නික්මයාම
20 දෙවි මේ සියලු ආඥා දුන්නේය.+
2 “ඔබ බැළ මෙහෙවරකම් කළ ඊජිප්තු දේශයෙන් ඔබව පිටතට ගෙනා+ ඔබේ දෙවි වන යෙහෝවා මමය.+ 3 මා හැර වෙන කිසි දෙවි කෙනෙකුට ඔබ නමස්කාර නොකළ යුතුය.+
4 “රූප සාදා නොගන්න. අහසේ හෝ පොළොවේ හෝ ජලයේ හෝ තිබෙන කිසිම දෙයක හැඩයකට සමාන රූප සාදා නොගන්න.+ 5 ඔබ ඒවා ඉදිරියේ වැඳ නොවැටෙන්න. නමස්කාර නොකරන්න.+ මන්ද යෙහෝවා නම් වූ ඔබේ දෙවි වන මම වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය දැඩි ලෙස හෙළාදකින්නෙමි.+ මට වෛර කරන අයගේ වැරදිවලට ඔවුන්ගේ තුන්වෙනි හා හතරවෙනි පරම්පරා දක්වා මම ඔවුන්ට දඬුවම් කරන්නෙමි.+ 6 නමුත් මට ප්‍රේම කරන, මගේ ආඥා පවත්වන අයගේ පරම්පරා දහස් ගණනකට මම මහත් ප්‍රේමයක්* පෙන්වන්නෙමි.+
7 “යෙහෝවා යන ඔබේ දෙවිගේ නාමයට අගෞරවයක් ගෙන දෙන ආකාරයෙන් එම නාමය සඳහන් නොකරන්න.+ යෙහෝවා දෙවි වන මම මාගේ නාමයට අපහාස කරන සියලුදෙනාටම අනිවාර්යයෙන්ම දඬුවම් කරන්නෙමි.+
8 “සබත් දවස ශුද්ධ දවසක් බව මතක තබාගන්න.+ 9 ඔබ දවස් හයක් පුරා වෙහෙස මහන්සි වී වැඩ කරන්න.+ 10 නමුත් හත්වෙනි දවසේදී ඔබේ දෙවි වන යෙහෝවා වෙනුවෙන් සබතක් පවත්වන්න.+ ඔබත් ඔබේ දූපුතුන්වත් ඔබේ දාසදාසීන්වත් ඔබේ සතුන්වත් ඔබේ නුවරේ ජීවත් වන විදේශිකයන්වත් එදින කිසි වැඩක් නොකළ යුතුයි.+ 11 මන්ද යෙහෝවා දෙවි වන මම අහසද පොළොවද මුහුදද ඒවායේ තිබෙන සියල්ලද දවස් හයකින් සාදා+ හත්වෙනි දවසේදී විවේක ගත්තෙමි.+ යෙහෝවා දෙවි සබත් දවසට ආශීර්වාද කර එය ශුද්ධ දවසක් ලෙස වෙන් කර තැබුවේ ඒ නිසාය.+
12 “ඔබේ දෙවි වන යෙහෝවා ඔබට දෙන දේශයේ ඔබ බොහෝ කාලයක් ජීවත් වන පිණිස+ ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න.+
16 “වෙනත් කෙනෙකුට විරුද්ධව බොරු සාක්ෂි නොදෙන්න.+
17 “වෙනත් කෙනෙකුගේ නිවසට ආශා නොකරන්න. වෙනත් කෙනෙකුගේ භාර්යාවට+ හෝ ඔහුගේ දාසයාට හෝ දාසියට හෝ ගවයාට හෝ බූරුවාට හෝ ඔහුට අයිති වෙන ඕනෑම දෙයකට හෝ ආශා නොකරන්න.”+
18 කන්දෙන් දුම් නඟිනවාත් සමඟම විදුලි කෙටීම් හා ගිගුරුම් හඬ මැද මහා හොරණෑ ශබ්දයක් ඇසුණු විට සෙනඟ භයෙන් වෙවුලුවෝය. එහෙයින් ඔවුහු කන්ද ළඟට නොගියෝය.+ 19 ඔවුහු මෝසෙස්ට මෙසේ කීවෝය. “දෙවි අප සමඟ කෙළින්ම කතා කළොත් අපි මැරෙයි. ඒ නිසා දෙවි කියන දේ ඔබ ඇවිත් අපට කියන්න. අප ඒ අනුව ක්‍රියා කරන්නම්.”+ 20 එවිට මෝසෙස්, “භය වෙන්න එපා. සැබෑ දෙවි ඔබ ඉදිරියට ඇවිත් සිටින්නේ ඔබේ සිත් විමසා බලන්නයි.+ ඒ වගේම ඔහුට විරුද්ධව පව් නොකරන පිණිස ඔබ තුළ දෙවි කෙරෙහි ගරුබියක් ඇති කරන්නයි”+ කියා සෙනඟට කීවේය. 21 එහෙත් ඔවුහු කන්ද ළඟට ආවේ නැත. මෝසෙස් ගන වලාකුළ තිබෙන තැනට ගියේය. සැබෑ දෙවි එහි සිටියේය.+
22 යෙහෝවා දෙවි තවදුරටත් මෝසෙස්ට මෙසේ කීවේය.+ “ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ කියන්න. ‘මා ඔබ සියලුදෙනාට ස්වර්ගයේ සිට කතා කළ බව ඔබ දැන් දුටුවහුය.+ 23 මා හැර වෙන කිසි දෙවි කෙනෙකුට නමස්කාර නොකරන්න. නමස්කාර කරන පිණිස රන්වලින්වත් රිදීවලින්වත් දේවතා රූප සාදා නොගන්න.+ 24 පස්වලින් මට පූජාසනයක්+ ගොඩනඟා ඒ මත දවන පූජා හා හවුල් පූජා* ඔප්පු කරන්න. ඔබේ එළුවන්, බැටළුවන් හා ගවයන් ඒ මත ඔප්පු කරන්න.+ මාගේ නාමය ප්‍රකාශ කරන පිණිස මා තෝරාගන්නා ඕනෑම ස්ථානයකදී මම ඔබ ළඟ සිට ඔබට ආශීර්වාද කරන්නෙමි.+ 25 ඔබ මට ගල්වලින් පූජාසනයක් ගොඩනඟන්නේ නම් කැපූ ගල්වලින් එය නොසාදන්න. මන්ද ඔබ ආයුධයකින් එය කැපුවොත් පූජාසනය අපවිත්‍ර වන්නේය.+ 26 මාගේ පූජාසනය වෙතට ඔබ නැඟ යන විට ඔබේ නග්නභාවය නොපෙනෙන පිණිස පූජාසනයට යෑම සඳහා පඩි සාදා නොගන්න.’