2 තෙසලෝනික
2 නමුත් සහෝදරයෙනි, අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් පැමිණ සිටින කාලය*+ ගැනත් ඔහු සමඟ සිටීමට අපව එක් රැස් කරනු ලැබීම+ ගැනත් ඔබට යමක් කිව යුතුයි. 2 සමහරවිට යෙහෝවා දෙවිගේ විනිශ්චය ඉටු වන දවස+ ඇරඹී ඇතැයි කියා දෙවිගෙන් එළිදරව් වීමක් ලැබී ඇති බව+ හෝ යම් පණිවිඩයක් ලැබී ඇති බව+ හෝ අප විසින් ලියුමක් එවා ඇති බව+ හෝ ආරංචියක් පැතිර යා හැක. එවැනි ආරංචි ලැබුණු විට ඉක්මන් වී ක්‍රියා නොකරන්න. ඔබේ මනස අවුල් කර නොගන්න.
3 කිසිවෙකුට කිසි ලෙසකින්වත් නොරැවටෙන්න. මන්ද මුලින් මහ කැරැල්ල*+ ආරම්භ විය යුතුයි. පව්කාර මනුෂ්‍යයා+ කවුද කියාත් හෙළි විය යුතුයි.+ විනාශයට නියමිත තැනැත්තා+ නම් ඔහුය. ඒ දවස පැමිණෙන්නේ ඉන් අනතුරුවයි. 4 ඔහු විරුද්ධකාරයෙකි.+ “දෙවි” කෙනෙකු ලෙස හඳුන්වනු ලබන ඕනෑම කෙනෙකුට හෝ දේවත්වයේ ලා සලකන ඕනෑම දෙයකට විරුද්ධව ඔහු නැඟී සිටියි. එහෙයින් ඔහු තමා දෙවි කෙනෙකු ලෙස ප්‍රදර්ශනය වෙමින් දෙවිගේ මාලිගාවෙහිම අසුන්ගෙන සිටියි.+ 5 මා ඔබ සමඟ සිටි විටදීද ඒ දේවල් ගැන ඔබට පැවසූ බව+ මතක නැද්ද?
6 එහෙයින් දැනට ඔහුව මැඩපැවැත්වීමට ක්‍රියා කරන්නේ කවුරුන්ද+ කියා ඔබ දන්නහුය.+ නමුත් ඔහු කවුද කියා එළිදරව් වන්නේ නියමිත කාලයේදීය.+ 7 අභිරහසක් වන එම පව්කාර බලපෑම දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින බව සැබෑය.+ නමුත් එය අභිරහසක්ව පවතින්නේ එම බලපෑම මැඩපැවැත්වීමට ක්‍රියා කරන අය ඉවත් වන තුරු පමණි.+ 8 ඉන්පසු පව්කාර තැනැත්තා කවුද කියා හෙළි වනු ඇත. ස්වාමීන් වන යේසුස් තම මුවින් පිට කරන ප්‍රබල වචනවලින්+ ඔහුව නැති කර දමයි. ඔහුව සහමුලින්ම විනාශ කරනු ලබන්නේ යේසුස් පැමිණ සිටින බව*+ සියලුදෙනාටම පැහැදිලි වන අවස්ථාවේදීය.+ 9 පව්කාර තැනැත්තා දිගටම පවතින්නේ* සාතන්ගේ අණසක යටතෙහිය.+ ඔහු බොහෝ බලවත් ක්‍රියාද මුළා කරවනසුලු ආශ්චර්යයන්ද අමුතුම ආකාරයේ ලකුණුද සිදු කරමින්,+ 10 මිනිසුන්ව නොමඟ යැවීමට සෑම අධර්මිෂ්ඨ ක්‍රියාවක්ම කරයි.+ ඒ දේවලට හසු වන්නේ විනාශ වී යන අයයි.+ ඔවුන් ගැලවීමට මඟ පාදන+ සත්‍ය ඉගැන්වීම්වලට අවංක ඇල්මක් නොදක්වන නිසා+ ඊට දඬුවමක් ලෙස ඒ දේ විඳීමට ඔවුන්ට සිදු වේ. 11 ඔවුන් දිගටම එම බොරු දේවල් විශ්වාස කරන්නේ ඔවුන් තුළ එම මුළාකරවන බලපෑම ක්‍රියාත්මක වීමට දෙවි ඉඩහරින නිසාය.+ 12 එමනිසා ඔවුන් සියලුදෙනාවම විනිශ්චයට ලක් වනු ඇත. මන්ද ඔවුහු සත්‍ය ඉගැන්වීම් විශ්වාස නොකර+ අධර්මිෂ්ඨ දේවලට ආශාවක් දැක්වූහ.+
13 නමුත් යෙහෝවා දෙවිගේ ප්‍රේමය ලබා සිටින සහෝදරයෙනි, ඔබ ගැන නිතරම දෙවිට ස්තුති දීමට අපි බැඳී සිටින්නෙමු. මන්ද ඔබව තම බලයෙන්+ ශුද්ධ කිරීමෙන්*+ හා සත්‍ය ඉගැන්වීම් කෙරෙහි ඔබ දැක්වූ විශ්වාසය පදනම් කරගෙන+ ඔබට ගැලවීම ලබා දීම සඳහා දෙවි මුල සිටම ඔබව තෝරාගත්තේය.+ 14 ඒ අරමුණ ඉටු කරගැනීම සඳහා ඔහු ඔබව කැඳෙව්වේ අප ප්‍රකාශ කරන ශුභාරංචිය මාර්ගයෙනි.+ එහි ප්‍රතිඵලයක් ලෙස ඔබට අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ තේජස හිමි වනු ඇත.+ 15 එහෙයින් සහෝදරයෙනි, නොසැලී ස්ථිරව සිටින්න.+ ඔබ ඉදිරිපිටම පැවසූ දේවලින් හෝ අප වෙතින් ලැබූ ලිපියක් මාර්ගයෙන් හෝ උගන්වනු ලැබූ දේවලට තදින් ඇලී සිටින්න.+ 16 එලෙසම අපට ප්‍රේම කරන,+ මහත් කරුණාවක් පෙන්වීමෙන් සදාකාල සැනසිල්ලකුත් දීප්තිමත් බලාපොරොත්තුවකුත් ලබා දුන්+ අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගෙන් හා අපගේ පියාණන් වන දෙවිගෙන්, 17 ඔබේ සිත්වලට සැනසීමද සෑම යහපත් දෙයක් කිරීමට හා කීමට ඔබට ශක්තියද ලබා දෙන්න කියා ඉල්ලමු.+