2 කොරින්ති
13 මෙය මා ඔබව හමු වීමට අදහස් කරගෙන සිටින තුන්වෙනි වතාවය.+ “සෑම කාරණයක්ම සාක්ෂිකරුවන් දෙදෙනෙකුගේ හෝ තුන්දෙනෙකුගේ හෝ සාක්ෂිය මත ස්ථිර කළ යුතුයි”+ කියා මතක තබාගන්න. 2 එහෙයින් මා දැන් ඔබෙන් දුරස් වී සිටියත් මා පවසන දේවල් සිතට ගන්න. දෙවෙනි වතාවටත් මා ඔබ ළඟම සිටිමින් මේ දේවල් පවසනවා කියා සිතන්න. මා කලින් පැවසූ ආකාරයට පව් කර ඇති අයටත් අන් සියලුදෙනාටත් මා අනතුරු අඟවන්නේ වැරදි දේවල් කරන අයට මගෙන් හික්මවීමක් අනිවාර්යයෙන්ම ලැබෙන බවය.+ 3 මා එසේ කියන්නේ ක්‍රිස්තුස් මා තුළින් කතා කරන බවට සාක්ෂි ඔබ සොයන නිසාය.+ එහෙයින් ක්‍රිස්තුස් ඔබ සමඟ කටයුතු කරන විට දුර්වල ආකාරයකින් නොව මහත් බලයකින් කටයුතු කරන බව ඔබට තේරෙයි. 4 ඔහුව වධකණුවක ඇණ ගසනු ලැබූ විට+ ඔහු යම් ආකාරයකින් දුර්වල තත්වයක* සිටි බව+ සැබෑය. නමුත් දෙවිගේ මහත් බලය නිසා ඔහු දැන් ජීවමානව සිටියි.+ එලෙසම ඔහු කලින් දුර්වලව සිටි ලෙසම අපත් දැන් දුර්වලව සිටියත් අපි ඔහු සමඟ ඉදිරියේදී ජීවත් වන්නෙමු.+ එසේ වන්නේ ඔබ අතරත් ක්‍රියාත්මක වන දෙවිගේ බලය මාර්ගයෙනි.+
5 ඔබ විශ්වාස කරන සත්‍ය ඉගැන්වීම්වලට ඔබ ඇලී සිටිනවාද කියා නොකඩවා සෝදිසි කර බලන්න. ඔබ කුමනාකාරයේ පුද්ගලයන්ද කියා නිරතුරුවම පරීක්ෂා කර බලන්න.+ යේසුස් ක්‍රිස්තුස් ඔබ සමඟ එකට බැඳී සිටින බව ඔබට අවබෝධ වී නැද්ද?+ නමුත් ඔබට දෙවිගේ අනුමැතිය නැත්නම් ඔබට ක්‍රිස්තුස් සමඟ එකට බැඳී සිටිය නොහැකියි. 6 අපට දෙවිගේ අනුමැතිය තිබෙන බව ඔබට දැනගත හැකි වෙයි කියා මම සැබවින්ම බලාපොරොත්තු වෙමි.
7 ඔබ අතින් කිසි වරදක් සිදු නොවන්න කියා ඉල්ලා අපි දැන් දෙවිට යාච්ඤා කරන්නෙමු.+ අප එසේ කරන්නේ දෙවිගේ අනුමැතිය ඇති අය ලෙස පෙනී සිටීමට අපට අවශ්‍ය නිසා නොව ඔබ යහපත කරනවා දැකීමට අපට අවශ්‍ය නිසාය. 8 මන්ද සත්‍යය උදෙසා+ මිස සත්‍යයට විරුද්ධව අපට කිසි දෙයක් කළ නොහැක. 9 ඔබ ශක්තිමත් විශ්වාසයක් ඇති අය ලෙස කටයුතු කරන විට+ ඔබට විරුද්ධව දැඩි පියවර ගැනීමට අවශ්‍ය නොවන නිසා අපට එය ඇත්තටම ප්‍රීතියක් බව මතක තබාගන්න. අවශ්‍ය පැතිවලින් යම් සකස් කිරීම් කරන්න ඔබට හැකියාව ලැබෙන්න කියා අපි යාච්ඤා කරන්නෙමු.+ 10 ඔබෙන් දුරස්ව සිටින මා, මේ දේවල් ඔබට ලියා එවන්නේ යම් හේතුවක් නිසාය. එනම් මා ඔබ වෙතට පැමිණි පසු ස්වාමීන් මට දී ඇති අධිකාරියට එකඟව දැඩි පියවර ගැනීමට මට සිදු නොවීම සඳහාය.+ මන්ද ස්වාමීන් මට ඒ අධිකාරිය දුන්නේ ඔබව අධෛර්යය කිරීමට නොව ගොඩනැංවීමටය.+
11 සහෝදරයෙනි, අවසන් වශයෙන් මා ඔබට මෙම දිරිගැන්වීම් ලබා දීමට කැමතිය. දිගටම ප්‍රීතියෙන් සිටින්න. ඔබ සිතන ආකාරය නිරතුරුව සකස් කරගන්න. අන් අයගෙන් ලබන සැනසිල්ල අගය කරන්න.+ එකඟතාවකින් කටයුතු කරන්න.+ සමාදානයෙන් ජීවත් වන්න.+ ඔබ එසේ කළොත් ප්‍රේමයද සමාදානයද+ ලබා දෙන දෙවි ඔබ සමඟ සිටිනු ඇත. 12 සහෝදර සෙනෙහසකින් එකිනෙකාව සිඹගනිමින් එකිනෙකාට සුබ පතන්න.+ 13 සියලුම ශුද්ධ තැනැත්තෝ ඔබට තම සුබ පැතුම් එවති.
14 ඔබ සැමට ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ මහත් කරුණාවද දෙවිගේ ප්‍රේමයද අප සියලුදෙනා හවුලේ භුක්ති විඳින දෙවිගේ බලයද ලැබේවා!+