11 එතකොට ආබ්රහම් එයාට මෙහෙම කිව්වා. “මෙහේ ඉන්න කවුරුත් දෙවියන්ට පොඩ්ඩක්වත් බය නැහැ කියලයි මට හිතුණේ. ඒ නිසා මගේ බිරිඳව ගන්න මාව මරයි කියලා මං බය වුණා.+ 12 අනික, එයා ඇත්තටම මගේ නංගි කෙනෙක්. අපි දෙන්නාගේ අම්මලා වෙනස් වුණාට තාත්තා එක් කෙනෙක්. මම එයාව විවාහ කරගත්තා.+