-
යොෂුවා 24:6, 7ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
6 මං ඔයාලාගේ තාත්තාලව ඊජිප්තුවෙන් එළියට අරන් ඇවිත්+ රතු මුහුද ළඟට ගෙනාවාම ඊජිප්තුවරු යුධ රථවලයි, අශ්වයන්ගේ පිටෙයි නැඟලා එයාලාගේ පස්සෙන් එළවගෙන ආවා.+ 7 ඒ වෙලාවේ එයාලා කෑගහලා යෙහෝවා වන මගෙන් උදව් ඉල්ලුවා.+ එතකොට මං එයාලව ආරක්ෂා කරන්න ඊජිප්තුවරුනුයි, එයාලයි අතරේ අඳුරු වලා ටැඹක් තිබ්බා. ඊටපස්සේ මං ඊජිප්තුවරුන්ව මුහුදේ ගිලෙන්න සැලැස්සුවා.+ මං ඊජිප්තුවේදී කරපු ඒ හැම දෙයක්ම එයාලා ඇස් දෙකෙන්ම දැක්කා.+ ඊටපස්සේ අවුරුදු ගාණක් එයාලා පාළුකරයේ ජීවත් වුණා.+
-
-
නෙහෙමියා 9:10, 11ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
10 ඔබ බලවත් ක්‍රියා සහ පුදුම දේවල් කරලා පාරාවෝටත් එයාගේ සේවකයන්ටත් දේශයේ හැමෝටමත් දඬුවම් කළා.+ මොකද එයාලා ඔබේ සෙනඟට විරුද්ධව උද්ධච්ච විදිහට වැඩ කළා.+ ඔබ කරපු ඒ හැම දේකින්ම ඔබේ ශ්‍රේෂ්ඨ නම ගෞරවයට පත් වුණා. ඔබ කරපු ඒ කිසි දෙයක් අදටත් අමතක වෙලා නැහැ.+ 11 දෙවියනි, සෙනඟ බලන් ඉද්දී ඔබ මුහුදේ ජලය දෙපැත්තට බෙදලා එයාලට ඒ මැදින් යන්න වියළි බිමක් හැදුවා.+ එයාලව පන්නගෙන ආපු සතුරන්ව ඔබ විනාශ කළා. හරියට කැලඹුණු මුහුදට වීසි කරපු ගල් කැටයක් වගේ එයාලා මුහුදු පතුලටම ගිලිලා ගියා.+
-