ගීතාවලිය
දාවිත් රචනා කළ මික්ටැම්.*
16 දෙවියනි, මා ඔබේ රැකවරණය පතන නිසා මාව ආරක්ෂා කරන්න.+
2 මම යෙහෝවා දෙවිට මෙසේ කීවෙමි. “ඔබ යෙහෝවා දෙවිය. මා ගත කරන යහපත් ජීවිතයෙන් ඔබට ප්රයෝජනයක් තිබේද?+
3 මාගේ යහපත්කමින් ප්රයෝජන ලබන්නේ පොළොවේ සිටින ශුද්ධ තැනැත්තන්ය.
උතුම් අය වන ඔවුන් මාගේ සතුටය.”+
4 වෙනත් දෙවිවරුන්ව පිළිගන්නා අය බොහෝ වේදනා අද්දකිති.+
ඔවුන් පාන පූජා ලෙස ලේ ඔප්පු කරන විට මම ඊට සහභාගි නොවන්නෙමි.+
ඒ දෙවිවරුන්ගේ නම්වත් මාගේ මුවින් සඳහන් නොකරන්නෙමි.+
5 යෙහෝවා දෙවිට මා කරන සේවය මාගේ උරුමයයි.+ ප්රීතියෙන් පිරුණු මාගේ කුසලානයත් ඔහුයි.+
දෙවියනි, මාගේ උරුමය රක්ෂා කරන්නේද ඔබයි.
7 මට මඟ පෙන්වූ යෙහෝවා දෙවිට මම ප්රශංසා කරමි.+
මාගේ ඇතුළාන්තයටම කාවැදුණු ඒ මඟ පෙන්වීම් රාත්රී කාලයේදී මාව නිවැරදි කළේය.+
8 යෙහෝවා දෙවි සැමවිටම මා ඉදිරියේ සිටිනවා කියා මම විශ්වාස කරමි.+
ඔහු මාගේ දකුණු පැත්තේ සිටින නිසා මම නොසැලී සිටිමි.+
9 මාගේ පවිත්ර හදවත ප්රීතියෙන් ඉපිල යන්නේය. මම ප්රීතියෙන් ඉපිල යන්නෙමි.+
මාගේ ජීවිතය ගැන මා තුළ කිසි බියක් නැත.+