ගීතාවලිය
දාවිත් රචනා කළ ගීතයකි.
א [ආලෙෆ්]
25 යෙහෝවා දෙවියනි, මාගේ සියලු සිතුවිලි මම ඔබට දන්වන්නෙමි.+
ב [බේත්]
2 මාගේ දෙවියනි, මා විශ්වාසය තබන්නේ ඔබ කෙරෙහිය.+
එබැවින් මාව ලැජ්ජාවට පත් වීමට ඉඩ නොදෙන්න.
මාගේ දුකේදී මාගේ සතුරන්ට සතුටු වීමට ඉඩ නොදෙන්න.+
ג [ගීමෙල්]
3 ඔබ කෙරෙහි බලාපොරොත්තු තබන කිසිවෙක් ලැජ්ජාවට පත් නොවන්නේය.+
ලැජ්ජාවට පත් වන්නේ මට ද්‍රෝහිකම් කිරීමට උත්සාහ කරන අයය.+
ד [දාලෙත්]
ה [හේ]
ו [වාව්]
දවස පුරා මා බලාපොරොත්තු තබන්නේ ඔබ කෙරෙහිය.+
ז [ෂායින්]
6 යෙහෝවා දෙවියනි, ඔබ මහත් ප්‍රේමයකින්* පිරි+ දයාවන්ත දෙවි කෙනෙක් බව අමතක නොකරන්න.+
අතීතයේ සිටම ඔබ එම ගුණාංග විදහාපෙන්වා ඇත.+
ח [චේත්]
7 තරුණ වියේදී මා කළ පාපද මාගේ වැරදිද සිහි නොකරන්න.+
යෙහෝවා දෙවියනි, ඔබේ මහත් ප්‍රේමයත්*+
යහපත්කමත් මට පෙන්වන්න.+
ט [ටේත්]
י [යෝද්]
כ [කෆ්]
10 යෙහෝවා දෙවිගේ ගිවිසුම රකින,+ ඔහුගේ සිහිගැන්වීම්වලට කීකරු වන අයට+
ඔහුගේ සියලු මාවත්වල ප්‍රේමය* හා සැබෑකම සම්බ වන්නේය.
ל [ලාමෙද්]
מ [මෙම්]
12 යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් ඇති තැනැත්තා කවුද?+
ඔහු තෝරාගත යුතු මාර්ගය කුමක්ද කියා දෙවි ඔහුට කියා දෙන්නේය.+
נ [නුන්]
ס [සාමෙක්]
14 යෙහෝවා දෙවිට සමීප විය හැක්කේ ඔහු කෙරෙහි ගරුබියක් ඇති අයටය.+
තම ගිවිසුම ගැන දෙවි ඔවුන්ට උගන්වන්නේය.+
ע [ආයින්]
פ [පේ]
צ [ට්සාධේ]
ר [රේෂ්]
ඔවුහු මා සමඟ මහත් වෛරයකින් සිටිති. මට හිරිහැර කරන්න ඔවුහු නිතරම උත්සාහ කරති.+
ש [ෂින්]
20 මාගේ ජීවිතය රැක දෙන්න. මාව බේරාගන්න.+
මා ඔබගෙන් රැකවරණය පතන බැවින් මාව ලැජ්ජාවට පත් වීමට ඉඩ නොදෙන්න.+
ת [ටාව්]
21 මා විශ්වාසවන්තව කටයුතු කළ නිසාත් ප්‍රතිපත්තිගරුකව ක්‍රියා කළ නිසාත් එය මට ආරක්ෂාවක් වේවා!+
මන්ද මම ඔබ කෙරෙහි බලාපොරොත්තු තබමි.+
22 දෙවියනි, ඊශ්‍රායෙල්වරුන්ගේ සියලු විපත්තිවලින් ඔවුන්ව බේරාගන්න.+