ගීතාවලිය
සංගීත අධ්යක්ෂක වෙතය. දාවිත් රචනා කළ ගීතයකි.
4 නමුත් ඒවායින් දෙන සාක්ෂිය මුළු පොළෝතලය පුරා පැතිරී යන්නේය.+
ඒවායින් කියාපාන දේ පොළොවේ කෙළවර දක්වාම පැතිරී යන්නේය.+
දෙවි සූර්යයාට කූඩාරමක් එහි සාදා ඇත.+
5 හිරු කුමරු, විවාහ යහනෙන් නික්මෙන මනාලයෙකු වැනිය.+
තමාගේ ගමන දිවීමට ප්රීතියෙන් සූදානමින් සිටින ශක්තිමත් මිනිසෙකු වැනිය.+
6 එය අහසේ එක් කෙළවරකින් නික්ම ඇවිත්
අනික් කෙළවරින් තම ගමන අවසන් කරයි.+
එහි රස්නය නොදැනෙන කිසිවක් නැත.+
7 යෙහෝවා දෙවිගේ නීතිය+ පරිපූර්ණය.+ එය කෙනෙකුව හරි මාර්ගයට ගෙනෙන්නේය.+
යෙහෝවා දෙවිගේ සිහිගැන්වීම්+ විශ්වාසවන්තය.+ ඒවා අද්දැකීම් අඩු තැනැත්තාට ප්රඥාව ලබා දෙන්නේය.+
9 යෙහෝවා දෙවි කෙරෙහි ඇති ගරුබිය+ කෙනෙකුව පවිත්ර කරන්නේය. එය සදහටම පවතින්නේය.
යෙහෝවා දෙවිගේ තීන්දු+ නිවැරදිය.+ ඒවා මුළුමනින්ම යුක්තිසහගතය.+
10 රන්වලට වඩා එසේය, පවිත්ර රන් රාශියකට වඩා ඒවාට ආශා විය යුතුය.+
ඒවා මීපැණිවලට+ එසේය, මීවදයෙන් වෑස්සෙන පවිත්ර මීපැණිවලට වඩා මිහිරිය.+