ගීතාවලිය
සංගීත අධ්‍යක්ෂක වෙතය. කෝරාගේ පුත්‍රයන්+ රචනා කළ ගීතයකි. මස්කිල්.
44 දෙවියනි, ඔබේ ක්‍රියා ගැන අපි අසා ඇත්තෙමු.
ඈත අතීතයේදී+
එනම්, අපේ මුතුන්මිත්තන්ගේ කාලයේදී ඔබ කළ දේවල්+
අපේ පියවරු අපට පැවසුවෝය.+
2 සතුරු ජාතීන්ව ඔබේ බලයෙන් ඔබ එළවා දැමුවෙහිය.+
ඔවුන් වෙනුවට ඔබේ සෙනඟව ඔබ එහි පදිංචි කෙරෙව්වෙහිය.+
ඔබ විවිධ ජාතීන්ව පරාජය කර ඔවුන්ව විසුරුවාහැරියෙහිය.+
3 ඔබේ සෙනඟ ඒ දේශය හිමි කරගත්තේ ඔවුන්ගේම කඩුවෙන් නොවේ.+
ඔවුන්ට ගැලවීම ලැබුණේ ඔවුන්ගේම බලයෙන් නොවේ.+
ඔබේ දකුණතින්ය. එසේය, ඔබේ බලයෙන්ය.+ ඔබේ ආශීර්වාදයෙන්ය.
මන්ද ඔබ ඔවුන්ට ප්‍රේම කළෙහිය.+
5 ඔබේ උපකාරයෙන් අපි අපේ සතුරන්ව පලවාහරින්නෙමු.+
ඔබේ නාමය කෙරෙහි විශ්වාසය තබා අපට විරුද්ධව නැඟී සිටින්නන්ව අපි පාගා දමන්නෙමු.+
9 නමුත් දැන් ඔබ අපව අත්හැර ඇත. අපව නින්දාවට පත් වීමට ඔබ ඉඩහැර ඇත.+
ඔබ අපේ හමුදාවන්ට උපකාර කරන්නේද නැත.+
10 අපේ සතුරන් වෙතින් අපට පලා දුවන්න ඔබ සලස්වා ඇත.+
අපට බොහෝ සෙයින් වෛර කළ අයට, අපිට අයිති දේවල් කොල්ල කෑමට ඔබ ඉඩහැර ඇත.+
13 ඔබ අපව අපේ අසල්වාසීන් ඉදිරියේ නින්දාවට පත් කළෙහිය.+
ඔවුන් ඉදිරියේ අප විහිළුවක්ද සමච්චලයක්ද වීමට ඔබ සැලැස්වුවෙහිය.+
14 අපව ජාතීන් අතරේ නින්දාවට පත් වීමට ඔබ ඉඩ දුන්නෙහිය.+
අපට සමච්චල් කරමින් හිස වැනීමට ඔබ ඔවුන්ට ඉඩහැරියෙහිය.+
15 මා අද්දුටු නින්දාව දවස මුළුල්ලේම මට සිහි වන්නේය.
ලැජ්ජාව නිසා මම මාගේ මුහුණ වසාගත්තෙමි.+
16 නින්දා කරන්නාගේ හා අපහාස කරන්නාගේ කතා ඇසීමෙන් මම ලැජ්ජාවට පත් වුණෙමි.
සතුරන් හා පළිගන්නන් නිසාත් මම ලැජ්ජාවෙන් පසු වුණෙමි.+
17 මේ සියල්ලට අපි මුහුණ දුන්නත් අපි ඔබව අමතක නොකළෙමු.+
ඔබ අප සමඟ ඇති කරගත් ගිවිසුමට අපි ද්‍රෝහි නොවුණෙමු.+
19 හිවලුන් වසන ස්ථානයේදී ඔබ අපට පහර දුන්නත්+
ඝන අන්ධකාරයෙන් අපව වසා දැම්මත් අපි ඔබ ඉදිරියේ විශ්වාසවන්තව ක්‍රියා කළෙමු.+
20 අපට ඔබේ නාමය අමතක වුණා නම්,
නාඳුනන දෙවි කෙනෙකුට අපේ දෑත් දිගු කළේ නම්,+
21 දෙවි වූ ඔබ එය දැනගන්නේ නැද්ද?+
මන්ද සිතේ ඇති රහස් ඔබ දන්නෙහිය.+
22 ඔබට විශ්වාසවන්තව සිටින නිසා අපේ ජීවිතය සෑම දවසකම අවදානමක පවතී.
අපව මරණයට නියම කළ බැටළුවන් මෙන් ගණන් ගනු ලැබේ.+