළ විට යෙහෝවා දෙවිගේ දැවෙන උදහස පහ වී යන අතර+ ඔහු ඔබට දයාව පෙන්වයි.+ දෙවි ඔබේ මුතුන්මිත්තන්ට පොරොන්දු වූ ලෙස ඔබට ආශීර්වාද කර ඔබේ සෙනඟ බොහෝ සෙයින් වැඩිවීමට සලස්වයි.+ 18 ඔබ නිතරම යෙහෝවා දෙවිට ප්‍රසන්න දේ කළ යුතුයි.+ ඒ නිසා අද මා ඔබට කියා දෙන යෙහෝවා දෙවිගේ සියලුම අණපනත් පිළිපැද ඔහුගේ හඬට කීකරු වන්න.+