නික්මයාම
31 යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. 2 “යූදා ගෝත්‍රයට අයත් හූර්ගේ පුත්‍රයා වන උරීගේ පුත්+ බෙසලෙල්ව+ මම කැඳවන්නෙමි. 3 ඔහුට ප්‍රඥාව, දැනුම හා තේරුම්ගැනීමේ හැකියාව ලැබෙන පිණිසත් සියලු ශිල්ප ක්‍රමවල ඉතා දක්ෂ ලෙස යෙදීමට හැකි වන පිණිසත් මම මගේ බලය ඔහුට නොඅඩුව දෙන්නෙමි.+ 4 එවිට වැඩ සැලසුම් කිරීමට, රන්, රිදී හා තඹ කැටයම් කිරීමට,+ 5 මැණික් ගල් කැපීමට, ඒවා එබ්බවීමට+ සහ වඩු වැඩ කිරීමට ඔහුට හැකියාව ලැබෙයි. සියලු කර්මාන්ත කිරීමට අවශ්‍ය දක්ෂතාව මම ඔහුට ලබා දෙන්නෙමි.+ 6 බෙසලෙල්ට උදව් කරන පිණිස මම දාන් ගෝත්‍රයට අයත් අහිසාමක්ගේ පුත්‍රයා වන ඔහොලියාබ්ව+ පත් කරන්නෙමි. විවිධ කර්මාන්තවලට දක්ෂ වූ* සියල්ලන්ට මම ප්‍රඥාව ලබා දෙන්නෙමි. මා ඔබට අණ කළ ලෙස ඔවුන් මේ සියලු දේවල් සෑදිය යුතුයි.+ 7 සම්මුඛ වීමේ කූඩාරමද+ ගිවිසුම් පෙට්ටිය+ සහ එහි පියනද+ කූඩාරමේ සියලු වැඩකටයුතු සඳහා ගන්නා භාණ්ඩද 8 මේසය+ සහ ඒ මත තබන භාණ්ඩද පවිත්‍ර රනින් සෑදූ පහන් රුක සහ එහි සියලු මෙවලම්ද+ සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන පූජාසනයද+ 9 දවන පූජා ඔප්පු කරන පූජාසනය+ සහ එහි සියලු භාජනද වතුර භාජනය සහ එහි ආධාරකයද+ 10 මනා ලෙස වියන ලද නිල වස්ත්‍රද පූජක ආරොන්ගේ ශුද්ධ වස්ත්‍රද පූජකයන් ලෙස සේවය කරන ඔහුගේ පුත්‍රයන්ගේ වස්ත්‍රද+ 11 ශුද්ධ තෛලයද ශුද්ධස්ථානයේ භාවිත කිරීම සඳහා සුගන්ධවත් ද්‍රව්‍යද ඔවුන් සෑදිය යුතුයි.+ මම ඔබට අණ කළ ලෙසම ඔවුන් ඒවා සෑදිය යුතුයි.”
12 යෙහෝවා දෙවි තවදුරටත් මෝසෙස්ට මෙසේ කීවේය. 13 “ඔබ ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ කියන්න. ‘මා නියම කළ සබත් දිනයන් ඔබ නොවරදවාම පැවැත්විය යුතුයි.+ මන්ද ඔබ සමඟ මා පිහිටුවා ඇති ගිවිසුමට එය ලකුණකි. ශුද්ධ සෙනඟක් ලෙස ඔබව වෙන් කර තබන්නේ යෙහෝවා දෙවි වන මා බව එම ලකුණ ඔබේ සියලු පරම්පරාවලදී ඔබට සිහි කරනු ඇත.+ 14 ඔබ සබත් දවස පැවැත්විය යුතුයි. මන්ද එය ශුද්ධ දවසකි.+ යමෙක් සබත කඩ කළොත් ඔහුව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+ එදින වැඩ කරන කවරෙකු වුවත් මරා දැමිය යුතුයි.+ 15 දින හයක් ඔබට වැඩ කිරීමට පුළුවන. නමුත් හත්වන දවස සබත් දිනයකි. එදින ඔබ මුළු දවසම කිසි වැඩක් නොකර විවේකයෙන් ගත කළ යුතුයි.+ මන්ද යෙහෝවා දෙවි වන මම එය ශුද්ධ දවසක් ලෙස සලකමි. එදින වැඩ කරන කවරෙකුව නමුත් අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි. 16 ඊශ්‍රායෙල් සෙනඟ ඔවුන්ගේ සියලු පරම්පරාවලදී සබත පැවැත්විය යුතුයි. එය මා ඔවුන් සමඟ දිගු කාලයකට ඇති කරගන්නා ගිවිසුමකි.+ 17 එය දිගු කාලයකට මා හා ඊශ්‍රායෙල් සෙනඟ අතරේ ලකුණක් වශයෙන් තිබෙනු ඇත.+ මන්ද යෙහෝවා දෙවි වන මම අහසද පොළොවද මුහුදද දවස් හයකින් සාදා, හත්වෙනි දවසේදී විවේක ගත්තෙමි.’”+
18 සීනයි කන්දේදී මෝසෙස් සමඟ කතා කර අවසන් වූ විට දෙවි සාක්ෂියක් ලෙස ගල් පුවරු දෙකක් ඔහුට දුන්නේය.+ එම ගල් පුවරු දෙක ලියනු ලැබුවේ දෙවිගේ බලයෙන්ය.*+