1 කොරින්ති
5 ඇත්තෙන්ම ඔබ අතරේ වේශ්‍යාකම්*+ කරන කෙනෙකු සිටින බව අපට ආරංචි වී ඇත. දෙවිට සේවය නොකරන අය අතරේ පවා මෙතරම් පිළිකුල්සහගත වේශ්‍යාකමක් දක්නට නැත. මන්ද එක්තරා මිනිසෙක් තම පියාගේ භාර්යාව තමාගේ භාර්යාව ලෙස තබාගෙන සිටියි.+ 2 ඔබ දැන් ඒ ගැන කරමින් සිටින්නේ කුමක්ද? සිදු වන දේ ගැන ඔබ ආඩම්බරයෙන් සිටිනවාද?+ ඇත්තෙන්ම ඒ ගැන ශෝක වී+ ඒ දේ කර ඇති මිනිසාව ඔබ අතරින් ඉවත් කර දැමිය යුතුයි+ කියා ඔබ සිතන්නේ නැද්ද? 3 මා ඇත්තටම ඔබ සමඟ නොසිටියත් මම සිතින් ඔබ සමඟ සිටිමි. එහෙයින් ඔබ අතරේ සිටින කෙනෙකු මෙන් ඒ ක්‍රියාව කළ මිනිසා ගැන මා දැනටමත් විනිශ්චයක් කර හමාරය.+ 4 එහෙයින් යේසුස් ක්‍රිස්තුස් ඉදිරියේම මා ඔබට පවසන්නේ ඒ මිනිසාව විනිශ්චය කළ යුතු ආකාරය ගැන මා දරන ආකල්පයම දරමින් අපගේ ස්වාමීන් වන යේසුස්ගේ බලය ඇතුව ඔබ රැස් වන විට,+ 5 ඔබ ඒ මිනිසාව සාතන්ට භාර දිය යුතු බවය.+ එසේ කිරීමෙන් ඒ මිනිසාගේ පව්කාර බලපෑම නැති කර දැමිය හැකි අතර ස්වාමීන්ගේ දවස දක්වා+ සභාවේ යහපත් වාතාවරණයක්+ තබාගැනීමට හැකි වේ.
6 ඇත්තෙන්ම ආඩම්බර වීම සඳහා+ ඔබට කිසි හේතුවක් නැත. මුහුන් ටිකකින් මුළු පිටි පිඩම+ පිපෙන+ බව ඔබ දන්නේ නැද්ද? 7 එහෙයින් මුහුන් ඇති පරණ පිටි පිඩ ඉවත් කර දමා අලුත් පිටි පිඩක් බවට පත් වන්න.+ ඇත්තෙන්ම අපගේ පාස්කු යාගය+ වන ක්‍රිස්තුස්ව+ පූජා කර ඇති නිසා+ ඔබ මුහුන්වලින් නිදහස් විය යුතුයි. 8 එහෙයින් අපි එම උත්සවය+ පරණ මුහුන් සහිතව+ එනම්, දුෂ්ටකම+ හා නපුරුකම ඇති අය සමඟ නොපවත්වා,+ මුහුන් නොදැමූ රොටි වන අවංක හා සත්‍යවාදී අය සමඟ සමරමු.+
9 ඔබ තවදුරටත් වේශ්‍යාකම්* කරන අය සමඟ ඇසුරු නොකළ යුතු බව මා කලින් ඔබට ලියූ ලිපියක සඳහන් කළෙමි. 10 මා එයින් අදහස් කළේ මේ ලෝකයේ+ සිටින සියලුම වේශ්‍යාකම් කරන අය සමඟවත්+ කෑදරකමින් ක්‍රියා කරන අය සමඟවත් අනුන්ගේ දේ අයුතු ලෙස ලබාගන්නා අය සමඟවත් රූප වන්දනාවේ නිරත වන අය සමඟවත් ඔබේ ආශ්‍රය නවතා දැමිය යුතු බව නොවේ. මන්ද එසේ කිරීමට නම් ඔබට මේ ලෝකයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීමට සිදු වේ.+ 11 මා දැන් ඔබට ලියන්නේ එවැනි දේවල් කරන සහෝදරයන් ගැනය. එහෙයින් යම් සහෝදරයෙක් වේශ්‍යාකම් කරන්නෙකු ලෙසද කෑදරකමින් ක්‍රියා කරන කෙනෙකු+ ලෙසද රූප වන්දනාවේ නිරත වන කෙනෙකු ලෙසද අනුන්ට නින්දා කරන්නෙකු ලෙසද බේබද්දෙකු ලෙසද+ අනුන්ගෙන් අයුතු ලෙස දේවල් ලබාගන්නෙකු ලෙසද කටයුතු කරනවා නම් ඔබ තවදුරටත් ඔහු සමඟ ආශ්‍රය නොකළ යුතුයි.+ එවැනි මිනිසෙකු සමඟ ඔබ එකට ඉඳ ආහාර වේලක්වත් නොගත යුතුයි. 12 ඇත්තෙන්ම සභාවට අයත් නොවන අයව විනිශ්චය කිරීම මගේ කාර්යයක් නොවේ.+ ඔබ විනිශ්චය කළ යුත්තේ සභාව තුළ සිටින අයවයි.+ 13 පිටත සිටින අයව විනිශ්චය කරන්නේ දෙවිය.+ “එහෙයින් ඔබ අතරින් ඒ දුෂ්ට මිනිසාව ඉවත් කර දමන්න.”+