2 කොරින්ති
4 දෙවි අපට දැක්වූ දයාව නිසා+ අපට මේ සේවය භාර දී තිබේ.+ අප අපගේ උත්සාහය අත් නොහැරීමට හේතුව එයයි. 2 හොර රහසේ කරන ලැජ්ජාසහගත දේවල් අපි දැනටමත් ප්‍රතික්ෂේප කර සිටිමු.+ අප කපටිකමින් නොහැසිරෙන අතර දේවවචනය විකෘති කරන්නේද නැත.+ ඒ වෙනුවට සත්‍යය ප්‍රකාශ කිරීමෙන් අප දෙවි ඉදිරියේ සියලු මිනිසුන්ගේ අනුමැතිය ලබමින් ඔවුන්ට යහපත් ආදර්ශයක් වෙමු.+ 3 නමුත් අප ප්‍රකාශ කරන ශුභාරංචිය වැස්මකින් වැසී තිබෙන්නේ විනාශ වන අයටය.+ 4 විශ්වාසයක් නැති එවැනි අයගේ මනස් මේ සමාජයේ දෙවියා+ අන්ධ කර ඇත.+ එමනිසා දෙවිගේ ස්වරූපයට සමානව සිටින+ ක්‍රිස්තුස් පිළිබඳ ශුභාරංචිය ගැන අප දේශනා කළත් අප පතුරුවන ඒ ශ්‍රේෂ්ඨ ශුභාරංචියේ+ ආලෝකය+ තමන් අතරේ බැබළෙන බව ඔවුන්ට පෙනෙන්නේ නැත.+ 5 ක්‍රිස්තුස් යේසුස් ස්වාමීන් බවත්+ අප යේසුස් උදෙසා සේවය කරන ඔබේ දාසයන් බවත්+ අපි දේශනා කරන්නෙමු. ඒ හැර අප දේශනා කරන්නේ අප ගැන නොවේ. 6 මන්ද, “අන්ධකාරයෙන් ආලෝකය බැබළෙන්න”+ කියා පැවසුවේ දෙවිය. ඒ දෙවිම ක්‍රිස්තුස්ගේ මුහුණ මාර්ගයෙන්+ අපගේ සිත් තුළට තම ආලෝකය විහිදුවා ඇත.+ ප්‍රතිඵලයක් ලෙස අපගේ සිත් දෙවි පිළිබඳ තේජවත් දැනුමෙන්+ ආලෝකවත් වී ඇත.
7 අප සතු ඒ වස්තුව+ අප දරන්නේ මැටි+ භාජනවලය.+ එයින් පැහැදිලි වන්නේ අප සතු බලය+ අපගේම ශක්තියෙන් උපදවාගත් දෙයක් නොව+ දෙවිගෙන් ලද+ සාමාන්‍යය ඉක්මවූ බලයක් වන බවය. 8 අපව සෑම ආකාරයකින්ම තළාපෙළා දැමුවත්+ අපගේ ගමන ඉන් නතර වන්නේ නැත. අප කොතරම් ව්‍යාකූල වී සිටියත් අපට ගැලවීමට මඟක් තිබෙන නිසා අපගේ බලාපොරොත්තු සුන් වන්නේ නැත.+ 9 අපට පීඩා කළත් අපව අත්හැර දමා නැත.+ අපව බිමටම ඇද දැමුවත්+ අපි විනාශ වන්නේ නැත.+ 10 අප කොතැනකට ගියත් යේසුස්ට මුහුණ දෙන්න සිදු වූ අවදානම්වලට මුහුණ දෙන්න අපටත් සිදු වේ.+ එමගින් යේසුස් ගත කළ ජීවිතය හා සමාන ජීවිතයක් අපටත්* ගත කිරීමට සිදු වන බව සියලුදෙනාටම පැහැදිලි වේ.+ 11 මන්ද අපි යේසුස් නිසා නිරතුරුවම මරණයට මුහුණ දීමේ අවදානමක සිටින්නෙමු.+ එසේ වන්නේ යේසුස් ගත කළ ජීවිතය අපගේ මිය යනසුලු ශරීර තුළින්ද පිළිබිඹු වීම සඳහාය.+ 12 එහෙයින් අපට මරණයට මුහුණ දෙන්න සිදු වුවත් එයින් ඔබට ජීවනය හිමි වේ.+
13 ලියවිලිවල සඳහන් වන්නේ, “මා තුළ තිබෙන විශ්වාසය නිසා කතා කළෙමි”+ කියාය. අප කතා කරන්නේ අප තුළත් එවැනිම විශ්වාසයක් තිබෙන නිසාය. 14 මන්ද යේසුස්ව නැඟිටෙවූ තැනැත්තා යේසුස් හා සමානව අප සියලුදෙනාවත් නැඟිටුවා අපව යේසුස් ඉදිරියට ගෙනෙන බව අපි දනිමු.+ 15 අප සෑම දෙයකටම මුහුණ දුන්නේ ඔබ නිසාය.+ එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝදෙනෙකු දෙවිට ස්තුති කිරීම නිසා දෙවිගේ අතිමහත් කරුණාව තව තවත් වැඩියෙන් ප්‍රකාශ වේ. එයින් දෙවිට ප්‍රශංසාව සහ ගෞරවය හිමි වේ.+
16 අපගේ උත්සාහය අප අත් නොහරින්නේ ඒ නිසාය. මන්ද අප පිටාතරින් දිරාපත් වෙමින් ගියත් අපගේ ඇතුළාන්තය+ දිනෙන් දින අලුත් වන බව නිසැකය. 17 අපට මුහුණ දීමට සිදු වන්නේ සුළු පීඩාවන්ටය. ඒවා පවතින්නෙත් කෙටි කලකටය.+ නමුත් එහි ප්‍රතිඵලයක් ලෙස අපට අතිමහත් මෙන්ම සදාකාලික තේජසක් හිමි වේ.+ 18 එහෙයින් අප නිරතුරුව බලා සිටින්නේ පෙනෙන දේවල් දෙස නොව නොපෙනෙන දේවල් දෙසය.+ මන්ද පෙනෙන දේවල් පවතින්නේ කෙටි කාලයකටය.+ නමුත් නොපෙනෙන දේවල් සදාකාලිකය.+